පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ බාහිර උපාධි අපේක්ෂිකාවක මාතලේ වරාපිටිය ප්‍රදේශයේ කැලෑවක දී මරා තිබිණි.
මාතලේ කටුදෙණිය වරාපිටියේ බන්නැහැක මුදියන්සේලා වලව්වේ ලලනි නදිශා වරාපිටිය (23) මරා දැමුණු තරුණියයි.
ඉකුත් 24දා ඇයගේ වැඩිමහල් සොහොයුරාගේ විවාහ මංගලොත්සවය නිවසේ තිබු බවත් අතර පස්වරුවේ සියලු දෙනා නිවසින් බැහැර වි ඇති අතර ඇය තමා සමග නිවසේ නිදා ගත් බවත් පාන්දර අවදි බලන විට දියණිය නොසිටි බවත් මව චන්ද්‍රකාන්ති මහත්මිය පැවසුවාය.
මියගිය නදිශා මාතලේ සංඝමිත්තා බාලිකා විද්‍යාලයෙන් උසස් පෙළ සමත්ව බාහිර උපාධිය හදාරමින් සිටියාය.
මාතලේ වැඩබලන මහේස්ත්‍රාත් සිරිල් විමලසේන මහතා නිවස සහ ස්ථානයද නිරික්ෂණය කළ අතර මාතලේ මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි විශේෂඥ වෛද්‍ය ඩි.එල් වෛද්‍යරත්න මහතාද පැමිණ සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම සිද්දිය ඉතාම භයානක සිද්දියක් ,ලංකාවේ එකම වාගේ සිද්දි කිහිපයක් එකම කාල වකවානුවක සිද්ද වෙන බවක් පේනවා , අපරාද විතරක් නොවේ අනතුරු බලන්න කොච්චි හැප්පෙන කොට , එකක් නොව කීපයක් එකවිට සිද්ද වෙනවා , මොනවා කරන්නද හැමෝම කියන්නේ නිතිය , දේශපාලනය , දඬුවම වගේ කවදාවත් ඉෂ්ට නොවන යථාර්තයයක් මේ ලියන හැමෝම දන්නවා , අපි කොහොමත් කතාවට විතරක් දක්ෂ වැඩට අදක්ෂ , වචනවට , ආවේගය වලට , අනුන්ගෙන් පලිගන්න , දෙවෙනියා නොවෙන්න තමන්ට විනාසයක් කරන්න පුළුවන් හතුරෙකුට උනත් බලය දෙන මිනිසුන් වෙලා කියලා , එක්කෝ අපේ රටේ ජනතාව ගේ ජාන තුල කිසියම් මානසික රෝග ලක්ෂණයක් තිබෙනවා , හොඳම දේ අපි අපේ ආරක්ෂාව ගැන හිතන එක යි , මෙතන කාන්තාවෝ තරුණියෝ ඕනි තරම් ඇති , ඔබටයි මේ පොඩි ඔවදන ,කිසිම අවස්ථාවක අනාරක්ෂිත නොවී ඉන්න , අයුතු යෝජනාවක් අවොත් වහාම තමන්ගේ ගෙදර අයට හැකි ඉක්මනින් දෙන්නුම්දෙන්න, තනිව යන , රාත්‍රී ගමන් නතර කරන්න , මව පියා , සහෝදරයා, ස්වාමියා හැර වෙන කිසිවෙක් විස්වාස නොකරන්න, නිදන කාමරය අගුලු දමා නින්දටයන්න (දී)
