
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික විරරත්න)
තමාට දෙන කැබ් රථයේ මුදල වතුකරයේ ජනතාවට බෙදන ලෙස තමා ඉල්ලීමක් කරන බව මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය
ඒ සඳහා කැමැත්ත දෙන ලිපියක් ලබාදීමට සූදානම් බව ද ඔහු ප්‍රකාශ කළේය.
රාමනාදන් මහතා පැවසීය
තමුන්නාන්සේලාගේ ඒ කැබ් එක මට එපා. වතුකරයේ මිනිසුන්ට ඒ සල්ලි ලක්ෂ දහය ගානේ බෙදන්න. මට කාර් එකකුත් නෑ. මම අද යාපනයට යන්නේ බස් එකේ. ඔයාලා කවුරුත් මෙතන බස් එකේ යන අය ඉන්නවද.
ඔයාලා එනවනම් උතුරට මම සපෝට් කරන්නම්. මම ඩයොස්පෝරාවෙන් සල්ලි ගෙනල්ලා උතුරටත් නැගෙනහිරටත් බෙදන්නම්. ඕනෑ නම් දකුණටත් දෙන්නම්. මම හා කිව්වොත් සල්ලි වැටෙනවා ඕන තරම්.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ස්තුතියි මන්ත්‍රිතුමනි...
කැබ් එක දෙන්නේ පුද්ගලයෙක්ට නොවෙයි. ධුරය අවසානයේ ආපසු රජයට බාරදෙන්න... ඊළග මන්ත්‍රීවරයාට පාවිච්චියට... ඒකවත් තේරුම් ගන්න බැරි මොලේ. ලාභ ප්‍රසිද්ධියට මේවා කියවනවා...
මෙවැනි අදහස් අගය කරමු... ඒ වගේම බලමු මේවගේ පරිත්‍යාග කරන්න කැමැති අය කි දෙනෙක් ඉන්නවාද කියලා
පිස්සු තදවෙලා. විපක්ෂ අයට ආතල් දෙනවා.
මොන විදිහකින් හරි කමක් නැහැ අමාරුවේ වැටුණු මිනිස්සුන්ව ගොඩ ගමු.
නෝන්ජල් පුද්ගලයින් පාර්ලිමේන්තුවට පත්කිරීම නිසා මුලු රටම අගාධයකට වැටී ඇති මේ අවස්ථාවේ කොන්දක් තියෙන එක පුද්ගලයකු හෝ සිටීම සතුටකි.
මට පුදුම මෙයා කොහොම වෛද්‍ය විද්‍යාලයේ හිටියද කියලා.. එහිදී අත් වැරැද්දකින් පිස්සු බල්ලන්ට ගහන බෙහෙතක් වැදිලද දන්නෑ පිස්සෙක් වගේ හැසිරෙන්නේ..
ඔය මොකක්ද, ඇමෙරිකාවෙ ඉන්න මම වාහන හතරක් පිනට දීල තියෙනව. මගේ සොයුරිය ඇගේ සුඛෝපභෝගි රේන්ද රොවර් රථයත් පිනට දුන්නා