වරාය හා නාවික ඇමැති අර්ජුන රණතුංග ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ලෙස හිටපු ක්‍රිකට් ක්‍රීඩක ධම්මික රණතුංග පත් කරනු ලැබ සිටී.
ඔහු අර්ජුනගේ වැඩිමල් සහෝදරයායි.
පසුගිය ඡන්ද කාලයේ අර්ජුන මහින්ද රාජපක්ෂ රජයේ ඥාති සංග්‍රහ සහ දූෂණ ගැන දැඩි ලෙස විවේචනය කළේය. නව සභාපතිට සෙත් පැතීමේ පිරිත් පිංකමක්ද පසුගියදා පැවැත්විණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ධම්මික රණතුංගට වඩා උගත් කෙනෙක් මේ පුටුවට ඉන්නවනම් කියන්න කියල මම අභියෝග කරනවා. ධම්මික රණතුංග තමයි නියම සුදුස්සා (බ)
චන්ද්‍රිකා ආණ්ඩුව කාලේ එකල විපක්ෂය සාක්කි ඇතුව පෙන්නුවා අර්ජුන බදු නොගෙවා වරාය හරහා ලක්ෂ 64 කාර් එකක් සිය බිරිඳගේ පාවිච්චියට ගෙන්වූ බව. සන්ඩේ ලීඩර් සෑහෙන සටනක් දුන්න ඔය ප්‍රශ්නය උසාවියට ගෙන්න. ඒවාට වුනු දෙයක් නැහැ. නඩුත් නැහැ සද්දත් නැහැ. ඉතින් දැන් යහ පාලනය කරන්නේ එවන් අයයි. (අ)
මේවානම් හොඳ වැඩ නෙමි මහත්තයෝ , හැමෝටම එක වගේ වෙන්න ඕනේ (ම)
ලංකාවේ මේ වැඩේ බාරදෙන්න වෙන බුද්ධිමතෙක් ඇත්තෙම නැද්ද, පවුල් බලය රටේ තහවුරු කරන්නේ නැතිව. (බ)
ඉතාම කණගාටුදායකයි. ඉතින් කොහොමද දේශපාලකයන් කියන දේවල් මිනිසුන් විශ්වාස කරන්නේ. (අ)
කොච්චර හොඳ වැඩක්ද ?.කලින් වගේ නෙවෙයි දැන් සුදුස්සාට සුදුසු තැන ලැබෙනවා.යහපාලනෙට ඡන්දෙ නොදීම ගැන මම අද කම්පා වෙනවා. (බ)
ඔය හැමෝම දන්න හරිය. ඔය ඇමති තුමා එයාගෙ ඉස්කොලෙ යාළුවන්නටත් සලකනවා. නැව් සංස්ථාවෙ උප සභාපති කම ඇමෙරිකාවෙ හිටපු කෙනෙකුට දුන්න. ඒක සිද්ධ වුනේ අවුරුද්ද මුලදිම. තනිකරම යාළුකමට. ඒ කාලෙ මෙයා නියොජ්‍ය ඇමති. (අ)
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ලෙස හිටපු ක්‍රිකට් ක්‍රීඩක ධම්මික රණතුංග පත් කිරීමට ඔහුට තිබෙන සුදුසුකම මොකක්ද?ඔය විදිහට ලංකාවේ විශ්ව විද්‍යාල ඕනේ නැහැනේ.ඕනෑම මැට්ටෙකුට වුනත් දේශපාලකයෙකුට සම්බන්ධනම් රජයේ ඉහළම ආයතන වල සභාපතිලා වෙන්න පුළුවන්නේ.බොහොම නරක පුර්වාදර්ශයක් මේ දෙන්නේ. (බ)
කබරගොයත් තලගොයෙක්ලු කන්න ඕන දාට. (බ)
ක්‍රිකට් ගහපු කෙනෙක් කළමනාකරණය ගැන මොනවද දන්නේ?එහෙව් කෙනෙකුට සභාපති වැනි රජයේ ඉහළම ආයතනයක ලොකුම පුටුවට යන්න පුලුවන්නම් රටට දෙවියන්ගේම පිහිටයි. බුදුන්ගේ සරණයි. (බ)
