ශ්රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර නිකුතුවේ දී රජයට විශාල පාඩුවක් සිදුවී තිබෙන අතර ඊට ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සෘජුවම වගකිව යුතු යැයි කෝප් කමිටු විමර්ශනයේ දී තහවුරු වූ බව එම කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා අද (28) පාර්ලිමේන්තුවේ දී කීවේය.
2015 පෙබරවාරි මාසයේ සිට 2016 මැයි මාසය දක්වා කාලයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරන ලද භණ්ඩාගාර බැඳුම්කර නිකුතුවලදී රජයට විශාල පාඩුවක් සිදුව තිබෙන බව ද කෝප් කමිටුව සකස් කළ වර්තාවේ සඳහන් වන බව සුනිල් හදුන්නෙත්ති මහතා කීවේය.
එම නිසා මහ බැංකු බැඳුම්කර සිද්ධියට අසාළව ශ්‍රී ලංකා රජයට සිදුවී ඇති පාඩුව අය කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගත යුතු බව ද කෝප් කමිටු වාර්තාවෙන් නිර්දේශ කර තිබෙන බව ද හදුන්නෙත්ති මහතා සඳහන් කළේය.
පර්පචුවල් සමාගමට එරෙහිව ද නීතිමය පියවර ගත යුතු යැයි කමිටුව නිර්දේශ කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහපාලනයට ජය වේවා! (නි)
මොහු ලෝකයේ මහබැංකු පාලනය කරන පවුලට සම්බන්ධද දන්නෙ නැහැ (නි)
විද්දේ හාවාට වැදුනේ පඳුරට (නි)
හොරුන්ව දුටු තැන අල්ලා දඬුවම් කර හොරුන්ට නැවත රජකම් කරන්න බැරි රටක් හදමු. (නි)
පසුගිය වසර දෙකකට ආසන්න කාලයේ අගමැතිතුමා ඇතුළු නායකකාරකාදීන් මේ ගනුදෙනුව නිවැරදි බව කිව්වා නේද.... (නි)
දැන් බලනකොට එයාල කවුද? මෙන්න හොරු... කෝ අර ස්වාධීනයි කියන ආයතන ටික? (නි)
මහා බැංකු බැඳුම්කර වංචාව පිටුපස ඉන්න මහමොළකාරයා අර්ජුන් මහේන්ද්‍ර නොවෙයි. ඔහු අදෘෂ්‍යමාන හස්තයක අන්තේවාසිකයෙක් පමණයි. සියල්ල සැළසුමකට අනුව සිදුවුණා. මහා මොළකාරය අල්ලන්න ඉන්ටපෝල් එකටවත් බැහැ. "වල් ඌරෝ කැකුණ තැලුවහම හබන් කුකුළන්ට මඟුල්" කිව්වා වගේ ඔය කවුරු කවුරුත් කරන වැඩ වලින් දෙමළ ඩයස්පෝරාව තමයි හිස ඔසවන්නේ. මෙය පින්තාලියේ කිඹුලන් පිළිබඳ කතාවක්ද නොවන බව සැළකිල්ලට ගන්න. (නි)
මේ හොරකමෙන් පරණ හොරු අමතක කරලා දාන්න එපා. දෙගොල්ලන්ටම දඬුවම් කරනු! මොකද දෙගොල්ලොම කම්බා හොරු නිසා (නි)
ඒ කියන්නේ වැට් ගහන්නේ නැතුව අයවැය පියවන්න තිබුණා සෑහෙන දුරට. අනේ දුප්පතාගේ සල්ලි! ලංකාවේ කොච්චර මිනිස්සු දුක් විඳිනවාද? අර්ජුන අාපහු ලංකාවට ඒවිද? (නි)
ගියාට පස්සේද වැරදිකරු? ඉන්නකොට බබාද? මහජනතාව තාම කොණ්ඩ බැඳලා නැහැ. ඒ ඒ කාලේ (නි)
මේ රටේ දේපළ, මුදල් වංචා කරපු කෙනෙකුට කිසිම නිදහසක් දෙන්න එපා. මේ රටේ උගත් කෙනෙක් හිටියෙම නැද්ද? (නි)
අගමැතිතුමා කියන්නේ අර්ජුන මහේන්ද්‍රන් ගියේ මඟුල් ගෙදරකටයි කියලා. එයාට මඟුල් ගෙවල්. අපේ දුප්පත් ජනතාවගේ මුදල් ඔයවිදිහට ගසා කෑවහම හැමදාම මඟුල් කකා ඉන්න පුළුවන්. (නි)
මේ රටේ නම් නිදහසේ හොරකමක්වත් කරගෙන ඉන්න බැහැ වගෙයි (නි)
