මේ රටේ ජනතාව පීඩාවට පත් කිරීමට සැලසුම් කළ, ජනතවාගේ අයිතිවාසිකම් කප්පාදු කිරීමට තීන්දු කළ ජනතාවගේ ගහල මන්දිරය වූ අරලිය ගහ මන්දිරය නුදුරේදීම අත්පත් කරගෙන ජනතාවට එළිදරව් කරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (1) කොළඹ බීආර්සී පිටියේ පැවැති මැයි දින රැලිය අමතමින් පැවැසීය.
‘සමහරු කියනවා ජනතා විමුක්ති පෙරමුණට අරලිය ගහ මන්දිරයේ කාමරයක් තියෙනවා කියලා. අපි කාමරයක් නෙමෙයි ඔය මුළු මන්දිරයම අත්පත් කරගන්නවා. සහතික වශයෙන්ම අපි ඒ මන්දිරය අත්පත් කරගන්නවා. කෝකියෝ 40ක් හිටිය කුස්සිය. මැච් බලන්න අගල් 200කට වැඩි පුළුල් තිර, බල්ලන්ට ඒ.සි කරපු කාමර, සතුන් වතු, මේ මන්දිරය ජනතාවගේ ගහල මන්දිරය. ජනතාවට පීඩාවට පත් කරපු මන්දිරය තමයි අරලිය ගහ මන්දිරය’ යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායකයා කීය.
‘ජනතා විමුක්ති පෙරමුණ හැමදාමත් අසාධාරණයට පීඩාවට පත් වූ ජනතාව සමඟයි සිටගත්තේ. අපි කි‍්‍රයාවෙන් ඔප්පු කරලා තියෙනවා. අපි කරන්නේ මොනවාද කළේ මොනවාද කියලා අටුවාටීකා අවශ්‍ය නැහැ. අපේ කි‍්‍රයාමාර්ග භාවිතය, ඉතිහාසය ඔප්පු කරලා තියෙනවා. අපි එක එක පිට්ටනිවල ගාල් කරන්න බොහෝ අය උත්සාහ කරනවා. එහෙම කරන්න උත්සාහ කරන මහත්වරුන්ට අපි කියන්නේ සොරි මහත්තයෝ කියලා. ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව නගන අවලාද රැල්ල අපි අලූයම ලූ කෙළ පිඩක් තරම්වත් ගණන් ගන්නේ නැහැ. ඒක හීන් කෙඳිරියක් පමණයි. සහතිකයි. පැවැති පාලනයත් පවතින පාලනයත් කළේ ජනතාව පීඩාවට පත් කිරීම පමණයි. එදා සිදුවුණු දේවල් අද සිදුවෙමින් පවතින දේවල් ගැන නැවත නැවත කියන්න ඕනේ ද ? පැවැති හැම ආණ්ඩුවමක්ම මේ රටේ ජනතාව පීඩාවට පත් කළා. අද අපි සහතික වෙනවා. මේ ගෙන යන පීඩාවන් අපේ පරම්පරාව විසින් අවසන් කරනවා. මේ පීඩාවන්, මේ දුක, මේ අසාධාරණකම්, මේ අවනීතිය අපි අවසන් කරනවා’ යැයි ඔහු තවදුරටත් කීය.
