ළමයි ආරක්ෂා කිරීමට දෙමාපියන් සහ ගුරුවරුන්ට ලොකු වගකීමක් ඇති බවත් ළමයා ගැන වාර්තාකරණයේදී මාධ්‍යට දැඩි විනයක් තිබිය යුතු බවත් ජන මාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා වදුරඹ මධ්‍ය මහා විදුහලේදී පැවැති උත්සවයකදී පැවසීය.
“ඕනෑම කෙනෙකුට බලාපොරොත්තු ප්‍රාර්ථනා ඉටුකරගන්න තිබෙන හොදම පාලම පාසලයි. අද තිබෙන තරගකාරීත්වයත් එක්ක විවිධ අංශ වෙත බලෙන් දරුවන් යොමුකිරීමට දෙමාපියන් උත්සාහ ගන්නවා. එහෙම විවිධ පැති වලට බලෙන් දරුවන් යොමුකරන්න එපා. ඕනෑම පුද්ගලයකු පරිපූර්ණ වීමට විෂය හා විෂය පරිබාහිර දැනුම අවශ්‍ය වෙනවා. ක්‍රීඩාවත් අවශ්‍යයි පිරිපුන් අයකු වීමට. දරුවකුට ගුණය විතරක් තිබිල මදි ඥාණයත් අවශ්‍යම වෙනවා. ඒවගේම ඥාණයත විතරක් තිබිල මදි ගුණයත් අවශ්‍යම වෙනවා. ඒ දෙකම තිබෙන දරුවකු බිහිකිරීමට දෙමාපියන් හා ගුරුවරුන් වගකීමෙන් කටයුතු කළ යුතුයි.” යැයි ද ඇමැතිවරයා කීය.
‘පාසල් අධ්‍යපනය වෙනුවෙන් රජය විසින් කළ යුතු කාර්යය අප හොඳින් තේරුම් ගෙන සිටින නිසා පසුගිය හැම රජයක්ම කළා මෙන් මේ රජයත් අධ්‍යාපනයට වෙන්කළ යුතු මුදල් ප්‍රමාණය වැඩිකරන්න පියවර ගත්තා. ඒ වෙනුවෙන් මේ රටේ විශ්ව විද්‍යාල ආචාර්යවරු මහාචාර්යවරු ගාල්ලේ සිට කොළඹට පෙළපාලි ගියා. නව රජය ඒ හඬට සවන් දුන්නා. මෙවර අයවැයෙන් ද ඒ මුදල වැඩිකිරීමට පියවර ගන්නවා.” යැයිද කරුණාතිලක මහතා සඳහන් කළේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අය වැයෙන් පස්සේ ....අධ්‍යාපන ඇමති මෙයා වගෙයි ..........(ම)
රටේ දරු පරපුර කාර්යක්ෂම වීමත් , නව සිතුවිලි වලින් පරිපුර්ණ වීමත් රටක සංවර්ධනයට අත්‍යවශ්‍ය අංගයකි . මේ සදහා හොඳ පෝෂණයක් අවශ්‍ය වන අතර. එය එසේ වීමට නම් ඉතා ඉහළ තත්වයේ අාහාර ඉතා අඩු මිලට වෙළෙද පොලෙන් ලබා ගත හැකි විය යුතුයි. බඩු මිල අඩු කර මන්දපෝෂණය තුරන් කර රටේ සංවර්ධනය වේගවත් කිරීමට රජය උත්සක විය යුතුයි (ම)
මේ දවස්වල දරුවන්ගේ වාර විභාගේ ප්‍රශ්න වලට පිළිතුරු ලියන කොලවලටත් මුදල් අය කරනවා පාසල් වලින්. මගේ දරුවන් දෙදෙනාගෙන් දෙවිදියකට මුදල් අය කරගෙන. දුවගෙන් කොළ සෙට් එකට රු.30,පුතාගෙන් රු.70..අනේ මන්ද අප පාසල් ගිය කාලේ පහසුකම් ගාස්තු ඇර වෙන කිසිම මුදලක් අයකර ගත්තේ නැහැ.අරවටයි මේවටයි කියා කියා සල්ලි එකතු කරනවා කෙරෙන දෙයකුත් නැහැ.හරියට පන්සලේ (ම)
ඒක තමයි වවුචර් දෙනවා කියන්නේ. (ර)