ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට මෛත්‍රිපාල සිරිසේන ජනපති තීරණය කිරීම හොඳ දෙයක් බව පවසන සමන්තා පවර් එක්සත් ජාතීන්ගේ ඇමරිකා නියෝජිතවරිය ඇගේ රටේ විධායක ජනපති ක්‍රමය ගැන කථා නොකරන්නේ ඇයි දැයි පිවිතුරු හෙළ උරුමයේ ලේකම් උදය ගම්මන්පිල මහතා ප්‍රශ්න කරයි.

‘ලෝකයේ වැඩිම කාලයක් විධායක ජනපති කෙනකු සිටින රට ඇමරිකාවයි. එසේ තිබියදී ඇය අපේ රටට ඇඟිලි ගසන්නේ ඇයි? රවී කරුණානායක මහතාගේ අය වැයේ දර්ශනයක් නෑ. වැඩපිළිවෙළකුත් නෑ. එය එජාපයේ බැරිකම පෙන්වූ පුස්සක්. වී කිලෝවට මිලක් නියම කිරීමේදී අඩු ගණනේ ජනපතිතුමා නියෝජනය කරන පොළොන්නරුව ගැනවත් බැලුවද? ජනපතිගේ නම්බුවත් බම්බුවට දාපු අයවැයක්. අය වැයෙන් මෝටර් රථ මිල වැඩිවීමට විරුද්ධව ඒකාබද්ධ විපක්ෂය කළු කොඩි දානවා.‘

gemba_201511231