මහනුවර ඇසළ පෙරහැරේ ගමන්ගන්නා අලිඇතුන් රැකබලාගන්නා ඇත්ගොව්වන් හා ඔවුන්ගේ සහයකයින් 60 දෙනෙක් පමණ අද (28) පෙරවරුවේ අස්ගිරි මහානායක ගලගම අත්තදස්සී මහනාහිමි හමුවීමට පැමිණියහ.
අද (28) දළදා පෙරහැරේ ගමන්ගන්නා අලිඇතුන් රැසක් අත්අඩංගුවට ගැනීමට යන බව පැවසෙන හෙයින් එසේ කිරීමට ඉඩනොදෙන්නැයි මහනායක හිමිගෙන් ඉල්ලා සිටීමට මෙසේ පැමිණි බව ඔවුහු කීහ.
අලිඇතුන් අත්අඩංගුවට ගනු ලැබුවහොත් තමන්ගේ රැකියාව අහිමිව යෑමේ අවදානමක් ඇතිවන බව ඔවුහු පැවසූහ.
කලින් වේලාවක් වෙන්කරගෙන තිබුණේ නම් තමන් හමුවට පැමිණීමට අවස්ථාවක් ලබාගත හැකිව තිබුණු බවත් දැන් වෙනත් වැඩකටයුත්තක් යොදාගෙන ඇති හෙයින් වෙනත් දිනයක පැමිණෙන ලෙසත් මහනාහිමියෝ ඔවුන්ට දැනුම් දුන්හ.
මහනාහිමියන් හමුවීමෙන් පසු ජනපති හමුවීමටත් අපේක්ෂාවෙන් සිටින බව ඇත්ගොව්වෝ පැවසූහ.
අලි රොෂාන් නැමති පුද්ගලයා අනවසරයෙන් ළග තබාගත් අලිඇතුන් පස්දෙන අත්අඩංගුවට ගන්නා ලෙස මින් පෙර අවස්ථාවකදී අධිකරණය රහස් පොලිසියට නියෝග කළේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගොල්ලන්ට වෙන රස්සාවක් කරන්න උගන්නලා, අලි ඇතුන්ට නිදහසේ ඉන්න මගක් පාදන්න ඕනා.(නදී)
ජයනාත් මා කියන්න හැදුව ටික ඔබ ලියා ඇත. දුමින්ද ඔබේ මොලේ තිබෙන්නේ කොහෙද කියල හොදට අතගාල බලන්න. ඔබේ අදහසත් හරියට අලි රොෂාන්ගේ වගෙයි. මේ සතුන්ව අයිති උන්ගේ වනාන්තරයටයි. (නදී)
ඔක්කොම අලි ටික කැලයට යවන්න ඕනේ. පෙරහැර පන්සල් වලට මුවාවෙලා තමයි ගෙවල් වලට අලි දක්කන්නේ. මේ අයට පාරක් හදන තැනක රක්ෂාවක් දෙන්න පුළුවන් නේ. (නදී)
මාර සිද්ධි තමයි සිද්ධ වෙන්නේ.(හේ)
දළදා මාලිගාවේ පෙරහැරවත් ඇත් ගොවුවන්ගේ රැකියාවන්වත් නැති වුනාට කමක් නැහැ. කොහොම හරි තිරිසන් අලි ටික පරිස්සම් කර ගන්න බලමු . (හේ)
පඩියට අමතරව උද්ඝෝෂණයට කීයක් ලැබේවිද ? (නදී)
මේ උදවිය හරිම කටුක දුෂ්කර, ඒ වගේම වගකිවයුතු රැකියාවක් කරන්නේ මහත් පීඩා විඳිමින් අවු වැස්සේ. ඒ නිසාම මොවුන් අසරණ අලි ඇතුනට හරියට වද දෙනවා රිදවනවා. බොහොම කීප දෙනයි සතාට ආදරෙන් සලකන්නේ. අලි ඇතුන් මිනිසුන්ගේ වහලුන් නොවිය යුතුයි. ඔවුන් අයිති මහා වනාන්තරයටයි. බුදුන් වහන්සේ වත් අනුමත නොකරනවා ඇති තමන් වහන්සේගේ ශරීර අවයවයක් අසරණ සද්දන්තයෙකුගේ පිට ගෙන ගොස් හරසර දක්වනවාට. බුද්ධ දර්ශනය අනුමත නොකරන මෙම පෙරහැර සත්ව හිංසාව කොහොම මේ දළදා පෙරහරට ඇතුල් වුනාද කියලා හිතා ගන්න බැහැ. අස්ගිරි නාහිමියන් මේ ගැන මොනවා කරන්නද සම්ප්‍රදායන්ට පිටුපාලා. (නදී)
මහින්ද අාර් කිතුල්ගොඩ කිව්ව වගේ දළදා පෙරහැරත් අපේ දේශීය සංස්කෘතියේ අංගයක්. එ් වගේම පෙරහැරේ අලියත් සංස්කෘතික අංගයක් එ්වා අපි රැකගත යුතුයි. කවදා කොහොම එකතු උනාද කියන එකට වඩා අපේ අලි සම්පත (හීලෑ සහ වල්) රකින ගමන් රටේ සංස්කෘතියත් සුරකින්න ඕනා (නදී)
ලංකාවේ පෙරහැර සංස්කෘතිය විනාශ වෙන්ඩ ලඟයි. ඉස්සර 100ක් විතර හිටියත් අද නුවර රන්දෝලි පෙරහරේ හිටියේ අලි ඇත්තු 30ක් විතර. අලි ඇත්තු බලාගන්ඩ කැමති අයට රජයේ අදීක්ෂණය යටතේ උන් බෙදල දුන්නා නම් වටිනවා. හිලෑ අලියෙක් කැලේ ඉන්න එකෙක්ට වඩා ගොඩක් කල් ජිවත් වෙනවා උන්ට හොඳට සලකන නිසා. (නදී)
අලින්ට නම් පේනවා ඇත්තේ මාර පුත්‍රයෝ කට්ටියක් වගේ. උල් අරගෙන අනින.(නදී)
මහනායක හිමි ගණන් උස්සල වගේ ඔවුන්ගේ ඉල්ලීමට කන් දෙන්න තිබුනා. කෙසේ වෙතත් මේ අයව ඉස්සරහට දාන්න යම් බලවේගයක් ක්‍රියාත්මක වෙලා තිබෙනවා (නදී)
ඔහොම එකපාරට ගිහින් හාමුදුරුවෝ හම්බ වෙන්න පුළුවන් රජ මැති ඇමතින්ට විතරයි. (නදී)
හොර බඩු ළඟ තබාගැනීම වරදක් නේද? (නදී)
බේෟද්ධ රටේ සත්තුන්ට දෙන වදයක් (නදී)
කව්ද කිව්වේ හීලෑ අලි වැඩිකල් ජීවත් වෙනවා කියලා (නදී)
මේ අදහස් දාපු හැමෝම අලියා ගැන අයිතිවාසිකම් කතා කරනවා. පෙරහැරක අලි ඇතුන් ගෙනයාම මීට වසර දහස් ගණනක සිට පැවත එන්නක්. වදදීමක් නොවේ. අනික අලියා ශාක බක්ෂිකයෙක්. එ්කයි කරඩුව වඩම්මන්නේ. ලංකාවේ දවසකට හරක් ,එළුවෝ ,සුකරයෝ,කුකුලෝ යන සතුන් කීයක් මරනවද ?මොකද ඔයාල නිහඩ. මේ ගැන ඔයාලගේ මතය ඉදරිපත් කරන්න. (නදී)
පින්නවල රස්සාවක් දෙන්න (අ)
අලින්ට ඉස්සෙල්ල මෙගොලන්ව අල්ලලා හිරේ දන්නා ඕන ,බීගෙන සතුන්ට කරන හිංසනයට ,අලි ටික කාලෙට හරි අනාථාගාරවලට හරි දාල ,මෙයාලට රස්සනම් ඕන ආර්.ඩී.ඒ ,වගේ තැනක හරි රස්සාවට දාන්න (අ)
මේ මිනිස්සුන්ව අනිවාර්යයෙන්ම අලි හොරකමට සම්බන්ද කට්ටිය මෙහෙයවල කරන වැඩක් මේක. දළදා පෙරහැර ඇපයට අරගෙන හරි තමන්ගේ අපරාධ යටගහන්න කරන තවත් මගෝඩියකට මේ සැරසෙන්නේ. වෙනවා නම් පුද්ගල තරාතිරම් නොබලා (මහේස්ත්‍රාත්ද, ආරක්ෂක ලේකම්ද, මන්ත්‍රිද...) සියලුම හොරු අලි ඇල්ලිය යුතුයි. වරද කරුවන්ට නිතියනුකුලව දඩුවම් දිය යුතුයි. තවද පින්නවලින් බලහත් කාරයෙන් අලි පැන්නු බවට (දේශපාලන බලයෙන්) වාර්තාවූ සිද්දි ගැනද සෙවිය යුතුයි. මේ අලි මිනිස් වාසයට හුරු වී ඇති බැවින්, කැලයට යැවිය නොහැකි නිසා; 1. සත්තුවත්තට හෝ 2. රජයට ගෙන නිවැරදි තක්සේරුවක් කර ප්‍රසිද්ධ වෙන්දේසියේ සුදුසුකම් ඇති අයට(අදායම් හා ඉඩ පහසුකම් ඇති) අයට ලබා දීම කරා නම් (නීති ප්‍රකාරව) සුදුසු යයි හැගේ. (නදී)