ඡායාරූප - ගයාන් අමරසේකර
වීඩියෝ - ශාන්ත සෙනෙවිරත්න






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දවල් හීනයක්ද මේ දකින්නේ? (නි)
ඕවා කියන්න නමුත් අහන්න අය දැන් නැහැ අපේ රටේ, ඒ නිසා බොරු නොකිය ඉන්න (හේ)
දැන් ඔතන ඉන්න කාටවත් ධනය නැත්ද? (ර)
ශාන් බණ්ඩාර කියන දේ හරි. මේ වගේ සමාජයකට ජවිපෙ වගේ දියුණු දේශපාලනයක් කරන පක්ෂයක් දිරවගන්න බෑ. (ර)
දිය බොරකර මාළු බාන්න දක්ෂ කණ්ඩායමක් ලෙසයි ජවිපෙ මම දකින්නේ (නි)
සිහිනයෙන් පවසනවා වැනිය (නි)
දියුණු දේශපාලනයක නොදියුණු කතා. (ර)
සහෝදරයා, අරලියගහ මන්දිරය අල්ලන්න පෙර පක්ෂයේ සිටි නායකයෝ සිටින සාමාජිකයෝ රැක ගන්න බලන්න. (ර)
හිටිය සහ දැන් ඉන්න දෙගොල්න්වම ජනතාවට එපාවුනු කාලෙක ඇයි ජවිපෙ ජනතාව තමන් පැතත්ට නම්මවා ගන්න වැඩපිලිවෙලක් හදන්නෙ නැත්තේ කියන එකයි ප්‍රශ්නේ. රතු කමිස, කැට හෙලවිම, කැම්පස් වල අරගල, වැඩවර්ජන වගේ දේවල් තියෙන කල් අපිට මතක් වෙන්නේ පරණ ජවිපෙයි. එකයි ඡන්දෙ දෙන්නෙ නැත්තේ. මේවා වෙනස් කරලා එන්න. ඔයාලගෙ තියෙන හොර නොකරන ගතියට, කෙලින් කතාවට ජනතාව කැමතියි. (ර)
දැන් මහින්ද නැති හින්ද මොනවත් කියන්න දෙයක් නැහැ (ර)
අතීතයේ මගේ සිත් ගත් සහ සාමාජික වශයෙන් සිටි පක්ෂය , එහෙත් කලකට පසු මම තේරුම් ගත්තා මේවා සිහින කතා සහ ක්‍රියා පමණක් බවත් , මොවුන්ගෙන් සිදු වන්නේ ලංකාවේ වාමාංශික පක්ෂ නෙති කිරීම පමණක් බවත් ,(හේ)
රටක රාජ්‍ය නායකයට ඒකට සරිලන වාසස්ථානයක් තිබිය යුතුයි - එතනට විදේශවල රාජ්‍ය නායකයෝ, තානාපතිවරු යන එන තැනක්. ඒක අරලිය ගහ මන්දිරේ නෙවෙයිනම් වෙනත් තැනක් වේවි. (හේ)
හීනයක් වත් දෑක්කද හලෝ අපිට මතකයි බාරගත්ත අමාත්‍යාංශ කල හෑටි අනික ආපු 7000 සෙනග එක්ක වෙන්න ඈති (ම)
ජනතාවට ඕනෑ යක්ෂයින් මිසක් දෙවිවරු නෙමෙයි. (ම)
නිර්දන පන්තියේ දියුණු දේශපාලනයක් කරන්න ගියපු කියුබාවත් අන්න ධනපති ඇමෙරිකාව දිහාවට හැරිලා. ඕගොල්ලන්ටත් තියෙන්නේ ඉක්මනට යුඑන්පී එකත් එක්ක එකතු වෙන්න.(හේ)
රාජ්‍ය බලයක් නැතුව කරපු ටික හොදටෝම ඇති අපේ රටට බලයක් ලැබුනොත් කොහොම තියෙයිද?(හේ)
එවැනි බලයක් ඔබතුමන්ලාට තියෙනවද?(හේ)
අත්පත් නෙවෙයි අරලියගහ මැදුර අස්පස් කරනව කියල වෙන්න ඇති කිව්වෙ. (ර)
සිහින හතක් මැද විමනක් තැනුවයි....(ම)
ඔබලා මහින්ද මහත්තයාගේ වැරදි පමණක් උලුප්පා දක්වන්නේ නැතිව ඒවා නිකම් වචන වලට පමණක් සිමා නොකර, සියලුම හිටපු දේශපාලකයෝ කල වැරදි විද්‍යාත්මක ව සහ සන්ක්‍යලේකන ඇතුව ඔප්පු කරන්න ඉදිරිපත් වෙන්න . අවිට ඔබලාට ඒ ඉලක්කයට යන්න මග හැදේවි. (ර)
