”තමන්ගේ ජීවිතය සම්බන්ධයෙන් ගන්න ඕනා තීරණය මොකක්ද කියලා නිගමනයකට එන්න තරම් ඔවුන් මේරූ අය. ඔවුන් මේ තත්ත්වය හොඳින් තේරුම් අරන් තියෙනවා. ඒ බව දැනගෙන තමයි ඔවුන් ඉන්දියාවට ගිහින් තියෙන්නේ.”
අරවින්ද ද සිල්වා
-ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කී‍්‍රඩකයන් අයි.පී.එල්. තරගාවලියේ කී‍්‍රඩා කිරීම සම්බන්ධයෙන්...
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කව්රුවත් රටෙට අදෙරේ නැහැ.(නදී)
අරවින්ද මහතා හිතන විදිය හරි. (නි)
ඔව් ඔව්... අපි දන්නවා. අනේ කාලේ වනේ වාසේ කිවුවලු. (නි)
ඒ මිනිස්සුන්ගේ හැකියාවෙන් ඒ මිනිස්සු හම්බ කරනවා. තමුන්නාන්සෙලා ඊරිසියා කර කර ඉන්නවා. ඔය රටට ආදරෙන් කෑ ගහන අය නම් නෙමෙයි. කොල්ලෝ ටික ඉන්දියාවට ගියාට ඔරොප්පු වෙලා ඉන්නේ. කිසිදෙයක් කරකියා ගන්න බැරි උන්දැලා තමා ඊරිසියා කොර කොර ඉන්නෙ. මෙයාලාට තියෙන හැකියාවෙන් වැඩක් අරන් ඩොලර් මෙච්චරක් දෙනවා කිව්වොත් කීයෙන් කීයක් නොයා ඉදීද දන්නෙ නැහැ. (නි)
ඔය මුදල් ගේන්නේ ලංකාවට. අනික ඔය අවස්ථාව ලැබුනේ නැති අය කුහක විය යුතු නැහැ. නමුත් රට අමතක නොකළ යුතු බව මතක තබා ගත යුතුයි. (නි)
මේ වසෙරේ ක්‍රීඩකයන් අයි.පී.එල්. යන්න ගිවිසුම් අත්සන් කරලා තිබුනට පස්සෙනේ මේ ප්‍රශ්නය ඇති වුණේ. (නි)
කොහොම නමුත් කෝටි ගණන් සල්ලි හම්බ කරන ව්‍යාපාරයක් නිසා මොන බාධක ආවත් ඒ අය යනවා. මම හිතන විදිහට ඒ අයට රුපියල් ලක්ෂයක විතර මුදලක් මාසික වැටුප වශයෙන් ලැබුණා නම් ඇති. ඉතිරිය රටේ දුප්පත් ජනතාවගේ දුක වෙනුවෙන් වැය කළ යුතුය. (නි)
ඔය කට්ටිය ගැන කතා කරලා වැඩක් නැහැ (නි)
මේ කියනදේත් එක්තරා විදියකට හරි. ජීවිතය කියන්නේ සමහර අයට සල්ලි විතරයි. සල්ලි තිබුනොත් විතරයි සතුට ලැබෙන්නේ. ඒකයි සල්ලි පස්සෙම යන්නේ. රට වෙනුවෙන් කරන්න තියෙන්නේ කැපකිරීමක් කියලා ඒ අය දන්නේ නැහැ. (නි)
ලබන වසෙරේ ක්‍රීඩකයෝ අයි.පී.එල් යවනවද ? එසේ යවනවානම් මොන කොන්දේසි උඩද කියන එක පිළිබඳව ක්‍රිකට් පාලක මණ්ඩලය දැන්මම තීරණයක් අරගෙන රටට ප්‍රකාශයක් නිකුත් කරන්න. නැත්නම් මේ ප්‍රශ්න ලබන අවුරුදෙත් ඇති වෙනවා. අයි.පී.එල් ගහන්න සති 7 විතර ගතවෙනවා. මේ කාලයේදී අපිට පුළුවන් වෙනත් රටක් සමග ක්‍රිතට් තරගාවලියක් කරන්න.(නදී)
ප්‍රශ්නය තවත් දික්ගස්සන්නේ නැතුව අපේ කට්ටිය අයි.පී.එල් ගියපු එක හොඳයි. සල්ලි හම්බවෙන එක වෙන දෙයක්. අනිත් ප්‍රාන්ත වල අයට දැන් තමිල් නාඩුව අමතක වෙනවා. අපේ කට්ටිය එහෙ ඉන්න නිසා. ඉන්දියාව නැතුව අපිට වැඩකරන්න පුළුවන් ද ?(නදී)
අරවින්ද මහතාගේ අදහස් හරියට ම හරි.(නදී)
සල්ලි මල්ලි සල්ලි.(නදී)
එයාලා අනිවාර්යයෙන් අයි.පී.එල් යන්න ඕනේ. ඒ සල්ලි එන්නේ අපේ රටට. ක්‍රීඩකයෙකුට ටික කලයි සෙල්ලම් කරන්න පුළුවන්. ඒ ටික කාලේදී හම්බ කරගන්න ඕන. චමින්ද වාස් මොනතරම් කාලයක් රට වෙනුවෙන් සෙල්ලම් කරාද? එයාට මොනවද තියෙන්නේ ? (නදී)
