නඩුවලට සම්බන්ධ අලි ඇතුන් ද නොමැතිව පෙරහර කිරීමට නොහැකි හෙයින් ඔවුන් මුදා හැරීමට පාලකයින්ට සිත් පහළවේවායි කියමින් පිරිසක් අද (8) සීනිගම දේවාලයේදී පොල් ගැසූහ.
සිංහල රාවයේ මහලේකම් හා හීලෑ අලි ඇතුන් සුරැකීමේ සංගමයේ සභාපති මාගල්කන්දේ සුදන්ත හිමියෝ ද ඇත්ගොව්වෝ 50-60ක් පමණ ද ඊට එක්වූහ.
අලි හිඟතාවය නිසා කතරගම දේවාල පෙරහර පමණක් නොව අනික් දේවාලවල නිලමේවරුන්ද පෙරහැර නොකිරිමට එකඟතාවය පළ කර ඇති බවත් දළඳා මාලිගාවට ඇත් පංතියක් ඇති මුත් දේවාල සදහා ඇත් පංතියක් නොමැති බවත් එසේ අලින් නොමැති වුවහොත් දළඳා පෙරහරේ ගමන් කරන දේවාල පෙරහරවල් පවත්වන්නට හැකියාවක් නොමැති බවත් සමස්ත ලංකා බස්නායක නිලමේවරුන්ගේ සංගමයේ සභාපති හා මහනුවර ශ්‍රි කතරගම දේවාලයේ බස්නායක නිලමේ ගැමුණු තිලක බණ්ඩාර වලිසුන්දර මහතා පවසයි.
ප්‍රශ්නය _ වනජීවී අමාත්‍යවරයා කිවුව නේද අලින් 147 ක් පමණ ඉන්නවා. පෙරහරට අලින් ඊට අඩුව සහභාගි වෙන්නෙ කියලා.
පිළිතුර _ එයාට ඉන්නව ඇති අලි 147 ක් වනජීවී අමාත්‍යවරයා කොහෙද අලි ගැන දන්නේ. එයා වයඹ මහ ඇමැති කාලෙ වයඹ අලි අල්ලන්නත් ගියා.අලි 147 ඉන්නවනම් සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරන්න කියන්න ඇමැතිවරයාට. දැන් අවුරුදු 3 කින් වනඡිවී දෙපාර්තුමේන්තුවෙන් අලි ලියාපදිංචි කරල නෑ. එතකොට ඇමැති කොහොමද දන්නෙ අලි 147 ක් ඉන්නවා කියලා
ප්‍රශ්නය - වනජීවී භාරයට ගත්ත අලි නැවත අයිතිකරුවන් හැටියට පෙනී ඉන්න අයට දෙන්න කියලද කියන්නේ?
පිළිතුර - අපි රජයෙන් ඉල්ලා සිටින්නෙ කොහෙන් හෝ පෙරහර කිරිමට අලි දෙන්න කියලා. යම් ක්‍රමවේදයකට කොන්දේසි මත මහනුවර ශ්‍රි දලදා මාලිගා පෙරහර හා සතර මහා දේවාල හා විහාරගම් දේවාලගම් පනතෙන් පාලනය වන සියලුම දේවාලවල් වලට සහභාගි කරවන දැඩි කොන්දේසිය මත අලින් දෙන්න ඕන. පෙරහරට ආව කියල බස්නායක නිලමෙවරු සහතික කරන්න ඕන.
ඡායාරූප - දේමුණි සම්පත්
ඡායාරූප - චමිල් රූපසිංහ








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊළඟට භූමි කම්පාවක්ද දන්නෙ නැහැ ඕනෑවෙලා තියෙන්නේ? (නි)
බුදු බණට අනුව සතුන් බැඳ තබාගැනීම හරිද? (නි)
දෙයියන්ට ඕවා කියලා වැඩක් නැහැ. මොකද දේවාලයේ පින් කැටේත් කඩාගෙන ගියානේ (නි)
හොර අලි වගේ පොලුත් හොර පොල්ද දන්නේ නැහැනේ? (නි)
බෞද්ධ සම්ප්‍රදායන් සුරැකීමට බුදු දහමට තරයේ විරුද්ධදේම කරන බෞද්ධයෝ ඉන්න රටක්! (නි)
බණ අහනකොට නිතරම අපට අසන්ට ලැබෙනවා සියල්ල අතහරින්න කියා අපේ හාමුදුරුවරු දේශනා කරනවා.දැන් බලාගෙන ගියහම හාමුදුරුවරුන්ට අපිට තරම්වත් අතහැරීම කරන්න බැහැනේ මේ අලි ප්‍රශ්නෙට මෙයාකාර දඟලන්නේ.පෙරහර වලට අලි ඇතුන් එක්කළා කියල සසර කෙටිකර ගන්න කුසල් ලැබෙනවද. (බ)
මම දන්නා හැටියට මේ නඩු වල අලි ඔක්කොම පොඩි අලි පැටව්. අලි පැටව්ද පෙරහැරවල් වල යන්නේ? මේක තනිකරම අලි සංදර්ශනයක් (නි)
දේවි ඔබ හරි. (ර)
චතුරි, මන් හිතන්නේ ඔයා ලංකාවේ කෙනෙක් නෙමෙයි කියලා. ඒකට හේතුව ඔයා වගේ සත්‍ය තේරුම් අරගෙන, ඇත්ත කතා කරන අය මම මීට පෙර දැකලා නැති නිසා. (ර)
දේවි, මේ ගරුතර ස්වාමීන්වහන්සේලා දේශනා කරන්නේ ඇලීම්,ගැටීම් සම්බන්ධ අත හැරීම පිළිබඳවයි..මේ ඉදිරිපත්වෙලා ඉන්න හාමුදුරුවෝ අලියට ගෙනාපු කෙක්ක අතහැරලානේ, ඒකයි මේ ඇත්ගොව්වෝ තරහින් පොල්ගහන්නේ. ඒගොල්ලොත් අලියට කෙක්ක ගෙනත් නෑ, වගේ. පව් නේද? අනිත්‍යය මේකයි (බ)
අලි පැටව් දම්වැල් දාලා ගෙනියන්ඩද පොල් ගහන්නේ. ? මේ හොර අලි ටිකද ද පෙරහැර කරවන්නේ ? මෙතෙක් කල් පෙරහරට සහභාගී කළ අලි විස්තර පරණ පින්තුර වලින් බලමුද? (බ)
වැස්ස ඉල්ලුවා කළගෙඩි නට නටා. අන්තිමටදුන්නා උන් හිටි තැන් සමඟ ජිවිත නැති වෙන්නම. පොල් ගැසුවා රට පෙරළන්න. ගිනි ජාලාවකින් අවසන් වුණා. දැන් අලි ඉල්ලා පොල් ගසනවා. මේක ඉවර වෙන්නේ අලි කුලප්පු වෙලා දුවන්න ගත්තහම තමයි (නි)
දාන්න අලියාගේ කකුලට දම්වැල්, ඒ සතාගේ ජීවිතය පුරාම ගසක බැදලා, දෙන්න පොල්කොළ කන්න. (ර)
සිංහල රජ දවස සිට පැවත එන පෙරහැර වලටත් කෙළවෙන්න යන්නේ (ම)
මේ පොල් ගහන කට්ටියට අමතක වෙච්චි එක දෙයක් තියෙනවා , මේ පොල් ගහන්නේ මහා ජනතාවට කියල මොකද රජය කියන්නේ මහජනතාව සර්වජන ඡන්දෙන් පත් කරගත්ත නිසා (ම)
අපේ ලංකාවේ මිනිසුන්ට අලින්ගෙන් තොර ලෝකයක් නැහැ වගෙයි (නි)
පාලකයින්ගේ සිත් සතන් පහළවේවා කියා ඉල්ලුවට, එයාලට සිතක් නැත්නම් මොකද කරන්නේ? (නි)
මමත් සීනිගම ගිහින් පොල් ගහනවා. ඒ යම් කාරණා ඉටුකර ගැනීමට පොල් ගැසීමෙන් හැකිය කියන මතයෙන් අපේ රටේ ජන සමාජය මුදවා දෙන්න දෙවියනේ කියලා (නි)
අලි අරගෙන උන්ට වද දිදී පෙරහර පවත්වන්න කියලා නම් හාමුදුරුවෝ කියලා නැත. ඒ වුණාට අපේ හාමුදුරුවරුන්ට අලි ඕනෑමයි. අවිහිංසාව උතුම් දෙයක් වුණාට ඒවාට උත්තරත් හාමුදුරුවරුන්ට ඇති. (නි)
පින්වතුනි, හරි පුදුමයි. අද බෞද්ධ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේ අනුදැන වදාළ දේ පිළිපදිනවාද? මහනායක හිමිවරුවත් හඬගා කියන්නකෝ වැරදි දේ නවත්වන්න කියලා. (නි)
හාමුදුරුවරු පොල්ගහන්න යනවා ශාප කරන්න. අනේ බුද්ධාගමට ගිය කල! හාමුදුරුවන්ට තියෙන්නේ බෞද්ධයන් යහමඟ හරින්න උපදෙස් දෙන්න. (නි)
දැන් රක්ෂිත අවට ජනතාවට පරිස්සමින් ඉන්න කියන්න අලි කුලප්පු වෙලා දුවන්න ගත්තහම මුන්ට විතරක් නෙවේ දෙයියන්ටත් පනින්න වෙන්නේ මුදේ (ම)