මෙවර අයවැයේ ආර්ථික උපාය මාර්ග අපේ රට ඉදිරියට ගෙන යාමට කිසිසේත් සමත් නොවන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

මේ අයවැයෙන් පෙන්නුම් කර තිබෙන්නේ නව රජයේ ආර්ථික උපාය මාර්ග. ඒවා කිසිසේත්ම අලුත් උපාය මාර්ගයන් නොවේ. අපේ රටේ ඉඩම් වෙළඳපළ, මූල්‍ය වෙළඳපළ, පෞද්ගලික අංශ වෙත පැවරීම අධ්‍යාපනය වෙළඳ භාණ්ඩයක් ලෙස සලකා කටයුතු කිරීමට උත්සාහ කිරීම රාජ්‍ය සේවය කප්පාදු කර විශ්‍රාම වැටුප් අහෝසි කිරීම ආදී යෝජනා වලින් පෙන්නුම් කරන්නේ අපේ රට නිසි ආර්ථික උපාය මාර්ගයකට යොමු කිරීමට වර්තමාන රජය අසමත් බවයි.