සේවක අර්ථසාධක අරමුදල හා සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල එක්කර පොදු අරමුදලක් සැකසීම ගැන අද (16) අරලියගහ මන්දිරයේ පැවැති වෘත්තිය සමිති රැස්විමට කැඳවා ඇත්තේ ආණ්ඩුවට හිතවත් වෘත්තිය සමිති පමණක් බව වෘත්තිය සමිති ඒකාබද්ධ බල මණ්ඩලය කියයි.
වැඩ කරන ජනතාව නියෝජනය කරන වෘත්තිය සමිති 25 කට ආසන්න ගණනකට ඒ සඳහා කිසිදු කැඳවීමක් ලැබි නැතැයි වෘත්තිය සමිති ඒකාබද්ධ බල මණ්ඩලයේ කැඳවුම්කාර මණ්ඩල සාමාජික සෝමවීර චන්ද්‍රසිරි මහතා පැවසුවේය.
මේ සම්බන්ධයෙන් වෘත්තිය සමිති ඒකාබද්ධ බල මණ්ඩලයේ විරෝධය පළ කරන බවත් තමන්ට හිතවත් වෘත්තිය සමිති එක්කර වැඩ කරන ජනතාවට හිමි අරමුදල් කොල්ලකන්නට කිසිසේත් ඉඩ නොදෙන බවත් කී ඔහු එයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනිමට තම බල මණ්ලයට අයත් වෘත්තිය සමිති කටයුතු කරන බවද ඔහු කීවේය.
සේවක අර්ථසාධක අරමුදලට අත තැබීම හරියට භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව මගින් මේ ආණ්ඩුව පසුගිය කාලයේ සිදු කළ මහා වංචාව වගේම මහ දවල් මංකොල්ලයක් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී බන්ධුල ගුණවර්ධන මහතා පැවසීය.
‘අපි වෘත්තීය සමිති විදියට මේ මංකොල්ලයට ඉඩ දෙන්නේ නෑ. අපි ඒකාබද්ධ විපක්ෂයක් ලෙස මෙයට විරුද්ධව නැගී සිටිනවා.‘ යැයි ද ගුණවර්ධන මන්ත්‍රීවරයා පැවසීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකක්ද මේ ක්‍රමය? කවුරුහරි දන්නා කෙනෙක් ඉන්නවා නම් කරුණාකර විස්තර කරන්න. අපට එක්වරම අතට ලැබෙන මුදල වෙනුවට මාසිකව විශ්‍රාම මුදලක්ද ලැබෙන්නේ? (නි)
හිතවත් සමාගම් සමග වෑඩකිරීම ගෑන අපට ගෑටලුවක් නෑත. නමුත් සේවක අර්ථසාධක අරමුදලට සිදුකරන්නට යන්නේ කුමක්දෑයි දෑනගෑනීම සියලු සේවක ප්‍රජාවගේ අයිතියකි. ඒ සදහා රජය නිසි ක්‍රියා මාර්ග ගත යුතුය.(රේ)
අනේ සමන්ති, ඔයා තාම බල බලා ඉන්නේ සිදුවුණ දේ විතරද? වෙන්න යන දේ ගැන පෙනෙන්නේ නැද්ද? (නි)
අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)
දැන් ක්‍රමයේදී අපිට මුළු මුදලම 55දී විශ්‍රාම යනවිට ලැබෙනවා. නමුත් විශ්‍රාම වැටුපක් පරිවර්තනය වූ විට 55 ට පසු හදිසියේ මියගියොත් කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ නේද? (නි)
අපි විශ්‍රාම වැටුප් ඉල්ලුවේ නෑ නේ. මේක ගසාකන වැඩක්. යහපාලනයේ තරම දැන් තේරේ. (බ)
අනේ හැබැවට පසුගිය කාලේ මේගොල්ලෝ අනිත් අයට නොදන්වා අරලිය මැදුරේ පදිංචි කට්ටිය නේද මේ (රේ)
සේවකයා විශ්‍රාම යන විට ලැබිය යුතු වරප්‍රසාද හා මුදල් ලැබෙනවානම් මෙයට විරුද්ධ වන්නේ කුහක කමටය. (ර)
මොනවා කළත් කමක් නැහැ 55 න් පොලියත් එක්ක මුළුමුදල අතට ලැබෙනවා නම්. (අ)
අනේ අපේ අරමුදල (හේ)
අපි අමාරුවන් හැම්බ කරපුව මෙයාලා කොල්ල කයිද?(හේ)
හැමෝම හිතවත් සමාගම් එක්ක වැඩ. (ර)
කාගේ උවමනාටවද මේවා කරන්නේ? (නි)