එක්සත් ජාතික පක්ෂයේ භික්ෂු පෙරමුණ සංවිධානය කළ සංඝයා වහන්සේලා දහස් නමකට සංඝගත දක්ෂිණාවක් ජනපති හා අගමැතිගේ ප්‍රධානත්වයෙන් අද (8) අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.
ඉත්තෑපානේ ධම්මාලංකාර කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහනායක, කොටුගොඩ ධම්මාවාස අමරපුර නිකායේ අනු නා හිමි ඇතුළු දිවයිනම ආවරණය කරමින් සෑම දිස්ත්‍රික්කයකම නියෝජිත හිමිවරු ඒ සඳහා එක්ව සිටියහ. අතර මැති ඇමැතිවරු පිරිසක් ද ඊට එක්වූහ.









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාදු සාදු සාදු.(හේ)
පින්කම් වලටත් දේශපාලනය ගාගෙන පවු කරගන්න මෙහෙමත් මිනිස්සු (බ)
මෙවන් පින්කම් කරන්න තවත් ශක්තිය ලැබේවා.(හේ)
ලජ්ජනැතිකම මහ මුදලිකමටත් වැඩිය ලොකුයි අරහෙ හාමුදුරුවරු හිරගෙදර මේ අය දේව දත්ත සාසනේ අය වෙන්න ඇති(කෞ)
මේ සාංඝික දානයක්.දේශපාලන දන්සලක් නෙවෙයි.(කෞ)
ජනතාවගේම සල්ලි නේද(කෞ)
ඉතා හොඳ පින්කමක්. කවදා හරි අපි ගෙනියන්නේ දන් දුන් දෙයක් විතරයි. (බ)
එදා මහින්ද රාජපක්ෂ රජ දවස නම් දන් දුන්නේ මහජන මුදලින්. ඒත් දැන් එහෙම නොවෙනවා ඇති කියලා අපි ගොඩක් සතුටු වෙනවා. ගරු ජනපතිතුමනි, ගරු අගමැතිතුමනි, ඔබේ වෙනසට අපි ගරුකරනවා (නි)
ලොකු පිනක්.(හේ)
පිංකමක් කරන්න ඕන කියලා දුන්නා නම් හොදයි. හැබැයි අපිට නම් සැකයි.(කෞ)
මේවා තමුන්ගේ දනයෙන්නම් හොදා (කෞ)
පෙර රජ ගිය මග. (ර)
බොහොම හොඳ උතුම් වැඩක්. (ර)
කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි. (ර)
මහා සංඝයා උදෙසා රජ ගෙදර දන්දීම කවදාවත් කාටවත් ගැටළුවක් උනේ නෑ. (ර)
මේ සාංඝික දක්ෂිණාව කරන පින්වතුන්ට නේද අහවලා අද නවගමුවේ දේවාලේ පොල් ගහන්නේ? (නි)
මේ පිංකම සාර්ථකව පවත්වන්න පුළුවන් වුණේ මහින්ද මේ ශාලාව ලොකුකරලා හදවපු නිසා නේද? පිං වලින් 50% ක් එයාටත් ලැබෙයි වාගේ. (නි)
පෙර රජ දවස මතක් වෙනවා, හැමදාම මහා සඟ රුවනට දනය පුජා කරගත් ආකාරය. (ර)
එදා දන් දීම මේ අයට ගැටළුවක් උනා... (ර)
ලොකු පිං ඇති කටයුත්තක්. (ර)
දම්මි, හාමුදුරුවන්ට දෙන සාංඝික දානයටත් ඊර්ෂ්‍යා කරන්න එපා (නි)
අරලියගහ මැදුරේ ඉස්සර දුන්නේ දන්සැල්. එහි දැන් බුද්ධ පුත්‍රයන්ට දානය පුජා කරනවා. (නි)
මහා සංඝරත්නය උදෙසා සිදුකළ දානමය පිංකම සතුටින් අනුමෝදන් වෙමි (නි)
අරුණ තරංග, ඔයා හිතන්නේ මේ පුද්ගලික සල්ලි කියලද?? (නි)
