කොටි ත්‍රස්තවාදයේ මිලෙඡ්චතම ප්‍රහාරය අතරින් අරන්තලාවේ භික්ෂු ඝාතනය සිදුවි වසර 27 කට ආසන්නය.
එදා උතුරු නැගෙනහිර ප්‍රධාන සංඝනායක හෑගොඩ ඉන්ද්‍රසාර හිමියන් ප්‍රමුඛ සාමනේර හිමිවරුන් රැගෙන අම්පාර සිට කොළබ බලා ධාවනය වු ලංගම බස් රථය පෑදවු රියදුරු පි ජි සොමපාල මහතා කොටියාගේ ත්‍රස්තවාදින්ගේ මුල්ම ගොදුර විය.
මියයන විට රියෑදුරු සොමපාල මහතා දරුවන් හයදෙනෙකුගේ පියෙකි. තම පියා ඝාතනය වනවිට ඉන්ද්‍රානි සමරපාල 14 වන වියේ පසුවිය.
ඈය ඉතාලියේ කෝමෝ නගරයේ සිටී. ‘‘ඇය එහි ගියේ 2011 දීය . එදා උදේ තාත්තා ගමන යන්න හදන කොට අම්මා කිව්වා යන්න එපා නරක හීනයක් දෑක්කා කියලා.
‘අම්මගේ කටේ දත් හැළෙනවා ගෙදර පුරාම පුළුන් ඉහිරිලා තියෙනව අම්මා හිනෙන් දැක තියෙනවා. තාත්තා කිව්වේ මගේ හොදම යාළුවා කොන්දස්තර් මහත්තයා අවොත් විතරයි මම යන්නේ නෑත්නම් ආඅපහු එනවා කියලයි ගෙදරින් ගියේ. ඒ දෙන්නගේ යාළුකම කොච්චරද කියනවානම් එක දවසක් ඩිපොවෙදි කියලා තියෙනවා අපි මෑරෙන්නෙත් එකට කියලා.
මම එදා පාසල් යනකොටයි ඒ අවාසනාවන්ත ආරංචිය ලෑබුණේ.අපේ තාත්තව ලොකු හාමුදුරුවෝ හොඳට දන්නවා ඒ නිසා ලොකු හාමුදුරුවොත් අපේ තාත්තවම ඉල්ලලා තියෙනවා ගමන යන්න.
තත්තා මරන්න හදන වෙලේ වැඳලා කියලා තියෙනවා මට දරුවෝ හය දෙනෙක් ඉන්නවා මරන්න එපා කියලා.
ඒ සමගම තමයි එයා මරලාඅ තියෙන්නේ.( ඈය ඉකිගසා අඩමින් කියයි.) අපිට ලොකු ඉඩමක් තිබුණා උහන පාරේ මධයම කදවුරේ. එකේ පොල් මඤ්ඤොක්කා වගේ වවනවා. තාත්තා එවා නොමිලේ දුන්නේ දෙමළ අයට.
තාත්තා නැතිවුනාට පස්සේ අපිට එයාගේ පඩිය ලබා ගන්නත් ගොඩාක් මහන්සි වෙන්න වුණා. එතකම් අපේ අම්මා පාරේ වෑඩකරලා තමයි අපිට කන්න දුන්නේ.
දැන් අපි ඒ පෑත්තේ තිබුනු සියලු දේ අතහෑරලා සදලංකාවට ඈවිත් ඉන්නේ. අපේ තාත්තා වෙනුවෙන් ලෑබෙන්න දෙයක් තියෙනවානම් ලබා ගන්න අපේ අම්මා හුඟාක් මහන්සි වුණා. මෙ ළගදිත් ජනාධිපති තුමා හම්බවෙන්න ගිහින් තියෙනවා.
නමුත් වෑඩක් වෙලා නෑහෑ. අරන්තලාවේ හාමුදුරුවන් ඝාතනය ගෑන බොහෝ අය කතා කළත් ඒ බස් රථය පදවන් ගිය රියෑදුරු ගෑන කොන්දස්තර් ගෑන කතාඅකරන්නේ ගොඩාක් අඩුවෙන්. ඈය එසේ කීවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිරිය දියණියනේ අධෛර්ය නොවන්න. එදා අරන්තලාවේ දිවි දුන් භික්ෂුන් මෙන්ම ගිහියන් වූ ඔබගේ දයාබර පියාද, ඔහුගේ මිත්‍රයාද සැබෑ වීරයින් ලෙස ඉතිහාසයට එක් වීම වළක් වන්න මේ අවස්තාවාදී බඩගෝස්තර දේශපාලුවන්ට හැකි වන්නේ නැහැ. කොළඹ නගරය අලංකාර වෙන්නෙත් ඒ නගරයේ කාර් රේස් දුවන්නෙත් මේ පසුබිමේ නේද කියල හිතෙන කොට, අපි මොකට මේ රටේ උපන්නාද කියල හිතෙනවා. ඔබගේ පියාටත් නිවන් සුව අත්වේවා!(නදී)
ඡන්ද කාලෙට ගෙවල් වලට ඇවිත් දීල යන හැම එකක්ම කඩවුණු පොරොන්දු. වැඩේ කියන්නේ අපේ අය ඊළඟපාරත් දෙන එකනේ (අ)
දැන් ඔය හැම දේටම කෑ ගහන උදවිය ඒ කලේ ඉපදිලා හිටියේ නැද්ද ? (දී)
ලංකාව කියන්නේ තනිකර බොරුව රජකරන මිනිස්සු ඉන්න රටක්. එකයි මේ අසරනයන්න්ට උදව් නැත්තේ. (දී)
කෝ ඔය කියන පර සුද්දන්ගේ මානව හිමිකම් කොට්යින්ට කඩේයන පර සුද්දන්ට මේවා පෙන්නේ නැහැ ඔය අයට යන්න වෙනම ඇපයක් හදන්න වෙනවා අලුතෙන් (දී)
දේශපාලකයෝ හැමදාම කළේ චන්ද ප්‍රචාරණය හා වාසි ලැබීමයි .එත් කරන කථා ආකාරයටම වැඩ නොකිරීම ගැන මට දැන් තියෙන්නේ කලකිරීමක් ! (දී)
කුමාර ඔබ හරි, බොරුව පුදුම විදිහට රජකරන්නේ, අර පසුගිය කාලයක අරන්තලාවේ සෝකාන්තය වුන තැන ස්මාරක හදල උත්සව තියල වියදම් කරපු මුදල් මේ අසරණයන්ට බෙදල දුන්නනම් මොකද වෙන්නේ, (දී)
දුක හිතෙන කතාවක්. (අ)
මේවා අහන්න ලැබිලත් අපේ පාලකයො නිහඬව ඉන්නවා. කුමාර සහෝදරයා ඔයානම් ඇත්ත කතාවක් කිව්වේ.(නදී)