මැතිවරණ වේදිකාවේ කියපු, සහ පොරොන්දු වූ යහපාලනයට අනුව නියමිත ප්‍රතිපත්තියකට, තාක්ෂණික ක්‍රම වේදයකට අනුව සුදුසුකම් පරීක්ෂා කර කරනු ලැබූ නිවැරදි පත් කිරීමක්. අපරාදේ අපේ ඡන්දේ? (බ)
ඥාති කා නඥ්ඥ සංඟහෝ ඥාතීන්ට සංග්‍රහ කිරීමත් උතුම් මංගල කාරණයක්ලු (බ)
අර්ජුන කවදාවත් කැත වැඩ (ප්‍රසිද්ධියේ)කරන්නෙ නැහැ. (බ)
බලාගෙන...ඔය පවුල් ගස් මෝරන්න පටන්ගත්තහම ඒ අයගේ මොළය පහතට බහිනවා.ඊටපස්සේ ඔබ මම වගේ හුදී ජනයාව ඒ අයට පෙනෙන්නේ ඒ අයගේ අන්තේවාසිකයෝ විදිහට.ඊටත් පස්සේ ඒ අය කියන විදිහට අපි නටන්න ඕනෑ. මහත්වරුනි,විශේෂයෙන්ම දකුණු ආසියාවේ තිබෙන අශිෂ්ට ලැජ්ජා නැති දේශපාලනය කියන්නේ ඕකයි. ඔබයි මමයි හැමදාමත් - එදා සිට මේ ලියන මොහොත දක්වාම වේදනාවෙන් අත්විඳින්නේ ඒ ඛේදවාචකයයි. (නි)
දසක ගණනාවක් තිස්සේ රැවටීමට ලක් වූ ජනතාවක් අමුතුවෙන් රවට්ටන්න ඕනෑ නැහැ.දවසක වින්දිතයා හා චුදිතයා අතර කිසිම වෙනසක් සොයාගන්න මිනිසුන් අපොහොසත් වෙනවා ඇත. (නි)
අර්ජුන ක්‍රිකට් මහා පුටුවට අවොත් අනිත් මල්ලි අායෙත් ලේකම් වෙයි (බ)
තිලක් ඩුබායිට දැන් තමයි යහපාලනය වැරදිලා තියෙන්නේ. (නි)
එතකොට මේ දේවල් හරිද? (නි)
මොනවද මේ සිද්ධවෙන්නේ? (නි)
තිලක්-ඩුබායි මුකුත් දන්නේ නෑ වගේ නෙව කතා කරන්නේ. "මිනීමරු ප්‍රභාකරන් සහ දේශප්‍රේෙමින් අතර තිබෙන වෙනස මොකක්ද ?" මේ කොමෙන්ට් එක කොහොමද ධම්මික රණතුංගට අදාළ වෙන්නේ ? තිලක්-ඩුබායි නිදිමතේ කොමෙන්ට් දානවද ? නැත්නම් ඔබතුමාගේ හැටිද ? (බ)
අනේ අපි වගේ මෝඩයෝ මොවුන්ට ඡන්දය දීපු .......... (නි)
දැන් තිලක් ඩුබායිට හොඳට නින්ද යනවා ඇති. දැන් පවුල් සමාගම නැහැ නේද? (නි)
ඕකට මීට කලින් පත්කළේ ලන්ඩන්වල මිත්‍රයෙක් නේද? මොකද එයා ඔය ඉක්මනට එපා උනේ? (බ)
බොහොම අගය කළ යුතු වැඩක්. ගෙදර එකාට නැතුව අල්ලපු ගෙදර මිනිහට දෙන්නද කියන්නේ. කන්න ලැබුන වෙලාවට කනවා මිසක් බඩගිනි වෙන කල් හිටියොත් මුකුත් නැහැ. එකයි යහ පාලනේ අරුත. (බ)
ලජ්ජයි මිනිහෝ .....(බ)
මේ හැමෝම කලේ මහින්දව ගෙදර යවා පඹයන් රජ කොට රට උගසට තබා තමාට සෙත සලසා ගැනීම පමණකි . (අ)
සුපිරි ක්‍රීඩක සංගක්කාරට එංගලන්තයේ මහා කොමසාරිස් තනතුර භාරගන්න කියල ජනාධිපතිවරයා යෝජනා කළ වෙලාවේ සංගක්කාර මැතිතුමා ඉතාමත් නිහතමානීව එකී තනතුර ප්‍රතික්ෂේප කළා. කරන්න බැරි දේවල් කරන්න ගියාම තමාගේ ප්‍රතිරූපයට හානියක් වන බව ඔහු මනාව අවබෝධ කරගෙන තිබෙනවා. බුද්ධියේ වෙනසක මහිම. (නි)
මේ අයට මොන පැත්ත දින්නත් වාසියි. අයියල මල්ලිලා හැම පැත්තේම ඉන්නවනේ. (බ)
තිලක් ඩුබායිගෙන් අහලා නෙමෙයිද පත්කිරීම කරලා තියෙන්නේ. (නි)
'පසුගිය ඡන්ද කාලයේ අර්ජුන මහින්ද රාජපක්ෂ රජයේ ඥාති සංග්‍රහ සහ දූෂණ ගැන දැඩි ලෙස විවේචනය කළේය.'....ලැජ්ජාවේ බැහැ.අපට හැඟෙන්නට වත් තැනක් නැත. (බ)
අයියෝ අර්ජුන .. කට දෙපැත්තෙන් කුණුකෙල වැක්කෙරෙනෝ ...(බ)
ක්‍රිකට් ගහපු අය කළමනාකරණය ගැන හොඳින් දනී.හෙජින් ගනුදෙනුව හොඳම උදාහරණයයි. (බ)
තිලක්-ඩුබායි කියන්නේ හැමවෙලේම මධ්‍යස්ථව අදහස් දාන කෙනෙක්. මහින්ද වන්දනාවේ යන අයට සමහර වෙලාවට එයාව හතුරෙක් වගේ පෙනිලා ඇති. (නි)
මේ වගේ පත්වීම් කරද්දී පොදු නීති පද්දතියක් සකස්කළා නේද? ඇයි අර්ජුනට මේ නීති බලපාන්නේ නැද්ද? ලංකාවේ හැටි ඔහොම තමයි. කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි. (නි)
තිලක් ඩුබායි අදහස් දානවා ලැජ්ජාව වසාගන්න. විලිලැජ්ජයි මහත්තයෝ. යහපාලනය කියනේ මේකටද? (නි)
යහපාලනය මරනවෝ (අ)
ඥාති දේශපාලන සංග්‍රහය වැඩිපුරම දක්නට ඇත්තේ නිදහස්පක්ෂය තුළිනුයි. මෙයත් එක්කෙනෙක් තමා (බ)
ඔන්න ඕක නිසා තමයි රාජපක්ෂ මහත්තය එදා පැවති රජයේ මේ අනුවණයට ක්‍රීඩා ඇමතිකම නුදුන්නේ. මේ මිනිහ දන්නේ (දේශපාලනයෙදී) පලිගන්න විතරයි (බ)
රාජපක්ෂලාගේ රෙකෝඩ් එක කඩන්නයි දැන් යන්නේ ඉතාම තියුණු තරගයක් තියෙන්නේ. ජයවේවා ජනතාවට (බ)
මෙයාලව කර උඩ තියාගෙන හිටපු අයට මේවා හොඳ පාඩම් (නි)
මේ වගේ වැඩ වලින් අර්ජුන නම නරක කරන්න එපා (බ)
එතකොට අර්ජුන රණතුංග සහ ධම්මික රණතුංග එක අම්මගේ නෙවෙයිද ? (බ)
අර්ජුන හරි (බ)
මම දහස් වරක් සතුටු වෙනවා ජවිපෙට එකට ජන්දය දුන්න එක ගැන.(ම)
ලංකාව ගොඩ නොඑන ගමනක වේගවත් ආරම්භයක් තමයි මේ ආණ්ඩුව අරගෙන තියෙන්නේ. (නි)
ඊළඟ සැරේ මොනවා වුණත් කමක් නැහැ කියලා මගේ ඡන්දෙ ජේවීපී යට දීලා බලා ඉන්නවා. (නි)
