නිති විරෝධී ලෙස අලි පැටවුන් ළඟ තබාගෙන සිටින්නන් කුමන තරාතිරමක සිටියත් රජයේ ප්‍රතිපත්තිය අනුව එම අලින් වනජීවී භාරයට ගැනිමට දැඩිව නිතිය ක්‍රියාත්මක කරන බව තිරසාර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පැවැසිය.
අමාත්‍යවරයා එසේ පැවැසුවේ සඳුදා (12)පින්නවල අලි අනාථාගාරයේ කළ නිරික්ෂණ චාරිකාවකදීය.
අවසර ලත් අලීන් අත් අඩංගුවට ගැනිමක් සිදු නොවන බවත් වනජීවී භාරයට ගනු ලබන්නේ ව්‍යාජ ලේඛන සහිත අලි පැටවුන් බවත් එය දිගටම සිදුකරන බවත් අමාත්‍යවරයා පැවැසිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලි වඳ වුන දාට එක්සත් ජාතික පක්ෂයට ඡන්ද ලකුණක් නැති වෙන හින්ද කොහොම හරි අලි ඇත්තු රැක ගනිමු (බ)
චන්ද්‍ර වීරසිංහ නෝනගේ පුංචි මොලෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ. (ර)
අලි හොරු සේරම අල්ලන්න. අලි ඇත්තු හදන එක මෝස්තරයක් වෙලා. (ර)
ඔබතුමාට ජයවේවා! (නි)
ඔබතුමා පරිසරය රකින බව අපට විශ්වාසයි (නි)
දළදා පෙරහරට නම් කිසිදු බලපෑමක් වෙනවට අපි කැමති නැහැ. එහෙම නොකර ඕනෑ අලි සෙල්ලමක් කරගත්තාට අපිට කමක් නැහැ (නි)
පරිසරය සහ ස්වභාවික සම්පත් සම්බන්ධව ඔබතුමාගේ ආකල්ප පිළිබඳ අපිට සතුටුයි. මේ ප්‍රතිපත්ති දිගටම ක්‍රියාත්මක කිරීමට ඔබතුමාට ශක්තිය ලැබේවා!!! (නි)
දළදා වහන්සේ වැඩමවන්න හොර අලි යොදාගන්න එක දළදා වහන්සේට කරන මහා අගෞරවයක්. පරිසර අමාත්‍යංශය වටකරපු උන්නාන්සේලගෙන් අහන්න ඕන සත්ව හිංසාව බුදුරජාණන් වහන්සේ අනුදැන වදාලේ ද කියල අපට පැහැදිලි කර දෙන ලෙස (බ)
තරාතිරම වැදගත් නැහැ. නමුත් ඉතින් කොටුවෙන්නේ දේශපාලකයොයි ප්‍රභූන් යැයි කියාගත් පිරිස මිසක් සමෘද්ධිලාභී අපි නම් නෙමෙයි. (නි)