
(අමදෝරැ අමරජීව)
කොළඹ සිට ත්‍රිකුණාමලය දක්වා ගමන් ගත් රාත්‍රි තැපැල් දුම්රියට අග්බෝපුර හා කිතුල් උතුව දුම්රිය ස්ථාන අතර දී අලි දෙදෙනකු ගැටී මිය ගොස් ඇති බව වනජිවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.
තුවාල ලැබු අලියකු රක්ෂිතයට පලා ගොස් ඇතැයි දැන ගන්නට ඇත.
අනතුරෙන් දුම්රිය පැය දෙකක් ප්‍රමාදවි ධාවනය වු බව දුම්රිය බලධාරිහු පවසති .
වනජිවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ සෝමාවති ජාතික වනෝද්‍යානයට හා කවුඩුල්ල ජාතික වනෝද්‍යානයට සිමාවි ඇති දුම්රිය මාර්ගයේ නිරන්තරයෙන් අලි අනතුරුවලට ලක්වන බවය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දන්නා දවසේ ඉඳලා අලි මරනවා ,1950 ඉඳලා ,මේ දුම්රිය නවත්වලා ප්‍රයිවට් බස් කාරයන්ට දෙමු
නොදන්නා කමට අහන්නේ අලියා ඉදිරියේ ඉන්නවා... පෙනෙද්දී නතර කළ නොහැකි දුම්රිය අලියා හැපුණාම නවත්තන්නේ කොහොමදැයි පහදා දෙන්න...