සිහිනෙන්... සිහිනෙන්.... මා අමතනවා... (ර)
වසන්තය එනවාමයි. (ර)
ආයෙත් අමුතුවෙන් මොනවා අත්පත් කරගන්නද? දැනුත් වැඩි වෙලාවක් ඉන්නෙ එහෙ කියලයි අපිට නම් ආරංචි (නි)
වහල්ලු ඉන්නාතුරු ඒවා කොහෙද සහෝදරයා? (නි)
ඔබතුමා ඕවා බලෙන් අල්ලන්න යන්න ඕනෑ නැහැ. දැනටමත් ඔබතුමාට ඔය කියන ගහල මන්දිරෙන් පක්ෂයේ වැඩකටයුතු කරගෙන යන්න කාමරයක් දීලා තියනවා කියලා ඔය කියලාම තියෙන්නේ (නි)
මහා බැංකු බැඳුම්කර වංචාව, වැට් බදු වගේ භයානක හීන නොපෙනී, අරලිය ගහ මන්දිරය වගේ සුන්දර හීන පෙනෙන එක, එකඅතකට නරකමත් නැහැ. (නි)
හීනයක් දකිනවාද? (නි)
මේවා සිහින කතා පමණයි. ළඟදි අයර්ලන්තයට ගියේ අරලියගහ මන්දිරය අත්පත් කරගන්න එහෙන් උදව් ගන්නද? (නි)
කොහොමද දැන් වටලන්න හිතාගෙන ඉන්නේ.(හේ)
මේ අය දවල් හීන දකිනවා. (නි)
මේ කතා අහලා දැන් තිත්තවෙලා තියෙන්නේ. (නි)
මේවට රැවටුන කට්ටිය දැන් නැහැ (හේ)
සෙනඟ ටිකක් දැක්කහම හිටපු නායකයො සමහරුත් මෙවැනි විහිළු ප්‍රකාශ කළා මතකයි. ලක්ෂ හතරක් වැනි ඡන්දදායකයින් ඉන්න පක්ෂයකට පුලුවන්ද එවැනි දෙයක් කරන්න. (නි)
බිම වාඩිවෙලා ඉන්න නිසා ඔලුගෙඩි ටික ගණන් කරගන්න පහසුයි. ඔය ප්‍රමාණයම දැන් අවුරුදු 50 ක් තිස්සේ ඉඳලා ඉන්නවා. කලින් හිටිය අයත් ඒ අයගේ පරම්පරාවේදී ඔය කතාවම කිව්වා. හැබැයි එ්ක එහෙම වුණේ නම් නැහැ. වචන වල ලස්සන විතරයි. (නි)
අනේ මහත්තයෝ, නිර්ධන පන්තියේ ඔයාලට මොකටද මන්දිර? (නි)
අනාගතය ඔබ සමඟයි. ජය වේවා...! (නි)
මෙයාලට තාමත් මහින්ද හැර වෙන දෙයක් කියන්න නැහැ (නි)
ටිල්වින් මහතාගේ පෙනුමට මම නම් කැමතියි. නියම නිර්ධන පන්ති පෙනුමක් තිබෙන්නේ. (නි)
පොඩි ආසාවක් තියනවා නේද අරලිය ගහ මැදුර පැත්තේ යන්න (බ)
ප්‍රතිචාර දක්වා ඇති වහලුන් ගණන එක්ක බැලුවම සමාජ සාධාරණත්වය හදන එක ඔබට ලෙහෙසි වැඩක් නෙවෙයි. එ්ත් සුබ පතනවා. උත්සාහ කරන්න. (බ)
අපි කරන්නේ මොනවාද කළේ මොනවාද කියලා අටුවාටීකා අවශ්‍ය නැහැ... 1971 සහ 1988-89 මතක අයට කළේ මොනවද කියල මතක තිබුනට තවමත් කරන්න යන්නේ මොනවද කියල නම් අපට පැහැදිලි නැහැ. (බ)
සමහරු නම් බලාගෙනම ඉන්නේ ජනතා විමුක්ති පෙරමුණ දිනනතුරුයි. (නි)
මන්දිරය ගැන කියන සමහර දේ ඇත්ත වුණත් මන්දිරය අත්පත් කරගැනීම නම සිහිනයක් පමණි. (නි)
සිහින ලොවක් දුටුවා මතකයි....(ම)
දැනටත් අරලියගහ මැදුරේ ඔයාලට කාමරයක් තියෙනවලු නේද? කමක් නැහැ. මුළු පක්ෂයම යූඑන්පීයට විකුණලම දාමු. එතකොට වැඩේ ඉවරයිනේ (නි)
එතකොට පදිංචි වෙන්නේ කවුරු එක්කද? (නි)
දවල් හීන දකින්නේ නැතුව ඉන්න. (ර)