මොනවද අප්පා මේ වෙන්නේ ...? ඇල්පිටියේ තරුණිය මරාදාල ඒ උණුසුම යන්නත් කලින් මෙන්න තව එකක් .,ඇත්තටම මම අහන්නේ යුද්දේ දිනුව කියල කෝ අපිට සැනසීමක් .., පිට රටවල ඉන්න අය බයක් සැකක් නැතිව ඉන්න එක ඇත්ත ඒත් දෙයියනේ අපේ පවුල්වල සේරම ඉන්නේ ලංකාවේ මේ වෙන දේවල් දැක්කම අපි කොහොමද බය නැතුව ඉන්නේ අපේ පවුල්වල අය මරුකටේ ඉන්දැද්දී..? ඇත්තටම ලංකාවේ මේ දැන් තියෙන තත්වය නැති කරන්න විදියක් ඇත්තෙම නැද්ද...? (ස)
දැන් දැන් දිගටම ලංකාවෙන් අහන්නට ලැබෙන්නේ මිනි මැරීමත් , විශාල සිදුවීම් වශයෙන් වන අපරාධ ගැනත්ය මා සිතන්නේ දැන්වත් අපරාධ කරුවන්ට කිසිම දේශපාලන වාසියක් ,මැර බලයත් ලබාගැනීමට නොහැකි වන ලෙස අලුත් නීතියක් පැනවිය යුතුයි, ඒ වගේම උපරිම දැඩි දඩුවම් දිය යුතුයි. (ස)
දිසානායකගේ අදහස පළකිරීම ගැන ලංකාදීපයට මගෙන් තුති. රටේ මේ තරම් විනය පිරිහීමක් කොයිකාලේකවත් තිබුනේ නැතිව ඇති. (නදී)
සමහරුන් මේක මීට කලින් වුන සිද්ධි වලට ආදේශ කරනවා. හරි වැඩක් නේ තමන්ගේ ගෙදර තමන්ගේ අම්ම ත් ඉන්නවිට නිදා ගෙන හිටිය තරුණිය මරලා .... හඳපානේ ඇවිදින්න ගිහින් මේක කරගත්ත වගේ තමා එක්තරා කොරනෙල් රාලහාමි කෙනෙක් වහෙන් ඔරෝවෙන් කියන්නේ. (අ)
අපරාධයක් වුනාම ඒක සාධාරණීකරණය කරන්න යන උදවියත් ඉන්නවා. දැනටම ඒ අය ව්‍යන්ගාර්ත්යෙන් කියන්නේ මේ තරුණිය හඳපානේ පෙම් සුව විඳින්න ගිහින් මේ දේ කර ගත්ත කියලා. තමන්ගේ දුවකට මෙහෙම වුනා නම් ඔහොම කියාවිද ? (අ)
ඝාතකයා හමුදාවෙන් පැනගිය කෙනෙක්ද . (අ)
සුද්දියෙකුගේ ඇඟේ බුදු හාමුදුරුවන්ගේ රූපෙ පච්ච කොටාගෙන ඉන්නවා දැක්කහම විතරක් ලේ කෝප වෙන අය ඉන්න රටේ පාලු ගෙවල් වල හරි, කැලෑ වල හරි, දූෂණය වෙලා හෝ නොවී මැරලා යන අපේම සහෝදරියන් නොපෙනෙන්නේ ඇයි? (නදී)
මේ සිදුවෙන අපරාධ වලට වඩා භයානකයි මෝඩ අදහස් ලියල පාඨකයින්ව නොමග යවන්න උත්සාහ කරන එක. "රටේ නීතියක් තියෙන හින්ද"ලු මිනි මරල හැංඟෙන්නේ..පවට පින් දෙන්න බැහැ කියන්නේ ඕක ට තමා. (නදී)
අපේ රටට දැහැමි සමාජයක් හදන්න සිත් පහල වේවා කියා පතමි . (ස)
වෙනසක් කරමු. වෙනසක් අත්‍යවශයි. (නදී)
