විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ප‍්‍රචාරක දැන්වීමකට පෙනී සිටීම වෙනුවෙන් ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිලේ නායිකා ශෂිකලා සිරිවර්ධනට අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවෙන් ලැබුණු මුදලකින් කොමිස් මුදලක් ලබා ගත්තේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් කාන්තා ක‍්‍රිකට් පිලේ හිටපු කළමණාකරු ඒ. ආර්. එම්. අරූස් මහතා සම්බන්ධයෙන් කරනු ලබන පරීක්‍ෂණයට නීතිඥවරුන් සිවුදෙනකුගෙන් යුත් කමිටුවක් පත්කර තිබේ.
එහි සභාපතිවරයා ලෙස නීතිඥ ආර්. ජේ. ද සිල්වා මහතා කටයුතු කරයි. කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස නීතිඥවරුන් වන වන කාලිංග ඉන්ද්‍රතිස්ස, කපිල ලියනගමගේ සහ චින්තක රන්කොත්ගේ යන මහත්වරු කටයුතු කරති.
මෙම චෝදනාව හේතුවෙන් අරූස් මහතා ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ විධායක කමිටුවෙන් පසුගියදා ඉල්ලා අස්විය.
(●●)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd