(අංජුල මහික වීරරත්න)
මෙවර අයවැයෙන් විපක්ෂ නායක වැය ශීර්ෂයත් වැඩි කර ඇතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබෙිවර්ධන මහතා පැවසීය.
විපක්ෂ නායක කාර්යාලයට 2023 අයවැයෙන් රුපියල් කෝටි 25 කට ආසන්න මුදලක් දුන් අතර 2024 අයවැයෙන් එම මුදල රුපියල් කෝටි 28.6 දක්වා වැඩි කර තිබෙන බව සඳහන් කළේය.
අයවැයෙන් ජනතාවට අපාය පෙන්වා ඇතැයි විපක්ෂ නායකවරයා පවසා ඇතැයි කී එජාප සභාපතිවරයා විපක්ෂය ජනතාවට අපාය පෙන්වමින් සිටින බව සඳහන් කළේය.
මූල්‍ය අරමුදලේ පළමු වාරිකය ලැබෙන්නේ නැතැයි කියූ විපක්ෂ එය ලැබුණ පසු දැන් දෙවැනි වාරිකය ලැබෙන්නේ නැතැයි පවසමින් සිටින බව සඳහන් කළේය.
මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය ලැබුණු පසු ජනතාවට නව සහන ලබාදීමට හැකියාව ලැබෙන බව කී අබෙිවර්ධන මහතා විපක්ෂයේ වෛරය, ක්‍රෝධය, ඊර්ශ්‍යාව නැතිවේවායි ප්‍රාර්ථනා කරන බවද සඳහන් කළේය.
පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේ දී වජිර අබේවර්ධන මහතා මේ බව කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් දෙපිලකට බෙදී බලය වෙනුවෙන් වාග් සංග්‍රාමයක යෙදුනත්, එජාප සහ සජබ යනු එකම කාසියේ දෙපැත්තකි. ජවිපෙ යනු ඊටම සරිලන ලෙස බොරුවට කටමැත දොඩවන පක්ෂයකි. මේ සියල්ලේ එකමුතු විසින් නිසි මග ගමන් කරමින් තිබු රට අරාජික කිරීමේ අත්තිවාරම දැම්මේ 2015 දීය. ඒ යටතේ ගෙවුණු වසර 4 ලාංකීය ඉතිහාසයේ මුසලම කාලයයි. දැන් මේ ගොඩ එන්නන්ට නොහැකිව දගලන්නේ ඒ වැටුණු නරා වල එතරම්ම ගැබුරු නිසාය. කුප්‍රකට අරගලය එහි කුටප්රාප්තියයි.
අනේ මේ පින් ශරීර වල ගිය කලක්
ඔය ඔක්කොම යාළුවො මල්ලි