අරක්කු හා බීර මිලද අද (31) සිට වැඩි කැර ඇතැයි එම සමාගම් පවසයි.
ඒ අනුව අරක්කු බෝතලයක මිල රුපියල් 30 කින් හා බීර බෝතලයක මිල රුපියල් 10 කින් වැඩි වි ඇත.
රජය මගින් සුරා බද්ධ සියයට දහයකින් පමණ වැඩි කිරීම මෙම මිල වැඩි කිරීමට හේතුව බවද සමාගම් පවසයි.
අරක්කු හා බීර මිලද අද (31) සිට වැඩි කැර ඇතැයි එම සමාගම් පවසයි.
ඒ අනුව අරක්කු බෝතලයක මිල රුපියල් 30 කින් හා බීර බෝතලයක මිල රුපියල් 10 කින් වැඩි වි ඇත.
රජය මගින් සුරා බද්ධ සියයට දහයකින් පමණ වැඩි කිරීම මෙම මිල වැඩි කිරීමට හේතුව බවද සමාගම් පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයට නොබී බැරි හැටි රු 1000 කින් විතර වැඩිකරන්න තිබුණේ (අ)
සිගරට්,අරක්කු මිළ වැඩි කළා කියලා බොන මිනිහගේ ප්‍රමාණය අඩුකරන්නේ නැහැ.මේකෙන් වෙන්නේ දුප්පත් මිනිහගේ බත් පතට හෙනහුරා පාත්වෙන එකයි. (නි)
උපරිම වශයෙන් මිළ වැඩි කළ යුතූය. නීරෝගී සෞඛ්‍යමත් ජිවිතයන්ට උරුමකම් කිමට ඇති ජනතාව මත් උවදුරින් බේරා ගැනිමට කළ හැකි තවත් හොද පියවරක් ලෙස අගය කළ හැකිය. (නි)
කන්නත් නැති රටේ බොන්න නැති වෙන එක අරුමයක් නොවේ කසිප්පු බොන මිනිහ හැමදාම කසිප්පු බි යුතුයි බයිසිකෙලෙන් යන මිනිහ හැමදාම බයිසිකෙලෙන් ය යුතුයි (අ)
මතට තිත.(ස)
නියමයි. (ස)
කැත වැඩ. (ස)
දැන් ඉතිං මොනවා කරලද අපිට තිබෙන ජීවන ප්‍රශ්ණ අමතක කරන්න වෙන්නෙ. (නි)
කොච්චර ගණන් ගියත් තාත්තා බොන එක නවත්වන්නේ නැහැ මාමේ (නි)
අපි නොබී ඉදී එහෙනම්..අදම සත්‍යාපාලව ,පුංචි ටිකිරිව,ඩුබායි තිලක්ව, ලාල් සුරන්ජිත්ව එහෙම එකතු කරගෙන ගාලු පර වහලා දානවා හර්තාල් එකක්, 'වහා මිළ අඩු කරනු' කියලා.මේවා මහා කැත වැඩ. (නි)
කොහොම වුණත් අහිංසක අපිට තමයි වදින්නේ. කොච්චර මිළ වැඩි වුණත් අපේ තාත්තා බීම අත්හරින්නේ නැහැ (නි)
ගොඩක් ඉස්සර මතට තිත තිබ්බ නේද ? (ස)
මේවයේ මිල වැඩි කලාට කමක් නැහැ. (ස)
සුරාව සූදුව කියන්නේ රජයේ ප්‍රධාන ආදායම්. ඒකය් අපේ බුද්ධිමත් උදවිය ඒවාට විරුද්ධව කෑ ගහන්නේ නැත්තේ. (ස)
ලයිසන් අරක්කු ගාන වැඩි කරලා ලෝකල් (ගමේ ස්ප්‍රීතු) අල්ලන්න කියලා පොලිසියට කියමු. කොහොමද මතට තිත ව්‍යාපෘතිය. (ස)
'ගහේ බඩු' වල මිළත් වැඩිවෙලාද? නිදි පෙති දාන හින්දා ඒකේ මිළත් වැඩි වෙලා වෙන්න ඇති. (නි)
ඒ ගුදම් දෙක ඩුබායි වලට පැටෙව්වා ඩුබායි තිලක්ගේ නමට.. (නි)
මේකෙන් වැඩිපුරම පාඩුව වෙන්නේ දුප්පත් මිනිසුන්ට. (ස)
ඕවා වැඩි වෙන්න වෙන්න දේශීය හොර අරක්කු, කසිප්පු නිෂ්පාදනේ වැඩි වෙනවා. (ස)
බලන්නකෝ අපේ හෙළයන්ගේ අදහස්. බුදුපියාණන් වහන්සේ සුරාවෙන් වැළකෙන්නට දේශනා කළ දේවල් හෙළයන් විසින්ම අනුමත කරලා බද්දත් වැඩිකරලා හොදටම බොනවා ආයුබෝවන්.... (නි)
ඉතින් ගම් ඌරො අසූචි නොකා ඉදීද ? (නි)
දේශපාලකයන්ගේ කසිප්පු ජාවාරමට අත්වැලක්.අපේ ගමේ ඉන්නවා දේශපාලන සවිය තිබෙන මහා කසිප්පු මුදලාලි කෙනෙක්. තට්ටු තුනක ගෙයක් හදලා පන්සලේ වැඩවලට ලක්ෂ ගණනින් දෙන්නේ. ගෙට ගෙවදින දවසේ පොලිසියේ ලොකු මහත්වරු පළාත් සබා මන්ත්‍රීවරු කාර් වලින් පැමිණ ලොකු පාටි එකක්. කසිප්පු බොන ගමේ කොල්ලන්ට තාප්පෙන් එහා පැත්තේ 'අන්ලිමිටඩ් සප්ලයි.' දැන් ඉතින් තව වැඩි දියුණු කරලා නිෂෟපාදන වැඩි කරයි. නියමයි නේද? කමෝන්! (නි)
ඒ කියන්නේ අර අහවල් කෝටි 25 ත් එහෙනම් අපෙන්ම අයකරගත්තා (නි)
අපෝ මේ හොදටම මදි. තව වැඩි වෙන්න ඕනෑ (නි)
අනිත් අත්‍යාවශ්‍ය භාණ්ඩ වල මිළ ඉහළ යනවට වඩා අඩුවෙන් තමයි අරක්කු වල මිළ ඉහළ යන්නේ. (නි)
ඒකෙනුත් දුප්පතාගේ අක්මාවටම ගැහුවා.දැන් ඉතින් ගෙදරම පොඩ්ඩක් පෙරාගෙන තමයි බොන්න වෙන්නේ (නි)
අනේ වාසනාවන් ......! ඔය ඡන්ද වලටත් ඉතින් සල්ලි එපැයි.මොකද ඉතින් අපේක්ෂකයෝ වියදම් කරනවායැ? අපිම වියදම් කරලා මේ රත්තරන් මිනිස්සු ටික පළාත් සභා වලට පත්කරලා යවමු. ඊට පස්සෙ ඔවුන් ඉදිරියේ දණගහගෙන ඉදිමු. (නි)
අරක්කු වල මිළ නම් කීයක් වැඩි වුණත් මට කමක් නැහැ. හැබැයි තණකොළ,පුන්නක්කු වලට නම් අත තියනවා එහෙම නොවෙයි ඔන්න (නි)
බණ්ඩා, ඒ මුදලින් තවම බාගයක් විතරලුනේ ගෙවලා තියෙන්නේ කියලනේ කියන්නේ.මින් පස්සේ පරිප්පු ටිකෙන් ,පාන් ගෙඩියෙන්,බත් ටිකෙන් වැඩි කරලා ඉතිරි මුදලත් ගෙවාවී.දරුවන්ට දෙන පිටි කිරි ටිකෙන් නඩත්තුව කරාවි. (නි)
අර හොර කසිප්පු පෙරන්න ගෙනා ගුදම් දෙකට මොකද වුණේ? (නි)
අපි බොන්නේ කසිප්පු ... ඉතින් අපිට කමක් නැහැ (නි)
මිල අඩු කර ගන්නට ඇති එකම ක්‍රමය ඕවා නොබී ඉදීමයි (අ)