
(අංජුල මහික වීරරත්න)
මෙවර අයවැය මඟින් අධ්‍යාපන අමාත්‍යංශයේ වැය ශීර්ෂය සඳහා රුපියල් බිලියන 237ක මුදලක් වෙන් කිරීමට සැලසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.
එම ප්‍රමාණය අධ්‍යපානය වෙනුවෙන් වෙන්කල සමස්ත මුදල නොවන බවත් පළාත් සභා යටතේ වෙන්වන වැය ශීර්ෂය හරහා ද පළාත් නවය ආවරණය පරිදි අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රාග්ධන හා පුනරාවර්තන වියදම් සඳහා මුදල් වෙන් වන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
එසේම 2024 පෙබරවාරි 19 වනදා නව වසරේ පළමු පාසැල් වාරය ආරම්භ කරන බව සඳහන් කළ අමාත්‍යවරයා, ඒ අනුව පළමු වසරේ සිට එකොළහ වසර දක්වා විෂය නිර්දේශයන් එම වසර තුළම අවසන් කිරීමට හැකි බවත් සඳහන් කළේය.
අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මේ බව සඳහන් කළේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (06) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ හොරු උගුරට හොරා වචන හරඹයක යෙදෙනවා. එහෙම නැතිනම් පට්ට මෝඩයෙක් නිසා "නොදන්නාකමට" වචන පනිනවා ශරීරයේ පශ්චාත් භාගයේ තියෙන අවසාන දොරටුවෙන්. රුපියල් බිලියන 237 ක් (ඒ විතරක් නොවෙයිලු..) අධ්‍යාපනය සඳහා යොදවනවලු. රුපියල් බිලියන 237 ක් කියන්නේ ඩොලර් බිලියන 1ක් !!! මුළුරටම "මිරිකා" අයි එම් එෆ් එකෙන් දෙවෙනි වාරිකය සඳහා ඉල්ලන්නේ ඩොලර් මිලියන 300 යි, ඒ කියන්නේ ඩොලර් බිලියන 0.3 යි. එහෙම තියාගෙන (රුපියල් බිලියන 237 ක්) ඩොලර් බිලියනයක් අධ්‍යාපනයට යොදවනවා කියන්නේ පට්ටපල් බොරුවක්. යකෝ මේ වගේ ගස්බල්ලන්ට ඡන්දෙ දෙන අමු මෝඩයින් තවමත් මේ රටේ ඉන්නවද? සුසිල් ප්‍රේමජයන්ත, දෙකේ පන්තියේ ළමයෙකුගෙන් ගණිතය ඉගෙන ගන්නවා!!!