මෙවර අයවැයෙන් රජය වැඩකරන ජනතාවට දැවැනත් ප්‍රහාරයක් එල්ල කැර ඇතැයි ද ජනතාව දැනටමත් ප්‍රතිප්‍රහාර එල්ලකරන්න සූදානමකින් පසුවෙතැයි ද ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී.ලාල්කාන්ත මහතා පවසයි.
‘‘විනාශකාරී අයවැය යෝජනා පරාජය කරමු. ඉල්ලීම් දිනා ගැනීමට සටන් වදිමු“ යන තේමාව යටතේ මහජනතාව දැනුම්වත් කිරීමේ පත්‍රිකා කොළඹ දුම්රිය ස්ථානය ඉදිරිපිට බෙදා හැරීම් අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව කීවේය.
(ඡායාරූප හා වීඩියෝ රොමේෂ් ධනුශ්ක සිල්වා)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් බලමු අයවැය ඡන්දෙට ඔයාලගෙ පක්ෂය ඡන්දෙ දෙයිද විරුද්ධ වෙයිද කියලා. (නි)
දැන් ඕවා කියලා වැඩක් නැහැනේ (නි)
ටෙලි නාට්‍යයක රගපෑවා නම් නරකද? ඊළග ජන්දෙදි මන්ත්‍රී පට්ටම් 1 කට බහිනවා ද (බ)
ඈට වැඩිය මෑ හොදයි කියලනේ ඡන්දෙ දුන්නේ.., දැන් ඉතින් මොනවද කියන්නේ (බ)
අපිට වැරදුණා මහත්තයෝ...! (නි)
එදා ඉදල හැම ආණ්ඩුවකින්ම ඉල්ලන් කන්නේ අපිමනේ. වෙනසක අරුමය තවම අපිට වැටහිලා නැත්තේ ඒකයි (බ)
මේක අර නාටකයේම කොටසක්ද ? (ස)
සම්පුර්ණ වගකීම ජවිපෙ බාර ගන්න ඕන. ලබන ඡන්දෙන් බින්දුවට බස්සනවා. (බ)
බඩු මිල මීටවඩා ගොඩක් අඩුවෙන්න ඕනෑ. නැත්තන් අපිත් ජවිපෙට එකතු වෙනවා. (නි)
ජනතාවට "වහ" දෙනවට වැඩිය පහරදෙන එක හොඳයි (නි)
ඉතින් ඔයාලමනේ කිව්වේ අර අයට වැඩිය මෙයාලා හොඳයි කියලා. දැන් මොකක්ද මේ කියන්නේ? (නි)
මේ නැඟෙන ජනතා විරෝධය හමුවේ රජයට වෙන විසඳුමක් නැහැ. අඩුගානේ අත්‍යාවශ්‍ය අහාර මිලවත් සැළකියයුතු ලෙස අඩුකරනවා හැරෙන්නට. (නි)
දුර දක්නා නුවණක් නැති දේශපාලන දැනුමක් නැති ජේ.වී.පෙ ට නැවත ඡන්දය දෙන්නේ නැහැ. සෑම ආණ්ඩුවක්ම බලයට එන්න උදවු කරනවා වගේම බලය ලැබුනම මොවුන් පාරේ. ජනතාව රැවටීම තමයි කරන්නේ. (ස)
විවිධ කණ්ඩායම් වල ඉල්ලීම් සියල්ලම රජයට ලබා දෙන්න බැහැ. නමුත් මුළු රටටම බලපාන බඩු මිල විශාල ලෙස පහත නොදැම්මොත් දිනෙන් දින නැඟෙන ජනතා විරෝධය තවත් දැඩිවේවි. (නි)
ජනතාවට සහන දෙන්න තමයි ඩියුටි ෆ්‍රී ටැක්ස් එක ගෙනාවේ (නි)
පිටරට ඉඳලා දුක්මහන්සි වෙලා ලංකාවට සල්ලි එවන අපිට කිසිම සෙතක් නැහැ. වාහනයක් ගන්න බලාගෙන හිටියේ අපේ ආණ්ඩුවක් එනතුරු. කවදාවත් යු එන් පි එකට අපි ඡන්දෙ දෙන්නේ නැහැ (නි)
මෙයාලා තමයි රට කෑවේ. දැන් ඒ මිනිසුන්ට පාඩුවේ කරගෙන යන්න දෙන්නකෝ. මිනිස්සු ඔයාලා ගෙදර යැව්වා නේද? (නි)
කන බොන දේවල් වලින් සියලුම බදු ඉවත් කරනවා කියල නේද ජන්දෙට කලින් කිව්වේ? (ම)
සම්පත්ගේ කටේ මසුරං දාන්න වටිනවා (බ)
ප්‍රශ්නයක් නෑ මහින්ද ගෙදරනේ (බ)
කන බොන දේ අඩු කරන්න. (ම)