තමල්නාඩුව කියන්නේ ඉන්දියාවම නෙවෙයිනේ. ඉන්දියාවේ එක ප්‍රාන්තයක් විතරයි. අනෙක් ප්‍රාන්ත සියල්ල අප සමග නේද?(නදී)
අපේ සමහර නායකයින්ට දැන් එහෙ චකිතය ඇතිවෙලා. අන්තිමට අහයි මම එහෙ ගියාද? මම කීයක් ගැහුවද මට මතක නැහැ කියලා.(නදී)
තමන්ගේ මහන්සියෙන් කියක් හරි හම්බ කරන්න ගියපු එකට පාරට බහින්න ඉන්නවා. ඒත් අපේ කට්ටිය ඉන්දියාවෙන් හයිවේ එකට බස් ගේනකොට ඔය කෑ ගහන අය නිදාගෙනද හිටියේ? (නි)
ලාංකිකයන්ට ඉන්දියාවේ තියෙන ලොකුම දේ තමයි අයි.පී.එල් . වෙන කව්රු ගියත් මේක තරම් හම්බ කරන්න බැහැ. අපේ නළු නිලියෝ යවලා බලන්න ශත පහක් හම්බ වෙයිද කියලා.(නදී)
ඔව් ඔව් ඔය ක්‍රීඩකයන්ගේ පුරවැසිභාවයත් නැති කරලා දාලා ඔය කියන කට්ටිය ඔක්කොම ජාතික කණ්ඩායමට සෙල්ලම් කරන්න දැම්මොත් හරි නේද? නැත්තම් ඔය මන්ත්‍රීලා කට්ටියත් හොඳයි. පැනල යයි අමතර ආදයමනේ. අනේ වෙන වැඩ නැද්ද දැන් මේ කොච්චර අමාරුද ජීවත්වෙන්න ජීවන වියදම මේවා වැඩක් නෑ ඔන්න ඔහේ අපට අදාල නැති දේවල් කියවනවා.(නදී)
රටේ සමහර නායකයන් කරන දේ වල හැටියට ඕක මොන වැරද්දක්ද? ඕකට නිකම් කතාකරන්නේ නැහැනේ. දක්ෂයෙක් වෙන්නම ඕනනේ ඉතින් කමක් නෑ, ඒ උනත් දිනේෂ් චන්දිමාල් ට මේකෙන් අගෞරවයක් වෙන්නේ නෑ එයත් හොඳටම වටිනවා.(නදී)
මොනවා උනත් ලංකාවේ තුන්දෙනෙක් අයි.පි.එල් නායකත්වය දරනවා මේවා ඔයාලට පේන්නැද්ද ? රට ගැන හිතන්න කියන අය ක්‍රීඩකයන් ගැන හිතනවද ?(නදී)
අරවින්ද මහතයල ක්‍රීඩා කරන කලේ සල්ලි පස්සේ හබගියේ නැහැ , නියම විදියට හැසුරුණා, ලෝක කුසලානය දිනුව . අද ඉන්න මිනිසුන්ගේ හැසිරීම දිහා බැලුවම මට ලොකු සැකයක් ඇතිවෙනවා , නිතරම මේ ගොල්ල අවසාන ටරගයට ඇවිත් පරදිනවා , මේකට මුදල් වල යම්කිසි බලපෑමක් තිබෙනවද කියල (ස)
අරවින්ද කියන එක හරි කියලා කව්රු කිවුවත් දැන් බලන්න මොකද වෙලා තියෙන්නේ කියලා.ලෝක ප්‍රකට අපේ පිතිකරුවෝ බැංකු ළග වේලෙනවා.කිසිම කෙනෙක් තමන්ගේ හැකියාවන් මේ දක්වා පෙන්නුවේ නැහැ. (නි)
අපි කියන දේවල් කපන්නේ කොටන්නේ නැතිව දානවනම් ගොඩක් දේවල් තියෙනවා කියන්න.(නදී)
ලංකාවේ ක්‍රිකට් ගහන අය රටේ අහිංසක මිනිසුන්ගේ මුදල් ගන්නේ නැහැ. ඒ අය පිටරටවල ක්‍රීඩා කරලා විදේශ විනිමය ඩොලර් වලින් ලංකාවට ගේනවා. ඒ අයට ගෙවන්නේ ඒ මුදල් වලින් කොටසක් මිස දුප්පත් මිනිස්සුන්ගේ සල්ලි නොවේ. නමුත් මේ ක්‍රිකට් ගහන ළමයි දුප්පත් මිනිහගේ මුදල් ගන්නේ නැහැ. නමුත් දුප්පත්ම මිනිහට සතුටුවෙන්න තියෙන එකම සතුට ලබා දෙන්නෙත් මේ ක්‍රීඩකයෝ බව අමතක කරන්න එපා. (නි)
මුදලට තරග පාවාදෙනවට වඩා මුදලට ක්‍රීඩා කිරීම හොදයි . (නි)
ඒ ප්‍රකාශය සම්පුර්ණ ඇත්ත.(ස)
දේශපාලකයෝ රටට ආදරේ නැත්නම් ක්‍රීඩකයන්ගෙන් ඒ දෙය බලාපොරොත්තු වෙන එක වැරදී. රටට සැබෑ ආදරයක් තියනවනම් රජයට තිබ්බ ක්‍රීඩකයන් අයි.පී.එල් යන එක නතර කරන්න. ක්‍රිකට් ආයතනයට එහෙම කරන්න බැහැ මොකද ඔවුන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ මුදල් වලින් යැපෙන නිසා. (නදී)