හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා වෙළෙඳ ගිවිසුම් සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වන කිසිදු කමිටුවකට පත් කර නැතැයි සංවර්ධනය උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශය සඳහන් කරයි.
ඉන්දියාව සමඟ අත්සන් තැබීමට නියමිත ආර්ථික හා තාක්ෂණික සහයෝගීතා ගිවිසුම, චීනය හා සිංගප්පූරුව සමඟ අත්සන් තැබීමට නියමිත නිදහස් වෙළෙඳ ගිවිසුම් සම්බන්ධයෙන් සාකච්ඡා කරන කිසිදු කමිටුවකට ඔහු පත් කර නැතැයි ද අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙයි.
ඉන්දියාව සමඟ අත්සන් තැබීමට නියමිත ආර්ථික හා තාක්ෂණික සහයෝගීතා ගිවිසුම, චීනය හා සිංගප්පූරුව සමඟ අත්සන් තැබීමට නියමිත නිදහස් වෙළෙඳ ගිවිසුම් සම්බන්ධ සාකච්ඡා පවත්වන කණ්ඩායමේ සිටින්නේ ආචාර්ය සමන් කැලේගම (වාණිජ දෙපාර්තමේන්තුව), මංගල යාපා, ආචාර්ය අරිත වික්‍රමනායක, කේ.ජේ වික්‍රමසිංහ (මුදල් අමාත්‍යාංශයේ හා රේගු දෙපාර්තමේන්තුවේ නියෝජිත), වාණිජ මණ්ඩලය හා වෘත්තීය සංගම් නියෝජිතයෙක්ගෙන් අදාළ සාකච්ඡා කණ්ඩායම සමන්විතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතුමා ලංකාවෙත් නැද්ද? (හේ)
හිටියත් නොහිටියත් වගේ.(හේ)
ඇයි ඒ.(හේ)
එහෙම වෙනවා නම් ඒක යහපාලනයේ යහපතට බව පෙනියන්නකි.(හේ)