මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සම්මත කළ ඌන උපයෝගිතා පනත (පාඩු ලබන ව්‍යාපාර නැවත රජයට පවරා ගැනීමේ පනත) මෙවර අයවැයෙන් අහෝසි කරන්නැයි සිවිල් සංවිධාන හා ව්‍යාපාරික ප්‍රජාව රජයෙන් ඉල්ලා ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ සභාපති රජිත් කීර්ති තෙන්නකෝන් මහතා කොළඹ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
වැවිලි, ඉදිකිරීම් හා සංචාරක ක්ෂේත්‍රවල දැනට පවතින ගැටළු විසඳීම, යටිතල පහසුකම් දියුණු කිරීම පුහුණු ශ්‍රමික හිඟයට පිළියම් යෙදීම හා ඉඩම් පිළිබඳව ජාතික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට පුළුල් යෝජනා ඉදිරිපත් කෙරෙන බවද ඔහු කීවේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ආණ්ඩුව තමන්ට මොනවාහරි දෙනතුරුයි හැමෝම බලාගෙන ඉන්නේ කියලයි අදහස් ටික කියෙවුවහම මට නම් තේරුනේ (නි)
ජනතාවගෙන් සහ සිවිල් සංවිධානවල අදහස් ලබා ගැනීම ඉතා හොඳයි. එසේම වෙළඳ ප්‍රජාවගෙන් අදහස් ලබා ගැනීමද වැදගත්. එම අදහස් කෙතරම් දුරට අයවැය ලේඛනයට ඇතුලත් වේද යන්න ප්‍රශ්නයක්. (බ)
මම ඉන්නේ ලොකු බයකින්. මොකද මිනිස්සු ළඟ සල්ලි තියෙන නිසා වාහන අරගෙන පාරේ තදබදය වැඩිකරනවා කියලා තවත් මොකක්හරි බද්දක් ගහයි කියලා. දැන් හතුරෝ වෙලා ඉන්නේ මධ්‍යම පන්තියනේ. (නි)
අවස්ථාවක් දීලා බලමු නේද? (නි)
සඳළුතලාවේ සිට ප්‍රශ්නය දෙස බැලුවට හරියට පේනේනේ නෑ. ප්‍රශ්නය දකින්නත්, පිළිතුර සොයන්නත් පොදු ජනතාව අතරේම ඉන්න අවශ්‍යයි. (ත)
සිවල් සංවිධාන(අ)
පරිසර සංවර්ධනයට වැඩි බරක් අවැසිය (බ)
මේවා රජයට පවරා ගත යුතුමයි පාඩු ලබනවා කියල සේවකයන්ට පඩි වැඩිකරන්නේ නැහැ ආණ්ඩුවට බදුගෙවන්නේ නැහැ හැබැයි ලොක්කෝ අලුත් කාර් ගෙවල් ගන්නවා ලොක්කන්ගේ වියදම වැඩි වෙනවා (අ)
කීර්ති තෙන්නකෝන් කඩේ යන එකනං නවත්තල නෑ.(අ)
වැඩක් නැහැ. ගියසැරෙත් වෙච්ච දේ මතකයි. රජයේ, විශ්‍රාමිකයන්ගේ වැටුප් විෂමතාවය හරියට හැදුවේ නැහැ. (නි)