කොටි සංවිධානය 26 වසරකට පෙර අම්පාර අරන්තලාවේදී භික්ෂූන් තිස් දෙනමක් ඝාතනය කිරීමේ සිද්ධිය සිහිපත් කරමින් භික්ෂූන් සිය නමක් අද උදෑසන පිණ්ඩපාත චාරිකාවක යෙදුනාහ.
කිරිදිවැල සෝමරතන නාහිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය මුලින්ම අරන්තලාවේ ස්මාරකය වෙත ගොස් ආගමික වතාවත් සිදුකිරීමෙන් අනතුරුව චාරිකාව ඇරඹිණි.
කොටි ත්‍රස්තවාදීන් එදා භික්ෂූන් ගමන් කළ බස් රථයේදීම ඝාතනය සිදු කළ ආකාරය එතන මූර්තියට නගා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුනිල් මල්බර්න් ඔයා ප්‍රාතමික පාසලට විතරද ගියේ. ඉන්නේ මෙල්බෝර්න් ඔස්ට්‍රේලියාවෙද,? බෝට්ටුවෙන්ද ගියේ. නුගත් කමට ඔයා වගේ කතා කියන්න එපා. සේරම් සහ මර්සි ලංකා කියල තියෙන දේ සම්පුර්ණ ඇත්ත. මට පුදුමයි තමන් බෞද්‍ධයෙක්ද කියලත්. විදේශ ගත උනාට ඒ රටවලින් හරි ඉගෙන ගෙන නැහැ වගේ.(නදී)
අහන්නවත් නොලැබේවා (දී)
පොධි සාදුගේ සමාධිය යි - නෙලුම් මලින් දෝත පිරුණු... පිඩු සිගා වඩින මහා සඝ රුවනයි -පොඩි සාදුලා සුදු නෙලුම් වගෙයි දන් බෙදනවා කරුණාබර හදවතිනුයි -බස් රිය දැක හද රිදුනයි මහ සඝ පිරිවර මේ දෙරණට මහා සෙබළුන් තරම් අපට වටියි (නි)
නැවත මෙවන් විපත් කවදාවත් නොවේවා (දී)
අපේ කට්ටියට අතිතය මතක නම් වැඩ වර්ජන බොරු වැද නවත්තලා රටේ දියුනුව ගැන හිතන්න ඕනෑ (නි)
පුෂ්පේ වගේ ඉතා පටු මනස ඇති මෝඩ උදවිය නිසාම තමයි මෙවැනි මිලේච්ජ දේවල් රටතුල සිදුවෙන්නේ. මෙවැනි තිරිසන් අන්තවාදී ක්‍රියාවන් හෙළාදැකිය යුතුමයි. පුෂ්පේ වැනි මෙවැනි මෝඩයන් හැම ආගම් අතර සිටීම සමාජය පිරිහීමටත් ඉතා පහත් මට්ටමට විනය අතින් අපේ සමාජය වැටීමටත් ප්‍රධාන හේතුවක් වෙලා. (නි)
රණවිරුවන් ජිවිත පරිත්‍යාගයෙන් තමයි රට බේරා ගත්තේ (දී)
මේවා මතක් වෙනකොට මගේ කේන්තිය දෙගුණ තෙගුණ වෙනවා (දී)
ඒ එදා දෙමළ ත්‍රස්ත කොටි, අද අන්තවාදී මුස්ලිම් සංවිධාන පන්සල් චෛත්‍ය පිටින් විනාශ කොරනවා. ඒවාට පින්ඩපාතය වඩින්ඩ හාමුදුරුවරු කෝ?(නදී)
මෙවැනි භයානක අතීතයක් මේ රටේ තිබුණු බව බොහෝ දෙනෙකුට අමතකවීම ඊටත් වඩා අති භයානක බව පමණක් දන්වා සිටිමු.(නදී)
කරුණාටත් ආරාධනා කරන්ඩ තිබුනේ. (නදී)
මේවට වගකියන්න ඕනෑ "මහ කොටි" හුරතල් කරනවා, සැප දෙනවා ඉන් නොනැවතී අපිට උපදෙස් දෙන්නත් පත්කරනවා. මේවගේ සිද්ධි දේශපාලන වේදිකාවේ රස කැවිලි ගානට විකුනනවා. (නදී)
මේ ඝාතනය කිරීමට සම්බන්ධ කොටි දැන් කොහේ ඉන්නවා ඇත්ද හැබැට? (නදී)
කරපු/කරවපු අය දැන් ප්‍රභූ උත්තමයෝ වෙලා නිසා ඝාතනය වූ ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් කනගාටුව ප්‍රකාශ කිරීම විතරයි ඉතුරු වෙලා තියෙන්නේ.(නදී)
භික්ෂූන් මැරු පුද්ගලයා අද ඉන්නේ කොහෙද ...? ලේ කෝප වෙනවා මේවට. මම ගියා අරන්තලාවට එතනට යද්දීම පිස්සු වගේ. පුදුම වේදනාවක් දැනෙන්නේ. මෙහෙම තිරිසන් මිනිසුන් හට අපේ ආමි කොල්ලෝ සැලියුට් ගහන්න වෙලා.(නදී)
