(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
රටට වැරදුණු හේතුවට අයවැයෙන් වැරදිකරුවන් බවට පත්කර තිබෙන්නේ සහනාධාර මත යැපෙන අසරණ ජනතාව බව ජාතික ජනබලවේගයේ පත්කළ මන්ත්‍රීනී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේ දී කීවාය.
ලැබෙන ආදායමින් ජීවිතය හරියට කළමනාකරණය කරගන්නට බැරි පුරවැසියන්ට මත වරප්‍රසාදිත ජීවිත ගත කරන අය විසින් වරද පටවා තිබෙන බව කී අමරසූරිය මෙනවිය ප්‍රශ්නය මේ විදිහට දකින්න නම් කොච්චර නපුරු විය යුතුදැයි ප්‍රශ්න කළේය.
අයවැය තෙවැනි දින විවාදයට සහභාගී වෙමින් අමරසූරිය මහත්මිය මෙසේද කීවාය.
අයවැයෙන් ප්‍රශ්නය හෝ දේශපාලන තත්වය තේරුම් ගෙන නැහැ.ජනතාව ආණ්ඩුවෙන් ඉල්ලන්නේ මොකක්ද කියා කිසිම සංවේදී බවක් පෙන්නුම් කරන්නේ නැහැ.ජනතාව පාලකයන්ගේ දුරස් වී ඇත්තේ ඇයි දැයි කිසිම හැඟීමක් නැතිව මෙය ඉදිරිපත් කර තිබෙනවා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරියට හරි.. උන් අපිව මංකොල්ල කාලා එකටත් අපිවම වැරදිකාරයො කරනවා..
එක ජනාධිපතිවරයෙක්, නැත්නම් මුළු ලෝකෙටම එක නීතියක් , අනුර කුමාරට ඒ අවස්ථාව ලබාදේවි, මොකද හැම දෙයක්ම දන්නා නිසා. නමුත් ඔහුට ජනවරමක් නොමැත.