අනේ මෙහෙමත් බුද්දාගමක්. බුදුන්ගේ නිර්මල දර්මය වනසන හැටි (නදී)
මේ උද්ගෝෂණය කරන්නේ ඇත් ගොව්වෝ. බැරිවෙලාවත් පැත්තක ඉන්න අලි ඇත්තුත් මේකට විරුද්දව උද්ගෝෂණය කරන්න සුදානම් උනොත් මොකද වෙන්නේ. අනික පෙරහැරේ අලි ඇතුන් යනෙන එක අද ඊයේ පටන් ගත්තු දෙයක් නෙවෙයි. හැම ඇත් ගොව්වම සතුන්ට හිංසා කරන්නෙත්, හැමකෙනාම බීගෙන දඟලන්නෙත් නෑ. පංචතුර්ය නාද සමග පෙරහැර වර්ණවත් කරන්නෙත් ඝාම්භීරත්වය රැකෙන්නෙත්,ලොව පුරා ප්‍රචලිත වෙලා තියෙන්නෙත් සද්දන්ත හස්ති රාජයන් ගෙන්. එ්කට නිසි පිළියම් යෙදීමත්, හොරකම් වලට දඬුවම් දීමත් හොරෙන් එකතු කරපු සතුන් වෙනුවෙන් නිසි පියවර ගැනීමත්, මල්වතු අස්ගිරි පාර්ශව හා දියවඩන ඇතුළු නිලමේ වරුන් සතු වගකීමක්. (නදී)
මේඅපේ සිංහල බෞද්ධ රට. අපේ සංස්කෘතිවේ ප්‍රධාන අංගයක් තමයි ඇසල පෙරහැර. මේකට අලි ඇතුන් ඕනේ තමයි (නදී)
බලාගෙන මංගල, ලබන ආත්මේ මේ වගේ අලියෙක් වෙන්න බැරි නෑ. බලන්න බැරියයි විඳින සැප කට්ට අව්වේ සැතපුම් ගණන් ඇවිද ඇවිද, උල් වලින් ඇනුම් කකා, පෙරහැර වලට විකිනෙනකොට. අපිත් හොඳ බොදුනුවෝ. අපේ ආගමේ නම් ඔහොම ඒවා අනුමත කරන්නේ නැහැ. (නදී)
සුළු පිරිසකගේ අවශ්‍යතාවයක් මේක. මෙහෙයවන්නේ පිටුපස සිටින අලි ජාවාරම් කාරයෝ සහ අලි හාම්පුත්තු. මහනාහිමියනුත් මේ ගැට වලට අහුවුනොත් පැටවූ හොරකම් කරන්න ගිහින් මරාදාපු අතින්නියොත් පරලොව සිට ශාප කරාවි.(නදී)
අනේ ඔය අලි පැටවූ කැලයට මුදා හරින්න. ඕක හරි පවක්. එක්කෙනෙක් අහනවා එතකොට කුකුල්ලු මරාගෙන කන්නේ කියල. අලියා බුද්ධිමත් සතෙක්. කුකුල්ලුන්ට වගේ නෙවෙයි අලින්ට දැනෙන පීඩාව සාපේක්ෂව වැඩියි. තමන්ගේ පැටියෙක් අයින් කලොත් මනුෂ්‍යයන්ට පීඩාව ඉතා වැඩියි. ජීවිත කාලයට බලපානවා. අලියන් ට ඊට අඩුයි. මාලුවෙකුට ගොඩක් අඩුයි. මෙලෙස එක එක සතුන්ට දැනෙන දේ වෙනස්.මෙයින් කියන්නේ නැහැ අනිත් සත්තු මරාගෙන කෑම හොඳයි කියල. අඩුම ගානේ දිවුණු රටවල වගේ මානුෂීය ක්‍රම වත් හදන්න සතුන් වෙනුවෙන්. (ම)
මේගොල්ලෝ ජිවත් වෙන්නේ හොරෙන් අල්ලපු අලින් ගෙන් නේද? දැන් ඒ නිසා අලින්ට වෙන කරදර ඔක්කොම අමතක කරන්න ඕනෙද ? (අ)