බලපත්‍රය අවසන් වීමෙන් පසුවද ඇරව්වල ගෙදරක තබාගෙන සිටි අලිපැටියා බැලීමට වන ජීවී ඇමති විජය විජිත්මුණිද මහතා අද එහි ගියේය.
අලි ඇතුන්ගේ ආරක්ෂාවට ගත යුතු බොහෝ දේ ගැන එහිදී මාධ්‍යවේදීන් සමග ඔහු කතා කලද මෙම අලිපැටියා අවසරයක් ඇතිව තබා ගත්තේද යන ප්‍රශ්ණය ගැන පැහැදිලි පිළිතුරක් දුන්නේ නැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වන ජීවීන් කියන්නේ මොක්කුද කියලා එයාගෙන් අහන්න තිබුනේ. (අ)
අලි පැටියෝ පින්නවලට යන්න වෙයි (දී)
බලපත්‍රය අවසන්නම් නැවත එය දීර්ඝ කර ගන්න (දී)
අලි පැටියා රට පටවන වැඩේ යෝජනා කලේ කවුද (දී)
අත්තටම ගෙයක් ඇතුලේ අලි පැටියෙක් ඇති කරන්න පුලුවන්ද? (දී)
නිතිය ඉෂ්ඨ කරන්න කියලා සතාට නම් අසාධාරණයක් කරන්න එපා (දී)
ඉමන්ත කතා කරන්නේ කොහේ තියෙන නීතියක් ගැනද?(අ)
අර වනාන්තර වලින් හොරකම් කල අලි පැටව 63 දෙනා ගැන ගරු ඇමති තුමා දන්නවාද? හැබැටම දන්නවනම් මොනවා හරි කියමුකෝ ඒ ගැනත්. (අ)
ඇමති තුමනි සත්තු වෙනුවෙන් ඔබ දක්වන ඇල්ම හා සානුකම්පිත කම ගැන අපි ඔබට ස්තුති වන්ත වෙමු (දී)
මේ ඇමති තුමාගේ වැඩ දැනගන්න ඕනනම් FM නාලිකාවක උදේ වැඩසටහන් අහන්න හෝ වෙබ් එකේ බලන්න.(දී)
අනේ ඇත්තට ලේකම්ලාගේ පටන් පියුන්ලා දක්වා නිලධාරීන් හැටහුටහමාරක් ඉන්න අමාත්‍යාංශයක් තියෙද්දී ඇමති තුමාටම අලි බලන්න වෙච්ච හැටි. අමාත්යන්ශේ සියලුම දෙනාට ඇමති තනතුරු දුන්නනම් ඔයිට වැඩිය හොඳ නැතිද?(දී)
ඔය අහිංසකයා පින්නවල නම් යවන්න එපා.පින්නවල වැඩකරන්නේ අලුගෝසුවෝ වගයක්.උන් ඔක්කොම එළවලා සත්තුන්ට ආදරය කරන හොඳ මිනිස්සු ටිකක් පින්නවලට පත්කරන්න.කිසිම දේශපලකයෙක්ට පින්නවල පැත්ත පලාතක එන්න දෙන්න එපා.ඒ අය තමයි පින්නවල කෑවේ.(අ)
විපක්‍ෂයට අලියා ලකුන තියෙන තෙක් අලින්ට අපල කාලයකි. (අ)
මොකද ඌවත් පිට පාරෙන් කොරියා යවන්නද? (නදී)
මීගමුව පැත්තේ සිදුකල අසාර්ථක මත්ද්‍රවය වැටලීමකට පස්සේ රටේ ඉහල කෙනෙක් ඒ ගෙදරට ගිහිල්ලා තමන්ගේ සහයෝගය පලකලා වගේ මේ ඇමති තුමාත් යන්න ඇත්තේ මේ අලි හොරුන්ට සහයෝගය පලකරන්න. නැතිනම් අලිපටියා තියාගත්තේ හොරෙන්ද, නීතයානුකුලවද කියලා කියන්න බැරි කමක් නැහැනේ. බලපත්‍ර දෙන අමාත්‍යන්සේ ලොක්කා, බලපත්‍ර ගැන දැනගත යුතු නේ? (නදී)
ඇවිත් බැලුවේ හොඳකට නම් නෙවේ. තව ටික දවසකින් අලි පැටියා අතුරුදහන්. මොනවාද ඔට්ටු? (නධී)
මේවාට දේශපාලන බලපෑම් තියෙනවා ඒවාත් සොයා බලන්න (දිල්)