“හරි කට්ටියක් එක්ක සිටියා නම් නිශාන්ත රණතුංග මල්ලීට මෙහෙම දෙයක් වෙන්නේ නැහැ. නීතිය කාටත් එකසේ ක්‍රියාත්මක විය යුතුයි. ඊට මගේ කිසිදු බලපෑමක් නැහැ. මම සහෝදරයා වෙනුවෙන් පෙනී ඉන්නවා යැයි” වරාය හා නාවික කටයුතු ඇමැති අර්ජුන රණතුංග අද (08) පැවසීය.
අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ ක්‍රිකට් නිලවරණයේදී ක්‍රියා කලාපයෙන් තමන්ට අසාධාරණයක් වු බව කියමින් ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් කිරිමෙන් පසුවයි.
ඡායාරූප - ඉෂංක සුනිමල්
වීඩියෝ - ශාන්ත සෙනෙවිරත්න

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කපටි සහෝදරයො පක්ෂ දෙකේ ඉදගන ජනතා බදු මුදල් මංකොල්ල කනවා (කෞ)
අනේ මෙහෙමත් තණ්හාවක් (අ)
එදා දිනාගත් මහජන ආදර ගෞරවය අද කෝ? කොකාගේ සුද පෙනෙන්නේ ඉගිලෙනවිටලු නේද? (නි)
මෙයාට පරාජය විඳගැනීමේ නිහතමානීකම කවදාවත් තිබුනේ නැහැ. අනේ මෙහෙම තණ්හාවක් -අනේ මෙහෙම ආශාවක් (නි)
සහෝදර සමගම (අ)
අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)
එතකොට "හරි කට්ටියගෙන්" වරදක් වෙලාද නැත්නම් "වැරදි කට්ටියගෙන්" වරදක් වෙලාද මෙය මේ මානව හිමිකම් කොමිෂන් දුවන්නේ ? (අ)
මෙයා අහවලත් එක්ක තරහ වෙලා අනිත් පැත්තට හේත්තු වුනේ තමන්ට සහ මල්ලිලාට හිටු කියල යමක් කරගන්න ඉඩක් නොලැබුන නිසා කියන කතාව ඇත්තක්. (අ)
ඊළඟට පරිස්සම් වෙන්න ඕනේ රණතුංග කට්ටියගෙන් ...... රාජපක්ෂලා ළඟට හපන් මේගොල්ලෝ. (අ)
දැන් ටෙලිකොම් එක එක සමාගමක , අධ්‍යාපනය අකිල සමාගමේ වරාය රණතුංග සමාගමේ .ඉස්සර කිව්වේ එක සමාගමක් ගැන .දැන් යහපාලන කොහොමද ?(අ)
දිස්නා, රාජපක්ෂලා රට දිනුවා. අර්ජුනලා ක්‍රිකට් දිනුවා. හැබැයි දෙගොල්ලොම සහෝදරයින්ට තැන දීමේ ප්‍රයෝජනය දන්නවා (නි)
අනේ මෙහෙමත් දිව දෙකේ කතාවක්. මේ අයට ඡදේ දීපු අයට මඩු වලිගෙන් තලන්න ඕනේ (අ)
දිස්නා හරි. රණතුංගලා ගැන ගම්පහ අපි හොඳට දන්නවා (බ)
රටම ආදරේ කරපු චරිතයක්. දැන් වටින් නැහැ. (බ)