නවගත්තේගම බුද්ධි ආසිරිගම නිවසකට අලි පැටියෙක් අද අලුයම රිංගා ගත්තේය.
වයස අවුරුදු පහක් පමණ වන මේ අලි පැටියා දින කිහිපයක්ම මේ ගමේ සැරිසැරු බව කියති. නිවසට ද හානි සිදු වී ඇත.
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
අලි පැටියා ගේ ඇතුළේ
ජයම්පති Thursday, 08 May 2014 11:31 AM
අලි ඉන්න තැන්වල ගෙවල් නොහදා ඉන්නවා ඇරෙන්න ඕවට වෙන කරන්න දෙයක් නැහැ (නි)
ගුණරත්න Thursday, 08 May 2014 11:59 AM
මේ රටේ මිනිස්සු බඩේ බත් නැතත් කඩේ යන්නේ දුෂිත දෙසපාලකයන්ට දැන් මට ලංකාවේ දුක්විදින මිනිස්සු ගැන අනුකම්පාවකට වඩා තියෙන්නේ තරහක්. කොහොම උනත් අහිංසක සත්තු නම් පවු. (දී)
ඉසුරන්දි Thursday, 08 May 2014 12:11 PM
අලි නෙමෙයි කොටි වලසුත් රිංගනවා ඇති මේ පැල්පත තියන විදිහට.අර ගුණරත්න කියන්න වාගේ මටත් අර සතා ගැන දුකයි. (ස)
රාජේෂ් Friday, 09 May 2014 05:54 AM
මේ උදවියට නිවසක් තනාදෙන්න (නි)
ප්‍රසාදිනී Thursday, 08 May 2014 12:20 PM
නොදෙනුවත්කමින් වුනත් මේ මිනිස්සු දූෂිතයන්ට කඩේ යන්නේ ජීවත්වීමට යමක් බලාපොරොත්තුවෙන්නේ. නැතුව කුඩු ගෙන්නන්න, හොර ජාවාරම් කරන්නඔවුන්ගේ සහයෝගය ඉල්ලා ගන්න නොවෙයි පොඩ්ඩක් හිතන්න. (දී)
සුලෝච් Thursday, 08 May 2014 12:26 PM
දැන් ඉතින් තිබෙන එකම විකල්පය තමා,අලි පැටියාව ගෙදරම තියාගෙන ඉන්න එක (නි)
නිලන්ති Thursday, 08 May 2014 01:24 PM
අනේ පව්. මේ අසරණයාගේ අම්මාව ඉක්මනින් සොයා දෙන්න. (නි)
අරෝෂ් Thursday, 08 May 2014 08:29 PM
ගුණරත්න කියන්න වාගේ මටත් දුකයි. (නි)
රූපවතී Thursday, 08 May 2014 01:47 PM
අනේ මේ මිනිසුන්ට ඒ වගේ ලොකු පව් වැඩක් කරගන්න ශක්තියක් නැහැ. ඉන්දික සොයුර, අසරණ මිනිසුන් වග පෙනෙනවා ඒ අසරණ පැල්පත දැක්කාම ඕන මනුස්සයෙකුට ..? ඒ අලි පැටිය කැලේට යාවි. (ස)
රණසිංහ Thursday, 08 May 2014 02:04 PM
අලි පැටියත් පව් ගේ අයිති අසරනයත් පව් (දී)
සමීර් Thursday, 08 May 2014 02:07 PM
ඇත්තටම ඔව් කමනි. මෙම ප්‍රවෘත්තිය බලන විට දකින්නේ මෙම මිනිසුන් ජීවත් වන ජීවන රටාව මොන වගේද කියල.එක දවසට අපේ ලොකු ලොක්කන් වියදම් කරන මුදල් මහා ජනතාවගේ මේ වගේ මිනිස්සුන්ට උදව් කරන්න රටේ පාලකයෝ දැන ගන්න ඕන. (ස)
රොෂාන් Thursday, 08 May 2014 08:41 PM
අලි හොරුන්ට බයේ සැඟවෙන්න ඇති (නි)
අමාලි Thursday, 08 May 2014 02:40 PM
රණසිංහ ඔබ තමයි ඉතාම වටිනාම අදහස දාල තියෙන්නේ. ඡන්ද කාලෙට විතරක් ඕනෙ තරම් කට්ටිය එනවා පැල්පත් වලට එබෙන්න. අපි මාලිගාවල් දෙන්නම් කියල. (ස)
නීල් ජයසිංහ Thursday, 08 May 2014 09:06 PM
ගං වතුර බැහැලා එක දවසයි ගියේ. දැන් අලි කරදර. හැම පැත්තෙන්ම ගොඩක් අසරණ මිනිස්සු තමයි මේ පළාතේ ඉන්නේ. (නි)
සිවකුමාර් Thursday, 08 May 2014 04:22 PM
මමත් කියන්නේ අර අහිංසක මිනිසුන්ට ඉන්න නිවසක් හදල දෙන්න. පින් සිද්ධ වෙයි. (ස)
මොහාන් Thursday, 08 May 2014 05:17 PM
මේ අර ගුරුවරිය දන ගස්සපු පළාතේ. අනේ අනිච්චන් මිනිස්සු විදින දුක.(නදී)
කමණී Thursday, 08 May 2014 10:35 AM
මෙතැනදී මට දුක අලිපැටියා ගෙට ගියපු එක ගැන නෙවි. මේ ගමේ මිනිස්සුන්ට හරියට ඉන්න ගෙයක් දොරක් නැති කම ගැන. මෙන්න මේවා හොයල බලලා මේවගේ අසරණ මිනිසුන්ට පිහිට උනොත් නරකද අපේ ඡන්දෙන් මන්ත්‍රී කම් ඇමති කම් ලබාගත්ත මහත්තුරු.(නදී)
ඉන්දික Thursday, 08 May 2014 10:35 AM
අපේ සමහර අයත් දැන් ඔය හරියෙන් පොඩියට ගෙවල් හදාගනි. එතකොට අලි පැටවූ ගේ ඇතුළටම එනවනේ. (ස)
කසුනි Thursday, 08 May 2014 10:45 AM
පව් මේ අලි පැටියා. අතරමං වෙලා වෙන්න ඇති. දැන් කෝ අලි පැටියා. (ස)
නාමල් Thursday, 08 May 2014 10:51 AM
මෙයා අතරමං වෙලා අම්මව හොයනවද දන්නේ නැහැ. (ස)
රජින්ද Thursday, 08 May 2014 10:56 AM
පහත් නිවට මිනිසුන් නම් සත්වයින් විසින් සමස්ත පරිසර පද්ධතිය සහ එහි වෙසෙන ලොකු කුඩා සියලුම ජීවීන් ප්‍රාණ ඇපයට ගෙන තිබේ. ලංකාව පාරිසරික අතින් උඩු-යටිකුරු වෙමින් පවතී. (නදී)
බුද්ධි වාකිස්ට Thursday, 08 May 2014 11:05 AM
මේ අලි පැටියාගේ පස්සෙනුත් අර ගොල්ලෝ පැන්නුවද දන්නේ නෑ. වන ජීවී එකේ මහත්තයෙක්ට දැන්නුව නම් අලි පැටියව කැලයකට යවයි. (ස)
ජයවර්ධන Thursday, 08 May 2014 11:12 AM
අලි ඉන්න පැති වල ගෙවල් හැදුවම ඔහොම තමයි. දැන් ඉතින් අලි පැටියෝ ඔයයි මමයි කියාගනෙ ඉන්න බලන්න. (ස)