රටේ මිනිස්සු ජිවිත පරිත්‍යාගයෙන් එක "රජ පවුලක්" "චුත" කරලා ඉවර කරන්න ලැබුනේ නැහැ තව එක පවුලක් රජ වෙන්න යනවා.දැන් වෙන්න යන්නේ ඉතිරි එවුන් ටිකත් උන්ගේ ගෑනිව, සහෝදරයව, නංගිව, මල්ලිව, අම්මව, අම්මගේ හොර මිනිහව...එකී නොකී හැම එකාවම ලංකාවේ මර්මස්ථාන සියල්ලේම සභාපතිලා,උප සභාපතිලා,සභාපතිනිය කරනවා. (බ)
බය වෙන්න දෙයක් නැහැ "රණතුංග" කියනකොට මිනිස්සු කාරල කෙල ගහන තත්වයටම එනවා.බලන්න බොරුද කියල. (බ)
මිනීමරු ප්‍රභාකරන් කාලේ රටේ මර්මස්ථාන වලට උඩින් සහ බිමින් බෝම්බ ගහල මර්මස්ථාන විනාශ කළ එකයි. අපේ දේශප්‍රේමියෝ කරන්නෙත් එ්කමයි නම් මිනීමරු ප්‍රභාකරන් සහ දේශප්‍රේෙමින් අතර තිබෙන වෙනස මොකක්ද? (බ)
එක් කලක, එවකට සිටි එක්තරා ක්‍රීඩා ආයතනයක ලොක්කෙක්, තම මවගේ කාරය, තම බලය යොදා ගනිමින් වැඩි මිලකට එම ක්‍රීඩා ආයතනයට ම විකුණා ගත්තේය. එකල එය පාර්ලිමේන්තුවේද ප්‍රකාශ විය. අතීතය එසේ නම් වර්තමානය ගැන කුමන කතාද (බ)
රටට නම් කිසි වැඩක් වෙන පාටක් පෙනෙන්න නැහැ. ඒත් මේ කට්ටිය නම් තම තමන්ට හොඳට වැඩ කරගන්නා බව පෙනෙනවා. අපි උදේ ඉඳලා රෑ වෙනතුරු දුක් විඳ විඳ එයාලා නඩත්තු කරන්න සල්ලි හම්බ කරලා දෙනවා. (නි)
ඔය මොනවාද, ටෙලිකොම් එකේ සභාපතිත් ලොකුම ලොක්කෙක්ගේ මල්ලි. (බ)
"නව සභාපතිට සෙත් පැතීමේ පිරිත් පිංකමක්ද පසුගියදා පැවැත්විණි."ඕනෑම එකෙකුට පිරිත් කියල පිරිත් නුල් ගැට ගහලම තමයි රටම කන්න දෙන්නේ.ඒ අතින්නම් කිසිම අඩුවක් නැහැ. ලංකාව කවද ගොඩ එයිද මන්ද? (බ)
දැන්නම් කැඳ හැළියක් වේගෙන එනවා වගෙයි. (නි)
එහෙනම් වැඩ පටන් අරගෙන? (නි)
අජිත් කරුණාරත්න, කවුරුත් එකයි.මම නම් කාටවත් දෙන්නේ නැහැ. (නි)
පවුල්වාදයට එරෙහිව නේද මේ ඇමතිතුමා වැඩ කළේ? එසේනම් ඇයි සහෝදරයාට මේ වගේ සළකන්නේ? (නි)
ඡන්ද ප්‍රතිඵල අහගෙන තණකොළ බිස්සක වැතිරිලා දුකසේ හිටපු නිසා අලියාට දුක හිතෙන්නැති පව් වරාය එක්කෙනෙක් අම්පාරෙන් පිරෙව්වා මෙයා ගම්පහින් පිරෙව්වොත්? කොහොමත් ඉන්දියාව තව වරායක් හදනවාලු. ඒක ඉක්මනට දියුණු වෙයි (බ)
මී හරක් අපි. (බ)
'සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය' මේ සිදුවන දෑ සම්බන්ධව ළඟදීම ප්‍රකාශයක් කරනු ඇති බවයි මගේ අදහස. (බ)
වරායේ හිටපු හොදම සභාපති වරු 1 විමල් අමරසේකර මැතිතුමා 2 ඒ ද වාස් ගුණවර්ධන මැතිතුමා 3 පරාක්‍රම දිසානායක මැතිතුමා බලමු මෙතුමාත් කොහොමද කියල.
