පොළොන්නරුව අරලගංවිල කුඩාවැව ටී ජී ටිකිරිබණ්ඩා මහතාගේ කුඹුරට 2012 දෙසැම්බරයේ ආකාශ වස්තුව වැටුණු පෙදෙස ආරක්ෂා කිරීමට යයි.
මෙම ආකාශ වස්තුව පරීක්ෂා කළ එංගලන්තයේ බකින්හැම් විශ්ව විද්‍යාලයයේ මාහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ මහතා ඇතුළු කණ්ඩායමේ නිගමනය වූයේ පිටසක්වල ජීවීන් සිටින බවට එම පාෂණයේ සාධක ඇති බවයි.
ශ්‍රී ලංකාවට එවැනි පාෂණයක් වැටුණු ප්‍රථම අවස්ථාව මෙයයි. එම නිසා මෙම ස්ථානය සංරක්ෂණය කළ යුතු බවට රජයෙන් ඉල්ලීමක් කර ඇත.
මහින්ද රාජපක්ෂ ජනපතිගේ උපදෙස් පරිදි සෙනසුරාදා (25) සිට එම ස්ථානයට පොලිස් ආරක්ෂාව යොදා ඇත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රොෂාන් ප්‍රනාන්දු මහතා සහ චින්තක මහතා යතාර්ථයෙන් මෙතන ප්‍රතිචාර දක්වා තිබෙනවා . එයට බොහෝ ස්තුතියි . බොහෝ අය කරුණු නොදෙන යතාර්ථයක් නොමැතිව ප්‍රතිචාර දමා තිබේ. චන්ද්‍ර වික්‍රමසිංහ ගැන දැන ගන්න අන්තර්ජාලය අවශ්‍ය නැහැ. මම ඔහුව ලඟින් දන්නවා . ඔහු කියා නැහැ මේකේ පිට සක්වලින් ආපු ජීවින් ඉන්නවා කියලා. උගත් විද්වතුන් බොරු කියන්නේ නැහැ කරුණු හරි හැටියට නොබලා හෝ නොදැන.(නදී)
2012 වැටුණු තැනට 2014 ආරක්ෂාව දානවා. කොහොමද මොලේ ? (නදී)
මෙතන ප්‍රථිචාර දාන සමහර අය දිහා බැලුවම අර තල් අත්තට මොනවද වැටුන වෙලේ හාවා කල වැඩේ ගැන මතක් වෙනවා. මුලින්ම පුවත හරියට කියවන්න . ඒ ගොවි මහත්මයට අසාදාරනයක් උණු බවක් මේකේ නැහැ. එතන කිසියම් සාදාරනයක් සිදු වෙලා ඇති. ඊ ලගට අන්තර් ජාලය තුලින් හෝ මහාචාර්ය චන්ද්‍ර වික්‍රමසිංහ කවුද කියල බලන්න. වර්තමානයේ පිටසක්වල ගැන පර්යේෂණ වලට මේ සිද්දිය කොයි තරම් වැදගත්ද කියන එක හිතන්න බුද්දියක් තියනවා නම් යමක් ලියන්න. (නදී)
ඇමරිකාවට අපි නිතර දොස් කීවත් එම රට තමා ආකාෂ තරණයන් පිළිබඳව ඉදිරියෙන් ඉන්නේ. එම නිසා මෙම පාෂාණයෙන් කොටසක් නාසා නම් ආයතනයට ඇරිය යුතුයි.(නදී)
සුනිල් යහම්පත්, අන්තර්ජාලයට ගොස් මහාචාර්ය චන්ද්‍ර වික්‍රමසිංහ ගැන කියවා බලන්න. ඔහු ලොව පිළිගත් විද්‍යාඥයෙක්. ඔබටත් ආඩම්බර වෙන්න පුළුවන් ඔහු ගැන. (නදී)
සංචාරක හෝටලයක් හදන්නද? (නදී)
විද්‍යාත්මකව පිටසක්වල ජීවීන් ඉන්නා බව ඔප්පු වී නැත.(නදී)
එතකොට අර ලංකාවේ මහාචාර්ය තුමෙක් කිව්වා නේද ඔය පිටසක්වල එව්වා නෙමෙයි කියලා? (නදී)
හරි වැඩේ දැන් ඉතින් මායි ගෑනියි දරුවොයි බඩගින්නේ. කුඹුරත් ඉවරයි. සද්ද නැතිව වලක් හාරලා ඕක වහලා දැම්මා නම් දෙයියනේ කියල අඹු දරුවන් රැක ගෙන ඉන්න තිබුනා. අපොයි මාත් කරගත්ත මෝඩකමක්.(නදී)
පොළොව මත පාලකයින් කියා කොටසක් ඉන්නේ පොළව මත ඇති ජීවීන් හා ගහ කොළ රැක ගන්න මිස ආකාශයෙන් වැටෙන දේවල් රකින්න නොවේ. කරන්න වෙන වැඩක් නැත්නම්, ඔය සැරින් සැරේට වැටෙන දේවල් රකින්න ඉදිරිපත් වුනා ට කමක් නැහැ. (නදී)
අකාෂ වස්තු වැටුණු විට අලන්න එපා කිව්වට ඒවා අල්ලලා එකතු කරගෙන තිබෙන්නේ පොලිතින් උරයකට බවයි පෙන්නේ. මිනිස්සුන්ව දැනුවත් කරන්න මේවා අල්ලන්න එපා කියලා. පළමුවෙනි දේ මේවගේ නොදුටු විරූ හානික ක්ෂුද්‍ර ජීවීන් සිටින්න හෝ පිලිකා කාරක විකිරණ නිකුත් කරන්නට පුළුවන්. අනෙක ඔබ මේවා ඇල්ලුවම අපේ ශරීරයේ තිබෙන ජෛව රසායනික නිසා වෙනත් ජීවීන් ගැන තිබෙන සාක්ෂි මැකී යනවා. (නදී)
මේ ආකාශ වස්තුම ලංකාවේ මහාචාර්ය වරු පරික්ෂා කරලා කිව්වා අකුනකට පිච්චුන ඔය කුඹුරේම මැටි කියලා. මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ කියනවා පිටසක්වල ජීව කොටස් තියනවා කියලා. ලංකාවේ අය කියන්නේ එම ජිව කොටස් කුබුරේම තිබුණු ශාක සහ සත්ව කොටස් අකුණු සැරෙන් පිච්චිලා ගනවෙලා කියලා. ඔක්කම මහාචාර්යවරු. මේ වැඩෙන් ගොවි මහතාට තමයි පාඩුවෙන්නේ. (නදී)
ටිකිරි බණ්ඩා මහත්තය චන්ද්‍ර වික්‍රමසිංහ ගැන දන්නේ කොහොමද. එයා මුල ඉඳල ඔප්පු කරන්න හදන්නේ පිටසක්වල ජීවින් ගැන. නොයෙක් වර කියූ දේ ඔප්පු කරගන්න බැරි උනා. මේ වරත් මේ පාෂානයට කුඹුරෙන් ජීවින් එකතු උනා වෙන්න පුළුවන්. මේකෙන් වෙන්නේ මොකක් වැටුනත් මිට පස්සේ හෙළි නොකරන එක. (නදී)
ඇමරිකාවේ නාසා ආයතනයෙන් පැහැදිලිවම කියාලා තියෙනවා මේක පිටසක්වලින් ආපු දෙයක් නොවෙයි කියාලා. ඇරත් පිටසක්වල ජීවය තියෙනවා කියන්නේ කොහොමොද, මේ ගල් කැලි වලින්. ඒවායේ කිසිම ජීවයක් නැහැනේ. (නදී)
ජයසිරි මම හිතන්නේ ලංකාවේ සුවිශේෂ ගනයේ පාෂාණධාතු මහාචාර්ය වරයෙක්.එයා හොයනවා පාෂාණ හුස්ම ගන්නවාද කියල! අය්යෝ සිරිසේන!! (අ)
මුලින්ම මේක උල්කාවක් නොවන බව ඒ පිලිබඳ සාමාන්‍ය දැනීමක් තියන කෙනෙකුට තේරෙනවා මේ පින්තුර දිහා බලපුවහම. උල්කාවකට තිබිය යුතු මුලික ලක්ෂණවත් පෙනෙන්ට නැහැ. ග්‍රහවස්තුවක් පොළොවට පතිත වීමට පෙර වායුගෝලයේ තෙරපීමට ලක්වීමෙන් අධික උෂ්ණත්වය නිසා එය සුමට හැඩයක් ගන්නවා.(නදී)
අහිංසක ගොවි මහතාගේ කුඹුරත් නැති වෙන පොටක්ද මේ...(දිල්)
මේක දවල් හීනයක් වගෙයි (දිල්)
මේ නිසා අහිංසක මනුස්සයට කුඹුරත් නැති වෙයිද?(දිල්)
මොනවා වුනත් ලෝකෙට වැදගත් දෙයක් අපේ රටින් හොයාගන්නකොට අහිංසක මිනිහෙකුට කුඹුරක් කොහෙන් ලැබුනම මොකද? (නදී)
ආකාශවස්තු කොහොම වුනත්..කිරිබණ්ඩයියට කුඹුර නැතිවෙන.. ..පොටක්...! (දී)
තවත් මනස්ගාතයක් අපේ ශ්‍රී ලංකා විදුවතුන්ගේ . මෙය සත්‍ය සිදුවීමක් නම් අපේ ලංකාවේ විදුවතුන්ට පෙර ලෝකයේ දියුණු රටවල විදුවතුන් මෙය සොයා බලනවා . අන්තිමට කුඹුරත් නැතුව පිට රටවල සත්තුත් නැතුව පාඩුව විද ගන්න වෙන්නේ අහිංසක කුඹුරු හිමියාට (දී)
සුනිල් යහම්පත්, මහාචාර්ය චන්ද්‍ර වික්‍රමසිංහ ගැන දන්නේ නැහැ වගේ. (නදී)
යාලුවනේ ආකාශ වස්තු වලට පිට රට කෝටි ගණන් සල්ලි ගෙවනවා. සංරක්ෂණය කරලා එකතු කරන්න කෙනෙකුත් ඒවිද දන්නේ නැහැ.(නදී)