කොහොමද අපේ වැඩ? සතුටුයි නේද දැන්? (නි)
සංහිඳියාවට බාධාවක් වෙයි කියලා හැමදේම ඉවසාගෙන ඉන්න අපට ඔය කෝටි 1500ත් මහ කජ්ජක්ද? (නි)
අර පහුගිය කාලේ හොරා හොරා කියලා කෑගහපු කට්ටිය අවුරුදු ගානටම හොරා කෑවා කියන ගාන වගේ කිහිප ගුණයක් නේද? අවුරුදු දෙකක් රට පාලනය කරලා මෙහෙම නම් අවුරුදු තව අවුරුදු දෙකකින්? හොරුන්ගෙත් හොරු කම්බ හොරු කියනවනේ. (නි)
මේ පිළිබඳ අගමැතිතුමාගේ අදහස කුමක්ද? (නි)
රනිල්ට බලය ලැබුණාම එය ආරක්ෂා කරගන්න දන්නේ නැහැ , යුරෝපයේ මෙහෙම වුණා (ම)
මහජන මුදල් අයිති කරගන්න මෙහෙමත් හයියක් ආවේ කොහොමද. ඔවුන්ගේ බුදලේද. කවුරු නැතත් මිනිසුන්ගෙන් සමාවක් නම් නැහැ. හොරු ටික ගෙදර යවලා වෙන්න තිබ්බ විනාශය ටිකක් වළක්වා ගත්තා විතරයි. අනේ අපොයි !!! (නි)
අප බලයට පත් කරනලද අගමැති ගැන කණගාටුයි. ඔහුගේ ඒකාධිපති ස්වරූපය පිරිහීමක සේයාවකි. මහජනතාව ඔහු පිළිබඳ මහත් කළකිරීමෙන් සිටින බව නොතේරීම ඔහුගේම අවාසනාවකි. (නි)
නිවැරදි තීන්දුව දෙන්නේ උසාවිය නෙමෙයිද? මම නම් හිතන්නේ කෝප් කමිටුව කරන්නේ පරීක්ෂණ සහ වාර්තාව ලබාදීම කියායි (නි)
සමාගමට එරෙහිව නීතිමය පියවර ගන්න කලින් ඔවුන්ට මෙවැනි ලාබයක් ගන්න පාර සැදූ අයටත් දඬුවම් කරන්න. (නි)
ඔක්කොම හරි කියමුකෝ. ඊළඟ පියවර මොකක්ද කියලා අපි බලා ඉන්නවා (නි)
දැන් අල්ලයි වලිගෙ.! අම්මපා කෝ මේ රාජපක්‍ෂලාට පැනලා යන්න නොදී ගුවන් තොටුපොල වහනවයි කිව්ව අය. මඩු වලිගෙ තිබ්බ තැන අමතක වෙලාද? වෙඩින් එකකටලු ගියේ. රනිල්ට කිවුවලු ගිය සතියේ හම්බෙලා. දැන් පේනවනේ හොරු කාගේත් එක්කද ඉන්නේ කියලා. (නි)
ඔබ සැමට සතුටුද දැන්....... (නි)
කොහොමහරි රටෙන් පැන්නා. මොවුන්ගේ සියලුම දේපළ රාජසන්තක කරන්න (නි)
මේ පාඩුව අයකරගන්න ඕනෑ මෙයා පත්කළ අයගෙන් සහ එක්සත් ජාතික පක්ෂයෙන්. (නි)
බැලුවහම දැන්නේ මෙගා ඩීල් එළියට එන්නේ. අපරාදේ මහින්ද ගෙදර යැව්වේ... (නි)
හඳුන්නෙත්ති කෝප් සබාපති තුමා මේ බව කියන්න ප්‍රමාද කළේ ඇයි අස්සයා පැනල ගියාට පස්සේ ඉස්තාලේ වහල වැඩක් තියෙනවද (බ)
අතේ පයේ නොගෑවෙන්න හොරකම් කරන හැටි ඉගෙනගන්නවා නම් මෙන්න අවස්ථාව. හොරු යැයි කියමින් රාජපක්ෂලාට චෝදනා කළ අය දැන් කුමක්ද කියන්නේ? (නි)
ඉතාමත්ම හොඳ තීරණයක්. ගන්න පියවර ගැන අපි බලාහිඳිමු. නීතිය ක්‍රියාත්මක වීමට මහජන බලය පෙන්වමු (නි)
බලනකොට හොරකම් නොකළ කෙනෙක් නැහැනේ (නි)
හඳුන්නෙත්ති මහතා මේ පනත පාර්ලිමේන්තුව දක්වා ගෙන එ්මට දැරෑ උත්සාහයට අපේ ප්‍රණාමය. (නි)
සමාගමට විතරක් නෙමෙයි මාමව අධිපති කරපු කෙනාටත් දඬුවම් දෙන්න හැකියාව සොයා බැලිය යුතුයි. හැබෑවටම ඔහු ඉල්ලා අස්වී ගෙදර යා යුතුයි. දැන්ම යන්න බැහැ බැහැ වගේ නම් මේ කම්බා හොරුන්ව උසාවියකින් වැරදිකරු කළ දවසට අපි ඔබව ගෙදර යවනවා. (නි)
කෝ දැන් මෙතන මහින්දව පතුරුගහපු යහපාලන ඔස්තාර්ලා ටික? (නි)