මහින්දව එලවල තියෙන්නේ රට පවුල් පිටින් එකතුවෙලා විනාශ කරන්න.මේක තමා මෙයාලගේ යහ පාලනය.ඕකට කියන්නේ පඹ පාලනය. (බ)
සනතෝෂේ බැරුවා (අ)
නැහැ නැහැ මේ විශේෂ සමාගමක්. මේක මේ යහපාලනය වෙනුවෙන්ම ඇපකැප වූ සමාගමක්. (නි)
හිටපු නායිකාවකුත් උදව් කළා කියන්නේ ඇත්තද? (ත)
මා වැනි බිලින්දා _ වර වර ලඟට කැන්දා _ දුක් සැප කුමන්දා _ අසන රණයෝ වෙන කොයින්දා (ත)
හරිම පිළිකුලක් දැනෙනවා (ත)
තරග කීයකට තරග කර තිබේද? ලකුණු කොපමණ රැස් කර තිබේද? (ත)
ඔහුට එම තනතුර ලැබීමට ඇති සුදුසුකම් මොනවාද? (ත)
මොහුට මේ තනතුර සදහා සුදුසු කම් මොනවද කියල කිව්වොත් නරකද? (ත)
මේකට කියන්නේ පවුල නෙමෙයි හොදේ... (ත)
තව මාමලාගේ බාප්පලාගේ ළමයි එහෙම නැතිද ? ඉන්නවා නම් එකට්ටියටත් දීල දාන්න. මොකද මේ යන විදියට ගියොත් මෙකපේට අයෙත් එන්න ලැබෙන්නේ නැහැනේ? (අ)
මම හිතන්නේ ඔය ඔක්කොම ප්‍රශ්නවලට අර්ජුන උත්තර දෙයි (අ)
යහපාලන රජයේ ඛනිජ තෙල් කර්මාන්ත හා ස්‌වභාවික වායු ඇමැති චන්දිම වීරක්‌කොඩි මහතාගේ හා නියෝජ්‍ය ඇමැතිනී අනෝමා ගමගේ මහත්මියගේ පරිහරණය සඳහා රුපියල් ලක්‍ෂ හයසියකට (කෝටි 6 කට) ආසන්න වටිනාකමින් යුත් බී. එම්. ඩබ්ලිව්. වාහන දෙකක් ආනයනය කිරීමට අනුමැතිය ලබාගෙන තිබේ.(ම)
පවුලේම ඉන්නේ මෝඩයෝ 6ක් . ඔය මොන එකාට දුන්නත් නාගන්නවා. චන්ද්‍රිකාට ගොට්ට අල්ලලා ඇමති කමක් ගත්ත, අර්ජුන හරියට විභාගයක් පාස් කරපු කෙනෙක් නෙවෙයිනෙ (බ)
කෑ ගහන්නේ නැතිව හිටපල්ලා !! එයාල ටිකක් හැදුනම උඹලටත් දේවී!!.උඹලත් හැදුනම අනිත් අයටත් දීපල්ලා . චන්ද්‍ර (රේ)
කෝ අර යහපාලනයක් හදන්න මුලිකත්වය දීපු හාමුදුරුවෝ ? (බ)
තිලක් ඩුබායි ,දෙන්න දෙපැත්තේ සාන්චි මැද්දේ. යහ පාලනය අධි වේගී මාර්ගයට හරවල වගෙයි. කිතුලට නැගී බේබද්දා වගේ හේතු කියාවි. (බ)
හා හා හයි ! රාජපක්ෂ ගියා. ඔය එන්නේ රණතුංග පරම්පරාව. (බ)
අර්ජුන ක්‍රීඩකයෙක් විදියට හොඳ වුණාට අවස්ථාවාදී පවුකාර දේශපාලකයෙක්. මෙය වගේම රාජිතත් එහෙමයි. මෙයාලගෙන් රටට යමක් බලාපොරොත්තු වෙන්න බෑ (බ)