නීතියක් නැති රටක නිරතුරුවම අහන්න ලැබෙන මෙවැනි අවාසනාවන්ත ඛේදජනක සිදුවීම් ගැන කාට කියන්නද? (ස)
මේ වැඩේ නම් හරියන්නේ නෑ. මරපු අයට එවලේම දඬුවම් දෙන ක්‍රමයක් ඔනෑ.(නදී)
හරියට හරි ලුම්බිණි. මිනි මරනවා කිසි ගානක් නැහැ. වැරදි කරුවන්ට දඩුවන් කරන්නේ නැහැ. දේශපාලනය නිසා රට විනාසයට ගිහින්.(නදී)
මෙම රැල්ල ඉදිරියට වර්දනය වීමට ඉඩ නොදී පාලනය කර ගත යුතුයි (අ)
පවු. ජීවිතය අවිනිශ්චිතයි කියන්නේ මේ නිසයි (නි)
මේවා මෙහෙම වෙන්නෙ අපිට නිවැරදිව හිතන්න බැරිකම නිසයි. (නි)
ලුම්බිණි - හොර මත්පැන් සැලක්නම් පොලිසියට වටලන්න පුළුවන්. අවලන් මිනිසුන්ගේ සිත්වල නැගෙන හැඟීම අනුව කැලැවකදී කෙනෙක් මරණ කොට නිතියට හැම තැනම රිංගන්න පුලුවන්ද .? රටේ නීතියක් තියෙනවා.ඒකයි මොවුන් රහසේ මරන්නේ. මරල හැඟෙන්නේ නීතියක් තිබුනේ නැත්නම් පාර පුරා මිනිස් මළසිරුරු තියෙයි දන්නවා උනත් නොදන්නා විදිහට කතා කරන්න එපා හලෝ. (අ)
උපාධි අපේක්ෂිකාවන් උනාට මේ ගොල්ලන්ට මොලේ නැහැ. මෝඩ බොළඳ පෙම්වත්තු.නිකං මැරෙනවා. (අ)
බන්දුල පෙරේරා විවිද නම් වලින්,විවිද රටවල් වලින් හැම අසාදාරනයක්ම සාදාරනීය කරමින් අදහස් විශාල ප්‍රමාණයක් දානවා. (නදී)
මේ අදහස් බැලුවම හිතෙන්නේ කට්ටිය මේ පතන ලෝකේ කොච්චර සුන්දරද කියලා. අපේ ජිවිත කලේ අපිට මතක ඇති කාලේ ඉදල මේ රටේ මිනීමැරුම් මංකොල්ලකෑම් සමුහ ගාතන ස්ත්‍රී දුෂණ වෙලා තියෙනවා. මිනිස්සුන්ගේ හිත පාලනය කරන්න නීතිරීති වලින් බැහැ. කරන එකා කරන දේ කරලා තමයි එ්කේ පල විපාක ගැන හිතන්නේ. පෝලිමට ගෝල් ෆේස් එකට ගෙනත් වෙඩි තියල මැරුවත් මේ රටේ මිනි මැරුම් අපරාධ නැති කරන්න බැහැ. (නදී)
ලුම්බිණි අපි ඇමෙරිකාවට කියමු. නැත්නම් පිල්ලේ ට කියමු. (නදී)
මෙහෙම සිදුවීම් සිදුවන විට ලංකාව ගැන අපිටම කලකිරෙනවා.(නදී)
දිනපතා මේ වැනි සිදුවීම් අහන්න ලැබීමත් හරිම කනගාටු දායක තත්වයක්. හැබැයි ලුම්බිණිගේ අදහසට නම් එකඟ විය නොහැකියි. රටේ නීතියක් තිබුනට සමහර වැරදි වලට (විශේෂයෙන් මිනීමැරුම් ) දිය හැකි දඬුවම් වල සිමා තියෙනවා. මැරුන මනුස්සයාගේ මානව හිමිකම් ගැන කතා නොකලාට මරපු කෙනාව එල්ලුම් ගස් යවනවට විරුද්ධව මානව අයිතීන් ගැන කතා කරන මානව හිතවාදීන් ඉන්නවනේ. (නදී)
අපේ රටේ යම් සිදුවීමක් උනහම හරි අපරාධයක් උනහම හරි ඊට සමානව තවත් කීපයක්ම සිදු වෙන ස්වභාවයක් තියෙනවා .ඇල්පිටියේ දරුවාගේ අවසන් කටයුතු කරන්නත් කලින් ඒ වගේම තවත් අපරාධයක් !බොහෝ දෙනාගේ අදහස් වලට මමත් එකඟයි .මේවා මර්දනයට නම් නිසි දඬුවම් ක්‍රියාත්මක කල යුතුයි . (අ)
අල්ලා ගත්තත් වැඩක් නැහැ. කවුරු හරි බලවතෙක් ඇප අරන් දේවි. ප්‍රමාණවත් සාක්කි නැහැ කියල අන්තිමට නිදහස් වේවි. අගතියට පත් පාර්ශවය කෙසේ වෙතත් සැකකාරයා වෙනුවෙන් නීතිමය ආධාරත් ලැබේවි. (අ)
රටේ නීතිය ක්‍රියාත්මක වනවාද නොවනවාද කියා අපිට කියා දෙන්නකෝ. (නදී)
කාන්තාවන් දුෂණය කරන එක, කපා කොටා මරා දමන එක සමහරුන්ට ඉතා සුළු කාරනා. මේවා තමන්ගේ කෙනෙකුට වෙනකන් ඔහොම තමා.(නදී)
සමහරු පිළිගන්න අකමැති වුනත් රටේ අපරාධ රැල්ලක් තියන බව නොකියා බැහැ. (නදී)
ඕව නවත්තන්න පුළුවන්. එ්ත් පහුගිය දවස් වල පොලිසියෙන් අපරාද කාරයන්ට වෙඩි තියල විනාස කරද්දී ඔය කෑගහන මිනිස්සුම අපරාද කාරයන්ගේ මානව හිමිකම් ගැනයි පොලිසිය නීතිය වැරදියට ක්‍රියාත්මක කරනවා කියලයි බෙරිහන් දුන්නා නේද ? (නදී)
සේනක ඔය කාරනා ගැන මෙතන කතා කරන්න ගියොත් මෙතන අනවශ්‍ය ප්‍රශ්න ඇති වෙන නිසා මට මේ තරුණිය දැක්කම මගේ අක්කව මතක් වුනා කියලා විතරක් නිහඬ වෙනවා. හරිම කනගාටුයි, තමන්ගේ සහෝදරියක් ඉන්න කෙනෙකුට තමා මෙවැනි දේවල් වල බරපතලකම තේරෙන්නේ. (ස)
වනිල් - රටේ නිතිය ක්‍රියාත්මක වෙනවාද නැද්ද යන්න දැනගන්නට ලොකු දෙයකට යන්න ඕන නැහැ. ඔයාටම පුළුවනි ඒක අත්හදා බලන්නට. පුළුවන් නම් සෙනග රැස්වන තැනක දී මුත්‍රා කරන්නකෝ. ඒ ටික කරනකොටම ඔබට රටේ නිතිය ගැන දැනගන්නට පුළුවන්. (ස)
සේනක - ඔබ අදහස් දමන්නේ ඒවාට අනෙක් අය ලවා මොකක් හරි ලියවා ගන්නද.? මම එහෙම කිවේ හතර බිරි කතා ඔබ ලියා තිබෙන නිසයි. සුද්දිගේ බාහුව ඇහැට පෙනෙනවා නේද? රහසේ කරන මිනි මැරුම් බලාගෙන ඉන්නේ කවුද..? ඔබ කියන විදිහට ලංකාවේ සෑම තරුණ ගැහැණු ළමයෙකු පස්සෙන් රහස් පොලිසිය යා යුතුයි කියලාද..? (ස)
