ඉතා දීප්තිමත්ව දක්නට ලැබීම හේතුවෙන් සියවසේ වල්ගාතරුව ලෙස නම්කැරුණු අයිසොන් වල්ගාතරුව හිරුගේ ක්‍රියාකාරීත්වයට හසුව විනාශ වී යනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ කියති. අද හිරුට වඩාත් සමීපවන වල්ගාතරුවේ න්‍යෂ්ඨිය හිරුගේ උෂ්ණත්වය හා කිරණවල බලපෑමෙන් දැනටමත් බි
දී ඇති බව විද්‍යාඥයන්ගේ මතයයි. ඔවුන් පවසන්නේ අද සවස හෝ හෙට අළුයම අයිසොන් හිරු ආසන්නයේ දී පුපුරා විනාශ වීමට ඉඩ ඇති බවයි.
පසුගිය නොවැම්බර් 18 සිට 23 දක්වා අයිසොන් ශ්‍රී ලංකාවට ඉහළ නැගෙනහිර අහසේ දැකිය හැකි ලෙස ස්ථානගතවී පැවතිය ද අධික මීදුම හා වැසි සහිත කාලගුණය හේතුවෙන් මෙරට වැසියන්ට දැකගත නොහැකි විය. විද්‍යාඥයන් කියා සිටියේ හිරු ආසන්නයට යන වල්ගාතරුව යළි ආපසු හැරී එද්දී එය ශ්‍රී ලාංකිකයන්ට දැකගත හැකිවන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෝඩ කතා කියන්න එපා උපාලි (නි)
අපේ රටේ පාසැල්වල තාරකා විද්‍යාව පිළිබද හැදෑරීම මිට වඩා යොමු විය යුතුය. (නදී)
ඕනවට වඩා බැබලෙන්න ගියහම ග්‍රහ මණ්ඩලේ ලොක්කගේ උෂ්ණයෙන් පිච්චිලා දුවිලි වෙලා යනවා කියන්නේ ඕකනේ. (නදී)
අයියෝ අයිසෝන්(නදී)
එහෙන්ම අයිසෝනුත් ඉවරයි? (නි)
තනි තරුවේ , ඔබත් ඔහොම ඔතන ඉන්න මමත් එහෙම මෙතන ඉන්නවා .... නැවත හමුවෙමු අයිසෝන්, සුබ ගමන්! (නි)