IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


අරක්කුත් මිල වැඩි වේ

අරක්කු හා  බීර මිලද අද (31) සිට  වැඩි කැර ඇතැයි  එම සමාගම් පවසයි.

 ඒ අනුව අරක්කු බෝතලයක මිල රුපියල් 30 කින් හා බීර බෝතලයක මිල රුපියල් 10 කින් වැඩි වි ඇත.

 රජය මගින් සුරා බද්ධ  සියයට දහයකින්  පමණ වැඩි කිරීම මෙම මිල වැඩි කිරීමට හේතුව බවද සමාගම් පවසයි.

 

 



අදහස් (0)

අරක්කුත් මිල වැඩි වේ

පූර්ණ Wednesday, 31 July 2013 07:09 PM

මේ අයට නොබී බැරි හැටි රු 1000 කින් විතර වැඩිකරන්න තිබුණේ (අ)

:       0       0

ලකී Thursday, 01 August 2013 07:20 AM

සිගරට්,අරක්කු මිළ වැඩි කළා කියලා බොන මිනිහගේ ප්‍රමාණය අඩුකරන්නේ නැහැ.මේකෙන් වෙන්නේ දුප්පත් මිනිහගේ බත් පතට හෙනහුරා පාත්වෙන එකයි. (නි)

:       0       0

තබේරු Wednesday, 31 July 2013 08:23 PM

උපරිම වශයෙන් මිළ වැඩි කළ යුතූය. නීරෝගී සෞඛ්‍යමත් ජිවිතයන්ට උරුමකම් කිමට ඇති ජනතාව මත් උවදුරින් බේරා ගැනිමට කළ හැකි තවත් හොද පියවරක් ලෙස අගය කළ හැකිය. (නි)

:       0       0

මොහාන් Wednesday, 31 July 2013 08:39 PM

කන්නත් නැති රටේ බොන්න නැති වෙන එක අරුමයක් නොවේ කසිප්පු බොන මිනිහ හැමදාම කසිප්පු බි යුතුයි බයිසිකෙලෙන් යන මිනිහ හැමදාම බයිසිකෙලෙන් ය යුතුයි (අ)

:       0       0

තුෂාන්ත Wednesday, 31 July 2013 03:48 PM

මතට තිත.(ස)

:       0       0

තුෂාන්ත Wednesday, 31 July 2013 03:50 PM

නියමයි. (ස)

:       0       0

රුක්මල් Wednesday, 31 July 2013 03:48 PM

කැත වැඩ. (ස)

:       0       0

බොනපාට් Wednesday, 31 July 2013 03:56 PM

දැන් ඉතිං මොනවා කරලද අපිට තිබෙන ජීවන ප්‍රශ්ණ අමතක කරන්න වෙන්නෙ. (නි)

:       0       0

ලියනගේ Wednesday, 31 July 2013 03:58 PM

කොච්චර ගණන් ගියත් තාත්තා බොන එක නවත්වන්නේ නැහැ මාමේ (නි)

:       0       0

බන්දුල Wednesday, 31 July 2013 04:06 PM

අපි නොබී ඉදී එහෙනම්..අදම සත්‍යාපාලව ,පුංචි ටිකිරිව,ඩුබායි තිලක්ව, ලාල් සුරන්ජිත්ව එහෙම එකතු කරගෙන ගාලු පර වහලා දානවා හර්තාල් එකක්, 'වහා මිළ අඩු කරනු' කියලා.මේවා මහා කැත වැඩ. (නි)

:       0       0

දෙවිනුවර ජයසිරි ලියනගේ Wednesday, 31 July 2013 04:07 PM

කොහොම වුණත් අහිංසක අපිට තමයි වදින්නේ. කොච්චර මිළ වැඩි වුණත් අපේ තාත්තා බීම අත්හරින්නේ නැහැ (නි)

:       0       0

සාන්ත Wednesday, 31 July 2013 04:19 PM

ගොඩක් ඉස්සර මතට තිත තිබ්බ නේද ? (ස)

:       0       0

දයා අලහාකෝන් Wednesday, 31 July 2013 04:19 PM

මේවයේ මිල වැඩි කලාට කමක් නැහැ. (ස)

:       0       0

විජේසිංහ Wednesday, 31 July 2013 04:19 PM

සුරාව සූදුව කියන්නේ රජයේ ප්‍රධාන ආදායම්. ඒකය් අපේ බුද්ධිමත් උදවිය ඒවාට විරුද්ධව කෑ ගහන්නේ නැත්තේ. (ස)

:       0       0

වරුණ Wednesday, 31 July 2013 04:19 PM

ලයිසන් අරක්කු ගාන වැඩි කරලා ලෝකල් (ගමේ ස්ප්‍රීතු) අල්ලන්න කියලා පොලිසියට කියමු. කොහොමද මතට තිත ව්‍යාපෘතිය. (ස)

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 31 July 2013 04:20 PM

'ගහේ බඩු' වල මිළත් වැඩිවෙලාද? නිදි පෙති දාන හින්දා ඒකේ මිළත් වැඩි වෙලා වෙන්න ඇති. (නි)

:       0       0

බන්දුල Thursday, 01 August 2013 09:07 AM

ඒ ගුදම් දෙක ඩුබායි වලට පැටෙව්වා ඩුබායි තිලක්ගේ නමට.. (නි)

