IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


‘අයවැයෙන් අධ්‍යාපනයට මුදල් වැඩිකරනවා‘ - ගයන්ත

ළමයි ආරක්ෂා කිරීමට දෙමාපියන් සහ ගුරුවරුන්ට ලොකු වගකීමක් ඇති බවත් ළමයා ගැන වාර්තාකරණයේදී මාධ්‍යට දැඩි විනයක් තිබිය යුතු බවත් ජන මාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා වදුරඹ මධ්‍ය මහා විදුහලේදී පැවැති උත්සවයකදී පැවසීය.

“ඕනෑම කෙනෙකුට බලාපොරොත්තු ප්‍රාර්ථනා ඉටුකරගන්න තිබෙන හොදම පාලම පාසලයි. අද තිබෙන තරගකාරීත්වයත් එක්ක විවිධ අංශ වෙත බලෙන් දරුවන් යොමුකිරීමට දෙමාපියන් උත්සාහ ගන්නවා. එහෙම විවිධ පැති වලට බලෙන් දරුවන් යොමුකරන්න එපා. ඕනෑම පුද්ගලයකු පරිපූර්ණ වීමට විෂය හා විෂය පරිබාහිර දැනුම අවශ්‍ය වෙනවා. ක්‍රීඩාවත් අවශ්‍යයි පිරිපුන් අයකු වීමට. දරුවකුට ගුණය විතරක් තිබිල මදි ඥාණයත් අවශ්‍යම වෙනවා. ඒවගේම ඥාණයත විතරක් තිබිල මදි ගුණයත් අවශ්‍යම වෙනවා. ඒ දෙකම තිබෙන දරුවකු බිහිකිරීමට දෙමාපියන් හා ගුරුවරුන් වගකීමෙන් කටයුතු කළ යුතුයි.” යැයි ද ඇමැතිවරයා කීය.

‘පාසල් අධ්‍යපනය වෙනුවෙන් රජය විසින් කළ යුතු කාර්යය අප හොඳින් තේරුම් ගෙන සිටින නිසා පසුගිය හැම රජයක්ම කළා මෙන් මේ රජයත් අධ්‍යාපනයට වෙන්කළ යුතු මුදල් ප්‍රමාණය වැඩිකරන්න පියවර ගත්තා. ඒ වෙනුවෙන් මේ රටේ විශ්ව විද්‍යාල ආචාර්යවරු මහාචාර්යවරු ගාල්ලේ සිට කොළඹට පෙළපාලි ගියා. නව රජය ඒ හඬට සවන් දුන්නා. මෙවර අයවැයෙන් ද ඒ මුදල වැඩිකිරීමට පියවර ගන්නවා.” යැයිද කරුණාතිලක මහතා සඳහන් කළේය.

12244071_10208217498461536_201511171259271623_n 12248835_10208217498421535_42015111790516520_n 12270024_10208217498381534_212015111736413672_n



අදහස් (0)

‘අයවැයෙන් අධ්‍යාපනයට මුදල් වැඩිකරනවා‘ - ගයන්ත

රසිත කුමාරජීව Tuesday, 17 November 2015 06:46 AM

අය වැයෙන් පස්සේ ....අධ්‍යාපන ඇමති මෙයා වගෙයි ..........(ම)

:       0       0

දිමුතු Tuesday, 17 November 2015 07:12 AM

රටේ දරු පරපුර කාර්යක්ෂම වීමත් , නව සිතුවිලි වලින් පරිපුර්ණ වීමත් රටක සංවර්ධනයට අත්‍යවශ්‍ය අංගයකි . මේ සදහා හොඳ පෝෂණයක් අවශ්‍ය වන අතර. එය එසේ වීමට නම් ඉතා ඉහළ තත්වයේ අාහාර ඉතා අඩු මිලට වෙළෙද පොලෙන් ලබා ගත හැකි විය යුතුයි. බඩු මිල අඩු කර මන්දපෝෂණය තුරන් කර රටේ සංවර්ධනය වේගවත් කිරීමට රජය උත්සක විය යුතුයි (ම)

:       0       0

ඉසුරන්දි Wednesday, 18 November 2015 05:17 AM

මේ දවස්වල දරුවන්ගේ වාර විභාගේ ප්‍රශ්න වලට පිළිතුරු ලියන කොලවලටත් මුදල් අය කරනවා පාසල් වලින්. මගේ දරුවන් දෙදෙනාගෙන් දෙවිදියකට මුදල් අය කරගෙන. දුවගෙන් කොළ සෙට් එකට රු.30,පුතාගෙන් රු.70..අනේ මන්ද අප පාසල් ගිය කාලේ පහසුකම් ගාස්තු ඇර වෙන කිසිම මුදලක් අයකර ගත්තේ නැහැ.අරවටයි මේවටයි කියා කියා සල්ලි එකතු කරනවා කෙරෙන දෙයකුත් නැහැ.හරියට පන්සලේ (ම)

:       0       0

ඇසළ Tuesday, 17 November 2015 09:55 AM

ඒක තමයි වවුචර් දෙනවා කියන්නේ. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 489 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site