පිටිගල, වාර්තා වෙන විදියට මේ තරුණියව දුෂණය කරලා මරලා තියෙන්නේ , නුවණක්කාර වුනත් ඉතින් මෙහෙම ආපදා වලින් ගැලවෙන්නේ කොහොමද කියලා කියන්නකෝ. (ස)
සැමටම මුල් වෙන්නේ හිත සහ ඒ නිසා නීතියෙන් වැඩක් නැත කියා සිතනවා නම් ඉතින් නීතියක් මොකටද ? හිතේ හැටියට අපරාධ කරගෙන ඉන්න ඕන උදවියට ඒ ක්‍රමය ගැලපෙනවා. (නදී)
මේ රටේ දඬුවම් ලැබෙන්නෙ පොලිස් නිලධාරියෙක් මැරුවොත් විතරයි. (ස)
ලුම්බිනිගේ අදහස හරි. රටේ නිතිය තිබුණට ක්‍රියාත්මක වෙන්නේ එක කට්ටියකට අවශ්‍ය ටික සහ පොඩිම මිනිහට විතරයි. ඉහලම සිටින කිහිපදෙනෙක් නිතිය බෙලහීන කරලා තියෙන්නේ. අපරාධ කරුවන් හදන්නෙත් මේගොල්ලම තමයි. ඉහලින් දෙන ආදර්ශය පහලට ගලාගෙන යනවා. මිනි මරන්න බය නැහැ. දැන් එක ලොකු සුදුසුකමක්. (ස)
සම වයසේ නංගියෙක් ඉන්න අයියලාට මේක හොඳ පාඩමක්. ඇසුරු කරන කාලකන්නි යාලුවෙක්මයි මේ අපරාදේ කරලා තියෙන්නේ. ගමේ අය කියන්නේ පොලිසියට ශාක්ෂි නැති වෙන්න මිනියත් හෝදලාලු. මේ තිරිසන්නු ඇල්ලුවත් අනේ ඒ දරුවා ආපහු එනවද? අයියලා මෙය පාඩමකට අරන් නංගිලා සුරකිවා.. දුවේ නුඹට ජාති ජාතිත් මෙවන් විපතක් නොවේවා! (නදී)
මේ මිනි මරුම හරිම සැක සහිතයි. සාමාන්‍යයෙන් මඟුල් ගෙදරක් වුනාම නැදා හිතවතුන් කවුරුන් හෝ උත්සවයෙන් පසුවත් රැඳෙනවා. අඩු වශයෙන් ගෙදර අස් පස් කරන්න උදව් වෙන්න කියලාවත්. විශේෂයෙන් ගම් පැති වල. අනෙක කවුරු හරි මේ තරුණියත් මවත් පමණක් එදින නිවසේ රැඳුන බව හොඳටම දන්නා කෙනෙක් මේකට සම්බන්ධ ඇති. (ස)
තරුණියව රාත්‍රියේ සිහිසුන්කොට ගෙනගොස් දුෂණය කලා විය හැකිය. නැතහොත් ඇය කාගේ හෝ කාමාතුර පාපතරයෙකුගේ රැවටිල්ලක අසු උනාවත්දෝ !!?? මේ සියලු දේවල් සුල මුල දැන ගන්ට ලැබෙනු ඇත. අපරාදේ තරුණ ජිවිතයක්. ඇයට නිවන් සුව පතමි.(නදී)
ගිහාන් කියන නීතිය තියෙන්නේ අපරාධකරුවෝ සාක්ෂි නැහැ කියා නිදහස් කරගන්නත් සරසවි සිසුන්ගේ ඇස් එලියට පනින්න පහර දෙන්නත්,දුම්රිය මගීන්ගේ ඔලු පලන්නත්,තමන්ට සහ තම පාලනයට එරෙහිව උද්ඝෝෂණ වලට එරෙහිව නඩු තීන්දු ගන්නත් පමණයි.නීතියේ ආධිපත්‍ය රජ කරවීම වෙනුවට අද පවතින්නේ ,එක පුද්ගලයෙකුගේ කැමැත්ත රටේ නීතිය බවට පත් කිරීම බව රටේ ඕනෙම කෙනෙකුට පෙනෙනවා,තේරෙනවා.තමන්ගේ වාසියට,බඩගෝස්තරවාදය වෙනුවෙන් පෙනී සිටින්නන්ටනම් මේ සත්‍ය පෙනෙන්නේ නැහැ තමා. (දී)