මිනිස්සුන්ට යහපාලනයෙනුත් සරණක් නැති වුණොත් රටම එකට පාරට බහින දවස වැඩි ඈතක නොවෙයි. (ත)
අනේ අම්මපා මෙහෙමත් දේවල්! (නි)
මොහු ගැන මා හට තිබුන ගෞරවය බින්දුවටම ගියා. (ත)
ඉස්සර කිව්වේ පවුල්ගහ කියලා. ඒ ගහ කපලා එළිකළාට පස්සේ පොඩි පොඩි ගස් ගොඩක් වැවෙන බව නම් පේනවා. තව අවුරුදු පහ හයකින් මේ හැමෝම එකතුවෙලා පවුල් වනාන්තරයක් හදයිද දන්නෙ නැහැ (නි)
අර කෑගහපු කට්ටියට දැන් සනීප ඇති (නි)
මේ අර ඒ දවස් වල පාරම්බාපු යහපාලනය වෙන්න ඇති නේද? පුදුම වෙනසක්...????? (නි)
දැන් ඉතින් හොඳ ශීඝ්‍ර දියුණුවක් වෙයි නේද? (නි)
යහපාලනය තුළිනුත් ඥාතී සංග්‍රහය ජයටම කරනවා වගෙයි. එහෙත් මේ අයම තමා මේවා කියමින් පසුගිය ඡන්දෙදි තිබුන රජයට දොස් කිව්වේ (නි)
අයියෝ අපිත් රැවටුන තරම! (නි)
අනේ මගේ කට! (නි)
තිලක්-ඩුබායි මට මතකයි ඔහෙත් යහපාලනයට නේද කඩේ ගියේ? අර ජේවීපී අය මේවට මොකුත් කියන්නෙ නැත්තෙ ඇයි දන්නෙ නැහැ (නි)
මම නම් මේවා අනුමත කරන්නේ නැහැ (නි)
ආයතනයක සබාපති වෙන්න ඕනේ පරිපාලනය ගැන හසල දැනුවක් තිබෙන උගත් බුද්ධිමත් කෙනෙක්.පරිපාලනය ගැන මෙලෝ හසරක් නොදන්නා ක්‍රිකට් ක්‍රීඩකකුට පුලුවන්ද සබාපති පුටුවේ ඉද ගන්න.(සමාවෙන්න අම්ම අප්පාගේ බුදලයෙන් ලැබුන ආයතනයක නම් පුළුවනි) (බ)
වෙනස සැපද ? (බ)
තිලක් ඩුබායිගේ අදහස් බැලුවහම පුදුමත් හිතුනා (නි)
වරාය තමයි (ක්‍රිකට්) ගහන්න හොඳම තැන! (බ)
එ්කත් එහෙමයි එහෙනම් (බ)
මේක තමයි ජහ පාලනය. අරයලාගෙ අතින් මෙයාලාට. මම දන්නවා අරජුන මහත්තයා වැරදි වැඩක් කරන්නේ නැහැ. ඔය කියන මල්ලිට උපාධි 31 තියනවා. පශ්චාත් උපාධි 10ක් ද කොහෙද තියනවා. තව ලෝකෙ හැම විශ්ව විද්‍යාලයකින්ම මෙතුමාව හොයනවා මුල් පුටුවලට. ඒත් එතුමා නෙමෙයි යන්නෙ. ඒ තරමට ලංකාවට ආදරෙයි.. ඒක තමයි ජහ පාලනේ...(බ)
කුජීතයි නේද මහත්තයෝ .....(අ)
එතකොට මේක මොන සංග්‍රහයක්ද ..සහෝදර සංග්‍රහයක්ද..අනේ මගේ කට අර්ජුනයෝ යහපාලනයේ පැනී බේරෙන්නේ මේ වෙලාවට..යහපාලනයට දීලා අපි කෙලවගත්ත...(බ)
එතකොට මේක පවුල් පාලනයක් නෙවේද මෙතෙන්ට සුදුස්සෙක් රටේ නැතිද (බ)