අනුරාධපුර ගල්කුලම කුත්තිමඩුව වෙල්යායේ බලු ප්‍රහාරයකට ලක් වෙමින් සිටි සතියක පමණ අලි පැටවකු බේරා ගත් බව වනජීවී නිලධරයෝ කියති.
දුර්වල තත්ත්වයේ සිටි මේ අලි පැටවා මවගෙන් මග හැරෙන්නට ඇතැයි ප්‍රතිකාර කරන වයඹ වනජීවී කලාපවේ පශු වෙවද්‍ය දොස්තර චන්දන ජයසිංහ මහතා පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුංචි වයසෙදි නම් කාගෙත් අනුකම්පාව ලැබෙනවා. ඒත් කරදඩු උස් වුනාම බලන්න එපැයි තියෙන නපුරුකම.(නදී)
ඉක්මනින් මව සොයා බාර දෙන්න.(නදී)
අලි පැටියෝ කැලේ හිටියොත් වෙඩි කාල හරි වස කාල හරි එකවිට මැරෙන්න පුළුවන්. සත්තු වත්තට හරි පින්නවලට හරි පන්සලකට හරි ගියොත් ජීවිත කාලෙම මැරි මැරී ඉන්න පුළුවන්. කැමති නම් මරණය තෝරාගන්න. කැලේ ගියත් තෝ නසී මෙහෙ හිටියත් තෝ නසී.(නදී)
අලි පැටියට ඉක්මන් සුවය ලැබේවා! .පින්නවලනම් යවන්න එපා. එහෙම උනොත් බේරාගත්තු එකෙනුත් වැඩක් නැති වේවි.(නදී)
අලින්ට පුදුම අපල කාලයක්නෙ මේක . (නදී)
මිනිස්සු මදිවට බල්ලොත්.......(අ)
සතුන් වත්තට හරි පින්නවලට හරි යැවුවොත් දවසින් මැරෙනවා. (අ)
අලි පැටියෝ, ප්‍රවේසම් වෙන්න. ඉක්මන් සුවය ඔයාට ලැබේවා.(අ)
අලි පැටියෝ ඔය ලොකු වෙලා බල්ලෝ ඔක්කොම උස්සල විසිකරලා දන්න(දිල්)
අලි පුංචට ඉක්මන් සුව පතනවා (අ)
අලි පුංච හරිම වාසනාවන්ති (අ)
මේකේ කොමෙන්ට්ස් දාන අය නොයෙකුත් දේශපාලන, සමාජමය , ප්‍රශ්න වලදී එකිනෙකාට එරෙහිව අදහස් පල කලාට මේවාගේ සංවේදී කරුණකදී එකාවන්ව පලකරන අදහස් වලින් අපි හැමෝම "හදවත් ඇත්තෝ"" කියන එක තේරෙනවා. (නදී)
අලි පුංචට ඉක්මන් සුව පතනවා. (අ)
ඉක්මනින් මවට බාරදෙන්න (දිල්)
අලියෙක් වුනත් පැටියෙක් දෙවියනේ..?ඉක්මන් සුවය ලබා මව වෙත ඇරලවන්න. (නදී)
පව් අනේ.(නදී)
ඔයා ඉක්මනට සනීප වෙන්න.(නදී)
දේශපාලන ලොක්කෙකුට අහුවුනා නම් ඉවරයි. පිටරකට තෑගී වශයෙන් පරිත්‍යාග කරාවී.(නදී)
අලි පුන්චාට හොඳටෝම කේන්ති ගියා නේද? රවාගෙන ඉන්න ලස්සන. අනේ ඔයාට වන ජීවි තුමාලගේම සරණයි. (නදී)
වනජීවී කලාපයේ පශු වෛද්‍ය දොස්තර චන්දන ජයසිංහ මහතාට ගොඩක් පිං.(නදී)
මම අලින්ට ගොඩක් ආදරෙයි. පව් පැංචට ඉක්මන් සුවය මගේ හදවතින්ම ප්‍රර්ථනා කරමි.(නදී)
පුලුවන්නම් එයාගේ අම්ම ලගට ගිහින් දාන්න. (නදී)
අලි පැටියෝ , සත්තු වත්තට හරි පින්නවල හරි යැව්වේ නැත්නම්, ලොකු වුනාම, හක්ක පටස් කාල හරි, කොචියේ හැප්පිලා හරි , වෙඩි කාල හරි , වස කාල හරි මැරෙන්න පුළුවන්, අපි නොදන්නා ලනකාවේ සත්ව කරුණාව. සාධු සාධු. (දී)
මෙවැනි සංවේදනීය පුවතකින් පවා හදවත් අනුකම්පාවෙන් තෙත් කර ගන්න පාඨකයින් පිරිසක් ලංකාදීප පුවත් පත වටා එක් රොක්වී සිටීමත් ජාතියේ වාසනාවක්. ඇත් පැටවා ඉක්මනින් සුවපත් වේවා! (දී)
අලි පුංචට ඉක්මන් සුවය! (නදී)
බුදු සරණින් දෙවි පිහිටෙන් නුඹට ඉක්මන් සුවය ලැබේවා. නුඹට නුඹගේ මවගේ ආදරය ඉක්මනින් ලැබේවා. (නදී)
අනේ කරුණාකරලා සත්තු වත්තට හරි පින්නවලට හරි යවන්නනම් එපා. (නදී)
අලි පුංචට ඉක්මන් සුවය! (නදී)
අනේ කොහොම හරි ඔය අලි පුන්චව සනීප කරන්න.(නදී)
ලෙහෙසියන් ඇතින්නට දරුවා මග ඇරෙන්නේ නෑ. මේ සිදුවීම් වල මොකක් හරි තියනවා . අනේ අපෝයි දරුවා අම්මගෙන් වෙන් කරන්න එපා ලොකු පාපයක් . මනුසත් බව දරු දුක දන්නා වග කිවයත්තන්ගේ ගේ ඇස ගැටේවා ! (නදී)