(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පුත්තලම නගරයේ ප්‍රධාන මාර්ග හා දුම්රිය මාර්ග හරස් කරමින් විරෝධතා කිසිවක් නොපවත්වන ලෙසට පුත්තලම දිසා විනිසුරු හා මහෙස්ත්‍රාත් අනුර ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා අද ( 03 ) එයට සම්බන්ධ සිව් දෙනෙකුට නියෝග කළ අතර එම සිව් දෙනාට 11 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට ද දන්වා නොතිසි ද නිකුත් කළේය.
මෙසේ අදාල නියෝගය නිකුත් කිරීම සිදුවූයේ පුත්තලම නගරයේ පදිංචි මොහොමඩ් අමින් මොහොමඩ් ඉෆ්ලාල් , අබ්දුල් වදුප් මෙහොමදු ඉෆ්පාන් , මොහොමඩ් රිස්වාන් , මොහොමඩ් අජ්මිල් කාන් නැමති සිව් දෙනෙකුටය .
පුත්තලම පොලිසිය අද (3) පුත්තලම අධිකරණයේදී දිසා විනිසුරුවරයා වෙත කරුණු ඉදිරිපත් කරමින් දන්වා සිටියේ අරුවක්කාලු කසල අංගනයට කසල රැගෙන ගමන් කරනු ලබන ටිපර් රථ වලට දිගින් දිගටම විරෝධතා එල්ල වෙමින් තිබෙන බවත් එම හේතුවන් මේ වන විට බරපතල තත්වයක් සිදුව ඇති බවයි. මෙය සැලකිල්ලට ගත් දිසා විනිසුරුවරයා විසින් අදාල නියෝගය ලබා දුන්නේය.
එම නියෝගය ලබා දෙමින් දිසා විනිසුරු හා මහෙස්ත්‍රාත්වරයා දන්වා තිබුණේ මින් ඉදිරියට ප්‍රධාන මාර්ග හා දුම්රිය මාර්ග කිසිවක් අවහිර වන ලෙසට විරෝධතා පැවැත්වීම තහනම් බවත් එසේම කිසිදු ආකාරයකින් කසල ප්‍රවාහනය කරනු ලබන වාහන වලට කිසිදු හානි දායක කිසිවක් මින් ඉදිරියට සිදු නොකරන ලෙසයි.
එසේම සාමකාමීව රැස්වීමට අයිතිය ඇතත් කිසිදු කඩාකප්පල් කාරි කටයුත්තක නොයෙදෙන ලෙසටද එම නියෝගය මගින් පෙන්වා දී තිබුණි.
පුත්තලම මූලස්ථාන පොලිසියේ නිලධාරීන් මගින් අදාල පිරිස් වෙත අදාල නියෝගය ලබා දීම සිදුකෙරිණි.
අරුවක්කාලු කසල අංගනයට කසල ප්‍රවාහනය කරනු ලබන වාහන වෙත පසුගිය දින කීහිපය පුරා දිගින් දිගටම විරෝධතා එල්ල වී තිබූ අතර එයට අමතර රාත්‍රී කාලයේ සැඟවී සිටින පිරිස් සිදුකරන ලද ගල් ප්‍රහාර වලට වාහන වලට හානි සිදුව තිබූ බවද පොලිසිය කියයි.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
අරුවක්කාලු විරෝධතාකරුවන්ට අධිකරණයෙන් නියෝගයක්