
(යොහාන් භාසුර)
වර්තමාන ආණ්ඩුව 2022 වසරේ නිකුත් කළ අතුරු අයවැයෙන් රුපියල් බිලියන 49.5 ක ප්‍රතිපාදන සහිත ඉහළතම වටිනාමක් සහිත වියදම් යෝජනාවලින් සියයට 71 ක ප්‍රගතිය ඇගයීමට අවශ්‍ය තොරතුරු නොමැති බවත් එම යෝජනා සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත යටතේ කළ ඉල්ලීම්වලට ද අදාල ආයතන කිසිඳු ප්‍රතිචාරයක් නොදැක්වූ බවත් වෙරිටේ රිසර්ට් ආයතනය නිවේදනය කරයි.
අයවැයෙන් ඉදිරිපත් කළ වියදම් යෝජනා 24 ක් නිරීක්‍ෂණය කිරීමේදී ඒ සඳහා රුපියල් බිලියන 50.5 ක් වෙන්කර තිබූ බවත් ඒ අතරින් යෝජන 7 ක පමණක් ප්‍රමිතිය තක්සේරු කිරීමට ප්‍රමාණවත් තොරතුරු තිබූ බවත් එම ආයතනය කියයි.
යෝජනා 24 න් 17 ක් ක්‍රියාත්මක කිරීමට වගකිවයුතු ආයතන බවට ජාතික අයවැය දෙපාර්තමේන්තුව හදුනාගෙන ඇති ආයතන එම යෝජනා ක්‍රියාත්මක කිරීමට ඔවුන් සතුව වගකීමක් නොවන බව පවසා ඇති බව ද සඳහන් කළේය.
වෙරිටේ රිසර්ට් ආයතනය නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd