වොෂින්ටන් ජාතික සත්චෝද්‍යානහි දැන් ශ්‍රී ලංකාවේ අලින් තිදෙනෙකු සිටිති. එයින් දෙදෙනෙකු පොඩි කාලයේ පින්නවල අලි අනාථාගාරයේ එකට සිට පසුකලෙක ඇමෙරිකාවවෙත ගෙනයනුලැබූ අලින්ය. අනෙකා වොෂින්ටන් හිදී උපතලද පැටවෙකි.
නමින් ශාන්ති, කන්ඩුල සහ බෝසී වන මේ අලින් තුන්දෙනා දැන් වොෂින්ටන් සත්තුවත්තේ වඩාත්ම ජනප්‍රිය සතුන් බවට පත්වී ඇත.
ඇමෙරිකාවට බෝසී ඇතින්න පින්නවල සිට ගෙනයන ලද්දේ 1976දීය. ඒවනවිට අයගේ වයස අවුරුද්දක් පිරුනා පමණකි.
ඇය කලින් කලට ඇමෙරිකාවේ සත්වෝද්‍යාන කිහිපයකම ජීවත්විය.
බොසී ඇතින්න චිත්‍ර ඇඳීමේ දක්ෂතාවයක් දක්වන බවට විශාල ප්‍රසිද්ධියක්ද ලබා ගෙනසිටී. අයගේ මේ දක්ෂතාවය පිළිබඳව ප්‍රවෘත්ති වාර්තා ඇමෙරිකාවේ ප්‍රධානපෙලේ පුවත්පත්, සඟරා සහ රුපවාහිනී මාධ්‍ය ඔස්සේ නිතර දෙවේලේ ප්‍රචාරයවෙයි. මේ හේතුවෙන් ඇය "අද්විතීය කුසලතා ඇති ඇතින්නක" ලෙසටද නමක් ඇතිකර ගැනීමට සමත්ව සිටී.
දැනටතිස්අටවන වියේ පසුවන ඇය වොෂින්ටන් සත්තුවත්තට මාරුකරන ලද්දේ එහික්‍රියාත්මකවන සත්ව ප්‍රති ජනන වැඩපිළිවෙල සඳහා සහාය කර ගැනීම උදෙසා බව සත්වෝද්‍යානය මඟින් නිකුත්කර ඇති වාර්තාවක සඳහන් වෙයි.
වොෂින්ටන් සත්තුවත්තේ ඉන්නා ශාන්ති ඇතින්න බොසී සමඟ පින්නවල එකට සිටි ඇතින්නකි. ශාන්ති ඉපදී ඇත්තේද 1975 දීය. ශ්‍රීලංකාවේ දරු දැරියන්ගේ තෑග්ගක් ලෙස ශාන්ති අලිපැටවා වොෂින්ටන් සත්තු වත්තට ලබාදුන්නේ 1976දීය. 2001 නොවැම්බර් 21 වනදා වොෂින්ටන් ජාතික සත්තු වත්තේදී ඇයටලැබුන අලිපැටවා නම්කරන ලද්දේ කණ්ඩුල ලෙසිනි.
මේ අලින්ට අමතරව ඉන්දියාවෙන් ලබාගත් දැනට වයස අවුරුදු 65ක් වන අම්බිකා නම්වූ වියපත් ඇතින්නක්ද වොෂින්ටන් සත්තු වත්තේ සිටී.
මේ අලින්හට එක රංචුවක් ලෙස සිටීමේ පහසුව බලාපොරොත්තුවෙන් වොෂින්ටන් සත්තුවත්තේ ඩොලර් මිලියන 56ක් වැයකරමින් නවතම අලි ගාලක් නිර්මාණය කර ඇත. අලින්හට ඇවිද යාමට ඉඩ ලබාදෙමින් විශාල බිම්ප්‍රමාණයක නිර්මාණය කර ඇති එම කුටියේ වැට කඩොලු තනා නැත. ඒ වෙනුවට දියඅගල් නිර්මාණය කර ඇත.
මේ පිළිබඳව අදහස් දක්වන සත්තුවත්තේ පශුවෛද්‍ය දොන් මුවර් කියන්නේ "අපගේ අලින් රංචුවක් ලෙස ඉඩ පහඩු ඇතිව එකට ඉන්නට සැලැස්වීම අපගේ බලාපොරොත්තුවයි. එකිනෙකා සමඟ සමීප සම්බන්ධතාවයක් ඇතිකර ගැනීම අලින්අතර ඇති සුවිසේශී භෞතිකගුණාංගයක්. හොඳ මතකයක් ඇති නිසා ශාන්ති සහ බොසී ට ශ්‍රී ලංකාවේ දී එකටසිටි කාලය ගැන මතක්වේවි කියා අපි තුල විශාල බලාපොරොත්තුවක් තියෙනවා. එසේවුවහොත් ඔවුන්ගේ එකමුතුකම ස්ථිරවීමට එය විශාල උපකාරයක් වේවි." කියාය.
"කොහොමනමුත් විශාල ඉඩප්‍රමාණයක් ඇති මෙවන් පරිසරයක අලි හතරදෙනෙකු නිදැල්ලේසිටිනු දැකීම අපගේ සත්තු වත්ත නැරඹීමට පැමිණෙන හැමදෙනාටම අමතක නොවනඅත්දැකීමක් වන බවනම් නිසැක වශයෙන්ම කිවහැකි" බවද ඔහු කීවේය.
අලුතින්නිර්මාණයකරන ලද අලිගාල සකස්කිරීමේදී වඩාත්ම සැලකිලිමත්වුයේ සතුන්දැකබලාගැනීමට පැමිණෙන මහජනතාවගේ සැප පහසුවට වඩා සතුන්ට හැකිතරම් ඉඩකඩ සහිතස්වාභාවික පරිසරයක් සකස්කරදීම බවද ඔවුන් කියා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා වාසනාවන්ත අලි 3දෙනෙක්. දෙහිවල සත්තුවත්ත ඉඩ ඇති තැනකට ගෙනියමු. හොඳම ප්‍රදේශය හම්බන්තොට.(නදී)
මේ අලින්ට විරුද්ධවත් අර ඩයස්පෝරාව මොනවා හරි කරයිද දන්නේ නැහැ. (නි)
මේ පුවත දකින අපි දෙහිවල සත්තු වත්තේ අලි ඇතුන් පමණක් නොව සියලුම සතුන් ගාල් කර ඇති කනගාටුදායක ආකාරය ගැන කම්පා වෙමු. හරි හැටි සෙවනක් නොමැතිව ගිනි මද්දහනේ, හැරෙන්නවත් ඉඩක් නැති කුඩුවල, හම බඩ පොත්තට ඇලුණු සතුන් බිම වැතිරී සිටින දුක්ඛදායක විලාශය ගව ඝාතකයෙකුගේ වුවත් අනුකම්පාව ලබනු ඇත. මේවා ගැන සොයා බැලීමට වගකිවයත්තෙකු නොසිටීම ජාතියේ අවාසනාවකි. (නි)
මගේ දුව අද ඒ සත්තු වත්තට යනවා. දැන් එයා දන්නවා ඔක්කොම අලි ගෙනාවේ ලංකාවෙන් කියලා. එතන හොඳට හදලා තියෙනවා අලින්ට ඉඩ තියෙනවා. දුව යාළුවන්ට කියලත් දෙනවා ලංකාවේ උඩවලව ගැන එහෙම.(නදී)
අලියෙක් වුණා නම් අපිටත් වීසා නැතුවම ඇමෙරිකාවට යන්න තිබුනා (නි)
ලංකාවේ ඕනෑම දෙයකට සුදුසුම පළාත හම්බන්තොටයි.(නදී)
ලංකාවේ සිටින කකුල් දෙකේ ලොකු අලි ටික ඇමරිකාවට තෑගී කිරීමට හැකිනම්, ලංකාවේ මනුස්සයන්ට සැනසීමෙන් ජිවත් වීමට හැකියාව ලැබේවි.(නදී)
කනුගලට ඇමෙරිකාවේ පුරවැසිබාවය තියෙනවද? වාසනාවන්ත අලියා.(නදී)
උපාලි, ඔබගේ අදහස් අගය කරමි. මා දන්නා විදියට දෙහිවල සත්තු වත්ත වෙන පළාතක ඉඩ පහසුකම් ඇතිව අලුතින් ඉදිවෙනවා. (නි)
ලංකාවේ අලි දැන් බොහෝ ජනප්‍රිය වෙලා. සියලු දෙනාම අලියා පසු පස ගමන් කරන්නේ. (නි)
ඇමෙරිකාවට ගිය අලින්ගේ කටේ බත්, අපේ කටේ මොනවද? මෙහේ තවත් ඉන්නවා අතරමං වුන අලි රංචුවක්. ඇවිත් ගෙනියන්න. (නි)
උපාලිගේ අදහසට මාත් එකගයි. දෙහිවල සත්තු වත්ත වෙන තැනකට නම් ගෙනියන්න හදන්නේ සත්තුන්ට ආදරේකට නම් නෙමෙයි. දන්නා තරමින් හම්බන්තොටට තමයි හරියන්නේ (නි)
අපේ රටේ ඉන්න සමහර කකුල් දෙකේ අලි කරන වැඩවලින් ලංකාව මුළු ලෝකයටම ජනප්‍රිය වෙලා.(නදී)
පින්වන්ත අලි නමුත් එයාලා කන්නේ මොනවද දන්නේ නැහැ පොල් අතු, කිතුල් වෙනුවට?මට දැනගන්න ඕනෑ. (නි)
සේරම්, පැරිස්වල ඉන්න කට්ටියද ? ලංකාවේ ඉන්න අලි නම් යන්නේ කොහෙද කියලාවත් දන්නේ නැහැ. කකුල් හතරේ අලිත් වල්මත් වෙලා. කකුල් දෙකේ අලි පිටිපස ගිය අයත් නන්නත්තාර වෙලා. (නි)
ලංකාවෙන් ගිය අලි රටට කීර්තියක් ගෙනාවට, අපේ රටේ සමහරු නම් රට ගියාට පස්සේ කරන්නේ පුළුවන් තරම් ලංකාව විවේචනය කරන එකයි, රටට අපකීර්තියක් ගෙනෙන වැඩ කරන එකයි තමයි (නි)
මේවගේ ආදරෙන් අලි බලාගන්න රටවල් වලට ගම් වැදිල කරදර කරන අලි බෙදල දුන්නනම් ගෑටලු දෙකම විසදෙනව (අ)
ලංකාවෙත් වෙයිද?(නදී)
මම නම් හිතන්නේ ඇමරිකාවේ වැඩියෙන්ම ජනප්‍රිය සතා බූරුවා කියලයි (නි)
ඔව් ඔව්. රැකගත යුතුයි තමා. (නි)
මෙම පුවත සම්පුර්ණ ඇත්තය. ලංකාවේ සත්තු වත්ත නවීකරණය විය යුතුමය. කලකට පෙර පින්නවලට ගෙනියන කතාවක් තිබුනා. මෙම රජය මගින් මෙයද ඉටුවේවා! (නදී)
ඕං නියම අලි. (නි)
සත්තු වත්ත දියවන්නාවට ගෙනාවොත් නම් විවිධ වර්ගයේ සත්තු හොයාගන්න අමාරු වෙන එකක් නැහැ.(නදී)
මේ අහිංසක අලි රැක ගනිමු.(නදී)