මට අර ඇමතිතුමා මතක් උනා.(නදී)
ඔය අවස්ථාවට අර ''කරුණා''බර අහිංසක ඇමතිටත් එන්න කියන්න තිබ්බේ. රජකම් කලත් කල කම් නම් පලදෙයි.(නදී)
අවසරයි අපේ ගෞරවනීය හාමුදුරුවනේ,මේවා මතක් වෙනවිට ඔබ වහන්සේලාට වගේ කම්පා නොවී ඉන්න හරිම අමාරුයි.මා පෘතග්ජන නිසාදෝ හිතටත් ගතටත් දැනෙන දේ,මේකේ ලියන්න සුදුසු නැති නිසා නොලියා ඉන්නම්.එහෙත් ඉවසන්න අමාරු පොලොව නුහුල්ලන මෙවැනි අපරාධ කරපු අයව පාදඩ දේශපාලනය විසින් නලවන නැළවිල්ල දැක්කහමයි අපේ හාමුදුරුවනේ. දේවගතියෙන්ම සමාවදීලා ඉල්ලන හරියත් දීලා දැම්මා නම් අපේ රණවිරුවෝ තාමත් ජීවතුන් අතරද?ආබාධිත රණවිරුවෝත් හොඳින් ඉන්නවා. (නි)
ලංකා , සේරම්, ආණ්ඩුවලට කඩේ යන ඔයාල වගේ අය නිසා තමයි දේශපාලකයෝ එයාලට ඕන වැඩ කරන්නේ රට ගැන හිතන්නේ නැතිව. වැරදි කල අයට සමාව දෙන්න කතාකරන ඔයාල වැරදි නොකළ අයට දඬුවම් කරන එක ගැන මොකද කියන්නේ. කරුණා, කේපී , දයමාස්ටේර් ,පිල්ලෙයාන් ලට විතරද සමාව.(නදී)
කල කම් පල දීල තියෙන්නේ රටේ මිනිස්සුන්ට. පෙනෙන්නේ නැද්ද? (නදී)
භික්ෂුන් වහන්සේලාව මරපු අය දැන් ඉන්නේ පාර්ලිමේන්තුවේ. ඔන්න නියම බෞද්ධයන්ගේ වැඩ. හැබැයි හාමුදුරුවරු ගව මස් කන්න එපාලු. අනික් සත්තු මැරුවට කමක් නැද්ද එතකොට. උන්ගේ ජීවිතත් ජීවිත නේද? ඔයාලට අනික් මස් කන්න හොඳද? හාල් මැස්සෝ කෑවම ජීවිත කියක් නැති කරනවද? පව් වැඩි කෝකද? එක හරකෙක් කී දෙනෙක් කනවද? (නදී)
මේ විදියට ශාන්තව ගමන් කරන කියක් දෙනා මරල දැම්මද? අද අප නායකොයෝ එදා අපරදකාරයෝ කාට කියන්නද මේ දුක ලක්බිම ඔබ හැර.(නදී)
එහෙම කියන්න එපා. කවුරු අතිනුත් වැරදී වෙනවා. ඒත් පස්සේ ඒවා තේරුම් ගෙන පස්සේ නිවැරදි වෙන්න පුළුවන්. (නි)
අපට නිතරම පවසන්නේ වැරදි කරපු අයට තරාතිරම නොබලා දඬුවම් දෙන බවයි. එසේනම් එය වචනයට පමණක් සිමා නොවී ක්‍රියාවට නැංවිය යුතුය. වැරදි කරපු අයට සමාව දෙන බවක් අපට කවුරුත් පවසා නැත. නමුත්, සමහරුන්ට සමාව ලැබී ඇති අතර සමහරුන්ට වැරදි නොකරම දඬුවම් ලැබී ඇත. (ස)
අද ඉන්න කොහොමද උපදසකයෝ වගේ (අ)
අරන්තලාව විකුනම් කනවා නේද?(නදී)
කීබුලා මඩේ දදා හෝදන්න එපා. ඇති උන දුක නැවත නැවත මතක් කර දුකින් මිදෙන්න බෑ අපේ හාමුදුරුවනේ (මජ්ජිම නිකාය -උපායාස දුක්ක සුත්‍රය) වයිරය ජනිත වී ( චන්දා-කැමැත්ත ,දෝසා-තරහව , බයා-බිය ,මෝහා-මෝඩකම ) තුලින් සතර අගතියටම යනවා.(නදී)
ඒ ඛේදනීය දිනය සමරන්ට ඕන හරිනම් දවසක් බඩගින්නේ ඉදලා. අර කිව්වා වගේ ඕවා කරපු අය අද ඉන්න තැන ගැන මතක් වෙනකොට ?(නදී)
දැන් බොහොමයක් වන්දනා මාන කරන්නේ පිල්ලෙයාන්,කරුණ අම්මාන්,කේපී වැනි මිනී මරුවන්ට . උන්ව හුරතල් කරන්ට ,සැලුට් ගහන්න පාදඩයෝ ඉන්නවා.
පුෂ්ප, නිකන් මෝඩ අදහස් දාලා වින්දනයක් ලබන්න එපා. (නි)
මර්සි, ඔබ සැබෑ බෞද්ධයෙක් (නි)
රජයේ මහා මොලකාරයෝ නිදිද ? මේ වගේ අහිංසකයින්ට කවදත් කුඩම්මාගේ සැලකිලි තමා. ලැජ්ජයි කියන්නත්.(නදී)
මෙවන් පව් කාර දේවල් නැවත නොවේවා (දී)
අපට කල හැකි එකම දෙය මේවා නිදසුනට ගෙන ජාති වාදය ආගම් බේදය පැතිරවීම නොව අනිකුත් සියලුම ජාතින් ආගම් මත දරන්නන් සමග සහයෝගයෙන් ගත කිරීමයි. අපි බහුතර ජාතියක් වශයෙන් සුළු ජාතීන්ට සහ ඔවුන්ගේ අගම වලටද ගැරහිය යුතු නැත. ඔවුන්ට අප කෙරෙහි ඇති බිය සහ ශෝකය ඇති නොවන ආකාරයට අපි ජිවත් විය යුතුය. නියම බෞධයකුගේ යුතු කම වන්නේ එයයි. වරදක් කරපු කෙනාට සමාව දීම දේව ගතියක්. පලි ගන්න යන්නේ අමනුෂ්‍යයන්.(නදී)
ගොඩක් දමිළයන් දැන් ඒ කරපු වැරදීම් තේරුම් අරන් ඉන්නේ. කොටි නායකයන් කළේ බලෙන් ළමයින් බඳවා ගෙන මනස විකෘති කර ඔවුන්ගේ අරමුණ ඒ අය ලවා කරවපු එකයි. කවුරු හෝ වරද තේරුම් ගෙන අප සමග එකට සිටි නම් පරණ කරපු වැරදි මතක් කරලා ඔවුන්ට දොස් කීමෙන් පලක් නැත. ඔවුන් යහ මගට ගෙන අප සමග එකට ජිවත් වෙන්න අවස්ථාව දිය යුතුය.(නදී)
එල්ලුම් ගස් හතක ගියත් සහෝදර ආමි මහත්තයෙක් ඉන්නවනම් අරු මරල හත්කදකට එල්ලන්න .(අ)
මේ වගේ දරුණු වැඩ කරන්ඩ මුලිකත්වය දුන්න කෙනා අද කොහෙද ඉන්නේ. මොනවද කියන්නේ. අංගුලිමාල රහත් උනා නම් මට එහෙම වෙන්ඩ බේරී මොකද කියල අහනවා. අංගුලිමාල මිනි මරපු එකයි මේ සිද්දීයෛ සමාන කරලා මෙයා ලිස්සන්න හදන්නේ. කල කම් පල දෙනවා නියතයි.(අ)
මර්සි ලංකා, මට ලියන්න අවශ්‍ය ටික ඔබ ලියා ඇත. 'ස්තුතියි' (නි)
පුෂ්පෙ සොයුරාගේ නම හරි ලස්සනයි නමුත් ඔහුගේ වචන හරි කැතයි. අපේ මුස්ලිම් ජනතාව කිසිම දිනක නිධන් හෑරීමට හෝ පන්සල් විනාශ කිරීමට, බුද්ධ පුත්‍රයන් ඝාතනය කිරීමට උත්සාහ කලේ නැත. මේ සියල්ල කලේ හෙළයන් විසින්මයි. ලංකාවේ හැම හන්දියක් ගානේ තියෙන බුදු පිළිමවලට අපිත් දායකත්වය ලබාදී ඇති බව ඔබට මතක් කර දෙමි. සැමට අල්ලාහ් දෙවි පිහිට පතමි.(නදී)
මේ අපරාධය කරපු ස්ථානය බලන්න මම ගියා. හිතට හරිම දුකක් දැනුනා. භික්ෂුන් මරපු මිනීමරුවන් අද රාජ්‍ය අනුග්‍රහය ඇතිව හොඳින් වැජබෙති. අපේ බොදු බල සේනා හෝටල්වල ඇති බුදුපිළිම සහ හලාල් අල්ලාගෙන දඟලති. හරිනම් මේ මිනීමරුවන්ට විරුද්ධව යමක් කලයුතුයි.(නදී)