ත්‍රිකුණාමල වරායට අයත් ඉඩම්වල කාලයක් පවත්වාගෙන ගිය පස් කැපීමේ ව්‍යාපාරය නැවැත්වීමට පියවර ගත් බව වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා කියයි.
පස් කැපීම සඳහා පරිසර හෝ ශක්‍යතා වාර්තාවක් නොමැති අතර ටිපර් රථයක පැටවූ පස් සඳහා ත්‍රිකුණාමල වරායට ලැබුණේ රුපියල් 263 වැනි සුළු මුදලක් බවත් හිටපු සභාපතිවරයාගේ ආශිර්වාදයෙන් පස් කැපීමේ ව්‍යාපාරය ගෙන ගිය බව වරාය සේවකයෝ ඇමැතිවරයා එහි සිදුකළ නිරීක්ෂණ චාරිකාවකදී කියා ඇත.
බාහිර පුද්ගලයින්ට ත්‍රිකුණාමල වරායේ සම්පත් කොල්ල කෑමට ඉඩ නොදෙන බවත් වරාය දියුණු කර ප්‍රදේශයේ තරුණ තරුණියන්ට රැකියා ලබාදෙන බවත් අර්ජුන රණතුංග ඇමැතිවරයා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd