මුදල් අමාත්‍යවරයාගේ අයවැය අලංකාර ලෙස පෙනුණත් එයින් අත්වන ඉදිරි ප්‍රතිඵලය අති බිහිසුණු යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවසීය.
වැව් බැම්ම කඩා දැමූ ආකාරයේ අයවැයක් වන මෙයින් මුලදී ආණ්ඩුවට මුදල් ටිකක් ලැබුණත් එයින් දේශීය ව්‍යාපාරිකයින්ට හා නිෂ්පාදකයින්ට මරු පහරක් එල්ල වී ඇති නිසා ටික කලක් යනවිට රටේ ආර්ථීකයේ සියල්ල කුණු වී යනු ඇතැයි ද මන්ත්‍රීවරයා සදහන් කළේය.
පසුගිය එක්සත් ජනතා නිදහස් සන්ධාන පාලනයත්, ඊට පෙර පැවති එක්සත් ජාතික පඬ රජයනුත් වෙන් වෙන්ව ක්‍රියාත්මක කළ බංකොලොත් ආර්ථීක ක්‍රමවේදය දැන් ඔවුන් එක්ව ක්‍රියාත්මක කිරීමට යන බව පෙනෙන්නේ යැයි ද විජිත හේරත් මහතා කීවේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමස්ත අය වැය දිහා බලපුවහම පෙන්නේ රටේ ජනතාවට ඉදිරි කාලය පහසු නොවන බවයි. ජනතාවගේ ආදායම වැඩි වෙන කිසිම යෝජනාවක් මේ තුළ නොමැති වුවත් සියලු යෝජනා සකස් කොට ඇත්තේ රාජ්‍ය ආදායම වැඩි කර ගැනීමේ ආත්මාර්ථකාමී අදහසිනුයි. (ම)
නියම කතාවක්! (නි)
ඉතින් ඔයගොල්ලෝත් උදව් කරානේ. (ර)
ඉතින් ඔයාලා කියන්නකෝ මොකක්ද හොඳම ක්‍රමය කියලා ? (ර)
ඉතින් මේගොල්ලෝ කියන රටට ගැලපෙන නිවැරදි ක්‍රමය මොකක්ද කියල කියන්නේ නැහැනේ. මෙයාල තවම හිතාගෙන ඉන්නේ කොමියුනිස්ට් පාලනයක සංවෘත ආර්ථික ක්‍රමයක් හොඳයි කියල නම් ඒක කෙලින් කියන්නේ නැත්තේ ඇයි ? ඒක කිසිම රටක් අද නැහැ චීනය අද මේ තරම් ආර්ථික වශයෙන් බලවත් වෙලා තියෙන්නේ කොමියුනිස්ට් ක්‍රමයෙන් බැහැරවෙලා වෙළඳපොල ආර්ථික ප්‍රතිපත්ති යොදා ගත්ත නිසා නේද ? (බ)
ඔය කියන අන්ඩර දෙමළ සාමාන්‍ය මිනිස්සුන්ට තේරෙන්නේ නහැ. ඒ මිනිස්සු බලන්නේ ගෑස් මිල අඩු වුණා. භූමිතෙල් මිල අඩුවුණා වගේ ඒවා. එම නිසා කරුණාකරල යෝජනාවලියේ නරක ඒවා මෙන්න මේවා මේවාට අපේ යෝජනා මේවාය කියල ඉදිරිපත් කරන්න. අනෙක මේ අයවැයේ හොද යෝජනාවක් තිබේ නම් මේවා හොදයි කියලත් කියන්න. එතකොට විශ්වාසය ඇතිවෙනවා. ආණ්ඩු පක්ෂයේ අය උසස්ම අයවැයක් කියනවා විපක්ෂයේ අය නරකම අයවැයක් කියනවා. සාමාන්‍ය මිනිස්සු හොල්මන්. (බ)
අර මත විමසුම තීරුවේ අහල තියෙන්නේ නව රජයේ මංගල අයවැය හොඳද නරකද කියල .. එක රවී අයවැය කියල වෙනස් කරන්න .. මංගලට ඕක ගැන කරන්න දෙයක් නැනේ .. මට මතක් වෙන්නෙම අර ඡන්දෙ දින්නම වාහන ගන්න බලන් හිටපු ජෝඩුව (අ)
දැන් කොහොමද කියන්නේ හොද නැහැ කියලා. තවත් දැන් ඕව විශවාස කරන කෙනෙක් නැහැ. (ර)
ඔයාලා ඉතින් ඕනෙම දේකට කියන්නේ ඔය කතාවම නේ. ලෝකේ ඉන්න හොඳම ආර්ථික ඔස්තාර් අය වැය හැදුවත් ඔයාලා නම් හොඳයි කියන්නේ නැහැ. (ර)
වසරකට සැරයක් රටේ මුල්‍ය කළමනාකරණය ගැන මැති සබයට ඉදිරිපත් කරන යෝජනා වලට අය-වැය කියා සාම්ප්‍රදායිකව කිව්වත්, රටේ පාලනය සුද්දාගෙන් තමන් අතට ගත් දා සිටම අපේ පාලකයින් කර ඇත්තේ අදුරදර්ශීව හා අතාර්කිකව කරන ලද 'වැය' පියවාගන්න බැරුව හැමදා සිහිනයක්ව පවතින 'අයක්' ගැන යෝජනා කරමින් ඊට අය-වැය කියා නම් කරමින් කාලය ගෙවාදැමීමක්. අවාසනාව නම් අපට කිසිදාක සැබෑ ධනවාදී ආණ්ඩුවක් හෝ පිරිසිදු වාමාංශික ආණ්ඩුවක් නොතිබීමයි (නි)