:       0       0

ලුම්බිණි Wednesday, 31 July 2013 04:33 PM

මේකෙන් වැඩිපුරම පාඩුව වෙන්නේ දුප්පත් මිනිසුන්ට. (ස)

:       0       0

සඳරුවන් Wednesday, 31 July 2013 04:40 PM

ඕවා වැඩි වෙන්න වෙන්න දේශීය හොර අරක්කු, කසිප්පු නිෂ්පාදනේ වැඩි වෙනවා. (ස)

:       0       0

ෂෙරිෆ් Wednesday, 31 July 2013 10:40 PM

බලන්නකෝ අපේ හෙළයන්ගේ අදහස්. බුදුපියාණන් වහන්සේ සුරාවෙන් වැළකෙන්නට දේශනා කළ දේවල් හෙළයන් විසින්ම අනුමත කරලා බද්දත් වැඩිකරලා හොදටම බොනවා ආයුබෝවන්.... (නි)

:       0       0

රජිත් Wednesday, 31 July 2013 04:56 PM

ඉතින් ගම් ඌරො අසූචි නොකා ඉදීද ? (නි)

:       0       0

පිටිගල Wednesday, 31 July 2013 05:10 PM

දේශපාලකයන්ගේ කසිප්පු ජාවාරමට අත්වැලක්.අපේ ගමේ ඉන්නවා දේශපාලන සවිය තිබෙන මහා කසිප්පු මුදලාලි කෙනෙක්. තට්ටු තුනක ගෙයක් හදලා පන්සලේ වැඩවලට ලක්ෂ ගණනින් දෙන්නේ. ගෙට ගෙවදින දවසේ පොලිසියේ ලොකු මහත්වරු පළාත් සබා මන්ත්‍රීවරු කාර් වලින් පැමිණ ලොකු පාටි එකක්. කසිප්පු බොන ගමේ කොල්ලන්ට තාප්පෙන් එහා පැත්තේ 'අන්ලිමිටඩ් සප්ලයි.' දැන් ඉතින් තව වැඩි දියුණු කරලා නිෂෟපාදන වැඩි කරයි. නියමයි නේද? කමෝන්! (නි)

:       0       0

බණ්ඩා Wednesday, 31 July 2013 05:13 PM

ඒ කියන්නේ අර අහවල් කෝටි 25 ත් එහෙනම් අපෙන්ම අයකරගත්තා (නි)

:       0       0

රොෂාන් Wednesday, 31 July 2013 05:15 PM

අපෝ මේ හොදටම මදි. තව වැඩි වෙන්න ඕනෑ (නි)

:       0       0

ජනක Wednesday, 31 July 2013 05:17 PM

අනිත් අත්‍යාවශ්‍ය භාණ්ඩ වල මිළ ඉහළ යනවට වඩා අඩුවෙන් තමයි අරක්කු වල මිළ ඉහළ යන්නේ. (නි)

:       0       0

ප්‍රනීත් Wednesday, 31 July 2013 05:23 PM

ඒකෙනුත් දුප්පතාගේ අක්මාවටම ගැහුවා.දැන් ඉතින් ගෙදරම පොඩ්ඩක් පෙරාගෙන තමයි බොන්න වෙන්නේ (නි)

:       0       0

තොන්ඩ Wednesday, 31 July 2013 05:25 PM

අනේ වාසනාවන් ......! ඔය ඡන්ද වලටත් ඉතින් සල්ලි එපැයි.මොකද ඉතින් අපේක්ෂකයෝ වියදම් කරනවායැ? අපිම වියදම් කරලා මේ රත්තරන් මිනිස්සු ටික පළාත් සභා වලට පත්කරලා යවමු. ඊට පස්සෙ ඔවුන් ඉදිරියේ දණගහගෙන ඉදිමු. (නි)

:       0       0

ටිකිරි Wednesday, 31 July 2013 06:10 PM

අරක්කු වල මිළ නම් කීයක් වැඩි වුණත් මට කමක් නැහැ. හැබැයි තණකොළ,පුන්නක්කු වලට නම් අත තියනවා එහෙම නොවෙයි ඔන්න (නි)

:       0       0

ටිකිරි Wednesday, 31 July 2013 06:13 PM

බණ්ඩා, ඒ මුදලින් තවම බාගයක් විතරලුනේ ගෙවලා තියෙන්නේ කියලනේ කියන්නේ.මින් පස්සේ පරිප්පු ටිකෙන් ,පාන් ගෙඩියෙන්,බත් ටිකෙන් වැඩි කරලා ඉතිරි මුදලත් ගෙවාවී.දරුවන්ට දෙන පිටි කිරි ටිකෙන් නඩත්තුව කරාවි. (නි)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 31 July 2013 06:17 PM

අර හොර කසිප්පු පෙරන්න ගෙනා ගුදම් දෙකට මොකද වුණේ? (නි)

:       0       0

බණ්ඩා Wednesday, 31 July 2013 06:22 PM

අපි බොන්නේ කසිප්පු ... ඉතින් අපිට කමක් නැහැ (නි)

:       0       0

මංජු Wednesday, 31 July 2013 06:42 PM

මිල අඩු කර ගන්නට ඇති එකම ක්‍රමය ඕවා නොබී ඉදීමයි (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 528 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site