එදා විවේචනය කළා. අද කව්ද විවේචනය කරන්නේ.... (ර)
දන් වළඳන එක ගැන අපිට කිසි ගැටළුවක් නැහැ. එහෙත් දන් වළඳලා ආහාර විතරක් නෙමෙයි දේශපාලකයින්ගේ අදහසුත් ජීර්ණය කරගෙන දේශපාලන බණ නම් කියන්න එපා. බෞද්ධයෝ විදිහට ලැජ්ජාවේ පණයනවා සමහර හාමුදුරුවෝ කියන බණ අහලා.... (නි)
දම්මි, හාමුදුරුවන්ට බැති සිතින් දානය පිළිගන්වන්න ලැජ්ජා වෙන්නේ ඇයි? ඔබේ හිතේ පැසවෙන වෛරයයි, ක්‍රෝධයයි ඉවත්කරගෙන කව්රු කළත් හොඳ දේ හොඳයි කියන්න පුරුදු වෙන්න. (නි)
88-89 වසර වල මියගිය අහිංසකයින්ටත් මේ පින් අනුමෝදන් වේවා...! (නි)
හොඳ පිං කටයුත්තක්. (ර)
මෙන්න මේ නිසා තමයි කාල් මාක්ස් මීට අවුරුදු 150කටත් කලින් කිව්වේ ආගම අබින් වගේ කියලා. තමන් සැදැහැතියෝ කියන්න පාලකයෝ ආගම භාවිතා කරනවා (බ)
මහජන මුදලින් නොවෙයි කියලා හිතනවා. (නි)
අපි මේ වගේ පින්කමි වලට හරි කැමතියි සාදු ...සාදු ..සාදු .(හේ)
මේ පින් කමෙන් ඔබෙලගේ හිතේ තිබෙන වෛරය. ඉරිසියාව දුරුවේවා.(හේ)
කවුරු කලත් හොදදේ හොදයි .(හේ)
සාදු ....සාදු ...සාදු ..(හේ)
දර්ශන, ඒකයි මම "දැන් එහෙම නොවෙනවා ඇති කියලා" සදහන් කළේ. ගරු ජනපතිතුමා, ගරු අගමැතිතුමා ගැන පූර්ණ විශ්වාසයක් අපිට තියන්න පුලුවන් ඔවුන් කටයුතු කරන විදියෙන්. අපි තවදුරටත් අන්තගාමී නොවී කටයුතු කිරීම අපේ රටේ අනාගතයට ගොඩක් වටිනවා. (නි)
මේවගේ පින්කම් දකිනකොටත් ඉතා සතුටුයි ..(හේ)
දන් දීම ඉතා හොද කටයුත්තක් ..(හේ)
දැන් ඉතින් දන්සැලුත් පටන්ගත්න පුලුවන් (නි)
කව්රු දුන්නත් ,කොහේ දුන්නත් ,දානය උතුම්! (බ)
මේවා මෙලොවටත් එලොවටත් හොඳ වැඩ. මේවත් අර කියපු විදියට මහින්දගේ කාලේ වගේ ජනතා මුදල්ද දන්නේ නැහැ. එහෙම නම් අපේ රටේ හැමෝම එකතුවෙලා කරපු පින්කමක් වේවි. (නි)
ඉතා හොඳ පින්කමක්. (නි)
ඔව් අරුණ තරංග අපිට පුදුම විශ්වාසයක් ඒ දෙන්නා ගැන තියෙන්නේ- මීට කුලියාපිටියේ ඉදිකෙරුණු අතිදැවැන්ත වොක්ස්වැගන් කර්මාන්ත ශාලාවේ සේවයේ යෙදෙන නව රජයෙන් ලැබුන රැකියා දසලක්ෂයෙන් එකක් ලබාගත් සාඩම්බර සේවකයෙක් (බ)
හොඳ අවස්ථාවක් හොඳ පින්කමක්.(හේ)
මෙවන් පින්කම් කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා.(හේ)
සිතට දැනෙන්නේ පුදුම සැනසීමක් (නි)
සාධු සාධු සාධු!!! (නි)
හරි හම්බ කරපු දේවල් දුක් මහන්සියෙන් දනට පිනට දෙන එක ලොකු පිනක්.(හේ)
ලොකු වෘත්තිය සමිති නායකයො එහෙමත් ඉන්නේ... (නි)
දන්සල මෙයාලත් පටන් අරන් වගේ.(හේ)