රුපියල් නම ලක්ෂ හතලිස් දහසක් වටිනා රන් බිස්කට් දෙකක් තම ගුද මාර්ගයේ සගවාගෙන ඉන්දියාවේ චෙන්නායි බලා යාමට උත්සහ කළ ශ්‍රී ලංකිකයෙකුට රුපියල් පනස්දහසක දඩයක් නියම කළ රේගුව එම රන් බිස්කට් දෙක රාජසන්ත කළේය.
මේ පිළිබඳව රේගු පරික්ෂනය නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක පී.කේ පන්ඩුක මහතා විසින් සිදු කළේය.
රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු නීති අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේ
සැකකරු සමන්තුරේ ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි පුද්ගලයෙක් බවත් ඔහු ශ්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යු.එල් 153 දරණ ගුවන්යානයෙක් ඉන්දියාවේ චෙන්නායි නුවර බලා යාමට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමින ඇති බවත්ය.
මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක දීපාල් සිරිබද්ධන මහතාගේ අධීක්ෂනය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක පී.කේ පණ්ඩුක, රේගු අධිකාරි එස්.පී.එල් බාලසුරිය සහ සහකාර රේගු අධිකාරීවරුන් වන ඩබ්ලිව්.අයි වනිගසිංහ, සරත් අතුකෝරල, කසුන් ගමගේ, අමල් අබේධීර, මදුරංග ගොඩගේ, රෝහණ කුමාර, අසංක ප්‍රියදර්ශන, ධම්මකා ප්‍රියදර්ශනී යන නිලධාරීහු සිදු කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිස් මුදුනේ තියා ගත්තු රත්තරන් වලට.(නදී)
මේ ගඳ ගහන වැඩේ කරොත් කරන්නේ ඉතින් ඔය පැත්තේ අයම තමා (අ)
පස්ස පැත්තෙන් හරි රත්තරන් එළියට ගන්න පුළුවන් උනොත් චීනයෙන් ගත්ත ණය ටික ඒ මුදලෙන් හරි ගෙවල දාන්න පුළුවන් වේවි. (නදී)