(රෝෂන් තුෂාර)
මහ බැංකු අධිපතිවරයාව සිටියදී සිය බෑනාගේ සමාගමට ශ්‍රී ලංකා මහ බැංකුවේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කර රජයට රුපියල් බිලියන දහයකට අධික පාඩුවක් කළේ යැයි කියන හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාට සැප්තැම්බර් මස 26 දින අධිකරණයේ හමුවේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය අද (26) යළි නොතීසි නිකුත් කළාය.
අල්ලස් කොමිසම විසින් 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත ප්‍රකාරව හා අල්ලස් පනතේ 70 වන වගන්තිය යටතේ පැවරු පැමිණිල්ලක් සලකා බැලීමෙන් පසුව අදාල නොතීසිය ඉංග්‍රීසි භාෂාවෙන් නිකුත් කිරීමටද නියෝග කළාය.
සිංගප්පූරුවේ වාසය කරනවා යැයි කියන හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාට 2024 වසරේදී අධිකරණයේ පෙනී සිටින ලෙසට නොතී සි නිකුත් කර තිබූ අතර අදාළ නොතීසීය ප්‍රකාරව කටයුතු කර නොමැති බවට අල්ලස් කොමිසම ඉදිරිපත් කළ වැඩිදුර වාර්තාවක් සලකා බැලීමෙන් පසුව මෙසේ යළි නොතීසි නිකුත් කෙරිණි.
2015 පෙබරවාරි 27 දින ශ්‍රී ලංකා මහ බැංකුවේ රුපියල් මිලියන 1000 ක බැඳුම්කර නිකුත් කිරීමට ප්‍රාථමික ගැනුම්කරුවන්ගෙන් මිල ගණන් කැඳවා තිබියදී ,එම ගණන ඉක්මවා යමින් රුපියල් මිලියන 10058 බැඳුම්කර වසර තිහක කාලයක් සඳහා වැඩි පොලී අනුපාතයක් යටතේ නිකුත් කිරීමට රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට බලපෑම් කිරීම,එම බැඳුම්කර සිය දියණියගේ ස්වාමිපුරුෂයා වන අර්ජුන ඇලෝසියස්ගේ පර්ප්‍රචුවල් ට්‍රෙසරිස් සමාගම ට නිකුත් කරන ලෙසට මහ බැංකු රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට බලපෑම් කිරීම හා එසේ සිදුකරමින් රුපියල් බිලියන දහයකට අධික පාඩුවක් රජයට සිදු කිරීමෙන්, අල්ලස් පනතේ 70 වන වගන්තිය යටතේ දූෂණය නම් වරද සිදුකිරීමෙන් දඬුවම් ලැබිය යුතු වරදක් සිදුකර ඇති බව පවසමින් අල්ලස් කොමිසම මෙම පැමිණිල්ල 2024 වසරේදි ගොනු කළේය.
සැකකරු 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත ප්‍රකාරව දඬුවම් ලැබිය යුතු වරදක් සිදු කර ඇති බවද එම පැමිණිල්ලේ සඳහන් කර ඇත.
එම පැමිණිල්ලේ මෙසේද සඳහන් කර ඇත.
මහ බැංකු බැඳුම්කර නිකුතුව සඳහා ප්‍රාථමික ගැනුම්කරුවන් දාසය(16) දෙනෙකුගෙන් ලන්සු කැඳවා තිබියදී ,එම ගැනුම්කරුවන් අතර සිටින සැකකාර හිටපු මහ බැංකු අධිපතිවරයාගේ දියණියගේ ස්වාමිපුරුෂයා වන අර්ජුන ඇලෝසියස් අධ්‍යක්ෂ ධූරයක් හෙබවූ පර්ප්‍රචුවල් ට්‍රෙසරිස් සමාගම ඇතුළු සමාගම් වලට ප්‍රමුඛත්වය ලබා දෙන ලෙසට ණය දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට බලපෑම් කර වැඩි පොලියක් යටතේ වසර තිහක කාලයක් සඳහා බැඳුම්කර නිකුත් කිරීමට සැකකරු බලපෑම් කිරීම.
පැමිණිල්ල සඳහා සාක්කිකරුවන් 22කගේ සාක්ෂි සම්පින්ඩන වාර්තාවක් ද අධිකරණයට ඉදිරිපත් කර ඇත.
පැමිණිල්ලේ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සැකකරුට සැප්තැම්බර් මස 26 වැනි දින අධිකරණය පෙනී සිටින ලෙසට යළි නොතීසි නිකුත් කළ අතර එම නොතීසිය ඉංග්‍රීසි භාෂාවෙන් සිංගප්පූරුවේ ලිපිනයට නිකුත් කිරීමට රෙජිස්ටාර්වරයාට නියෝග කළාය.
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
අර්ජුන මහේන්ද්‍රන්ට නොතීසි