කලාවැව තාවුල්ලේ ප‍්‍රතිකාර ලබමින් සිටින ගල්ගමුවේ දළ ඇතාට අද පස්වරුවේ කැලේ සිට ආ අලියන් දෙදෙනකු පහර දුන් බව වනජීවී නිලධරයෝ කියති.
පශු වෛද්‍යවරුන් සහ වනජීවී නිලධරයන් පැවසුයේ මෙම ඇතා පිටස්තර ප‍්‍රදේශයකින් කලාවැව වැව්තාවුල්ලට පැමිණි නිසා මෙසේ පහර දෙන්නට ඇති බවයි. මේ සිද්ධිය වන අවස්ථාවේ වනජීවී ඇමැති එස්.එම්. චන්ද්‍රසේන මහතාද ගිලන්වී සිටින ඇතා බලන්නට එහි ගොස් සිටියේය.
දඹුල්ල කැකිරාව ප‍්‍රධාන මාර්ගයේ වාහන 50 කට පමණ අලාභ කරමින් ඉකුත්දා කලහකාරීව හැසිරීමේදී වෙඩි පහරට ලක්වීම සහ වාහන තහඩුවලට කැපීම නිසා මේ ඇතා ගිලන් විය.






1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ඇතාටත් මරණය හිමිද
අලින්ටත් ජාතිවාදය බෝවෙලාද? එහෙම නැති නම් ඒ අයගෙන් අපට බෝවෙලාද? මේ හැම සතාට ම අඩුවැඩි වශයෙන් අස්මිමානය, අහංකාරය, මමංකාරය(මම ය මාගේ ය)නැතිනම් EGO එක තියනවා! අවාසනාව නම්, ඒ සතුන්ට ඒකෙන් මිදෙන්නට ආකාරයක් නැතිවීමයි. මිනිසුන්ට නම් ඒකෙන් මිදීමේ මගක් තියනවා(ඒ මග අනුගමනය නො කළත්)
මේක සොබාදහමේ නීතියයි අලින්ට ජාති පේදයක් නෑ මේක උනගේ වරිගය රැකගන්න එදා ඉදන් පවතින දෙයක්
අලි කොහොමත් ඇත්තු එක්ක තරහයි
අලි කොහොමත් හොද ගතිගුණ දන්නේ නැහැ