
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
අර්ජුන් මහේන්ද්‍රයන් රටින් පිට කරන්න පාස්පෝට් නිදහස් කරපු මහේස්ත්‍රාත් කෙනෙක් දැන් ඩී.ජී කෙනෙක් බව බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා:-(න.ප්‍ර.පෙ) පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
මේ ආණ්ඩුව බල්ලො වලේ දාන්න මිලියන සීයක් වෙන් කරලා තියෙනවා.හැබැයි හදිසි මරණ පරීක්ෂකවරුන්ට ප්‍රශ්න තියෙනවා.ඔවුන්ගේ දීමනාව රුපියල් 3000ක් වත් කරන්න.අපේ වගේ දුෂ්කර පළාත් වලට මේ ප්‍රශ්නය තදින්ම බලපානවා.
වැල්ලවායේ මහේස්ත්‍රාත්තුමා අයින් කළේ කොහොමද?පාස්පෝට් එකක් නිදහස් කළා කියලා ඔහු ඉවත් කර තියෙනවා.අර්ජුන් මහේන්ද්‍රයන් රටින් පිට කරන්න පාස්පෝට් නිදහස් කරපු හිටපු මහේස්ත්‍රාත් කෙනෙක් දැන් ඩී.ජී කෙනෙක් වෙලා.ඒ අධ්‍යක්ෂ ජනරාල්ට එක නීතියක්, වැල්ලවාය මහේස්ත්‍රාත්ට එක නීතියක්.දැන් නඩුකාරවරුන්ටත් බයෙන් ඉන්න සිද්ධ වෙලා යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.
2025 නොවැම්බර් මස 17
20
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
866
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2496
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
අර්ජුන් මහේන්ද්‍රගේ පාස්පෝට් නිදහස් කළ කෙනා දැන් ඩී.ජී
de silva Monday, 17 November 2025 02:37 PM
5 සමත්, රස්තියාදුකාර වඩේ කාරයා වුණත් අහන්නේ සාධාරණ ප්‍රශ්නයක්, පාර්ලිමේන්තුවේ ඉන්න ආචාර්ය මහාචාර්යවරු දැන් දීපල්ලකෝ මේවාට උත්තර, වැරැදිලාවත් මොහු O /L වත් පාස් වුණා නම් ආචාරියෝ මහාචාරියෝ වැටෙන්නේ ලොකු අමාරුවක..
ජිල්බු Monday, 17 November 2025 03:30 PM
ඕක මොකක්ද මෝඩ වැඩේ හොරු ඇමැතිලා වෙන රටේ...
විපරමා Monday, 17 November 2025 04:23 PM
හිටපු පින් ජනපතියා කරපුවා දැනගෙන මෙච්චර කල් නිකම් හිටියේ ඇයි?