අනේ හැම තරුණියක්ම තමන් තෝරාගත් අනාගත සැමියා මොනවගේ කෙනෙක්ද කියල වැඩිහිටියෙකුගේ මාර්ගයෙන් හොයල බලන්න. අද මේ වෙන දේවල් බැලුවම එ්ක කරන එක වටිනවා වටිනා ජීවිත රැකෙන්න.(නදී)
පුදුම සහෝදරයෝ.(නදී)
හමුදාවෙන් පැනගිය සියලු දෙනා අත්අඩංගුවට ගන්න. පසුව නිත්‍යානුකුලව වැරදි නැත්නම් නිදහස් කරන්ඩ.(දී)
සොයුරිය ඔබට නිවන් සුව ලැබේවා (අ)
මේ වගේ වටිනා ජීවිත අකාලයේ විනාශ වෙන එකට නම් වගකිවයුත්තන්ගේ අවධානය යොමුවිය යුතුය.නැතිනම් ලංකාවේ මිනී මැරීම බුරු ගහනවා වගේ වෙන්න පුළුවන්. මේවා අපි කොපමණ ලීවත් වැඩක් නෑ.රටේ සිටින බලවතුන් මේවට නීතියක් ක්‍රියාත්මක කළ යුතුය. (ස)
උදේට පිරිත්, රෑට පිරිත්, හවස බෝධි පුජා, දවල්ට බණ. කෝ මිනිස්සු හැදිලා, (ස)
ඇත්තටම විමල් දක්වල තියෙන්නේ හොඳ අදහසක්.අපරාද රැල්ල මර්දනය කරන්න හොඳ පටන්ගැන්මක්. (අ)
පිටගල, තමුන්ට උපාධියක් හෝ උපාධි අපේක්ෂකත්වයක් නැතිනිසාද මේ වගේ කතා කියන්නේ? (ස)
කුමාරි මම කිව්වේ ! හොඳට මේ ගෙදර ගැන දන්නා කෙනෙකුට ඇරෙන්න මෙහෙම අපරාධයක් කරන්න මේ මගුල් ගෙදරක් අතරේ අමාරුයි කියලා. (නදී)
කෝ මේ රට පාලනය කරන පාලකයන් ? මේවා අපේ මෝඩ ජනතාවට තේරෙන කොට වෙන්න තියෙන ඔක්කොම වෙලා ඉවරයි. (ස)
ලංකා තිලක් වගේ දෙතුන් දෙනෙක් මේ සිදුවීම් සාමාන්‍යකරණය කරන්ට තනනවා. රටේ පාලකයින්ට බලය දීල තියෙන්නේ පුරවැසි ආරක්ෂාව ඇතිකරගන්ට. කුඩු කන්ටේනර ගණන් ,එතනෝල් කන්ටේනර ගණන් , ගේනවා. මේවා තමා මේ සේරටම හේතු. ලංකාව තනිකරම සෝමලියාවක්. අනිත් පුදුමේ කිසිම දේශපාලකයෙක් මේවට කටක් හොල්ලන්නෙ නැති හැටි.(නදී)
මේ වගේ වැඩ කරන අපරාධකාරයන්ට මරණ දඩුවම දෙන්න ඕන. (ස)
අපේ රටට ගිය කලක්, අනේ මන්ද අපේ ජීවිත වලටත් මොනවා වේවිද? (ස)
ඇතුගල චනිල් ට කියන්නේ ඔබම ඔය වැඩේ කරලා පෙන්නන්න කෝ. මෙතන කාන්තා පාර්ශවයත් අදහස් ලියන නිසා මම මීට වඩා කියන්නේ නැහැ. (ස)
නීතිය හොඳින් ක්‍රියාත්මක වෙනවා. ඇතුගලගේ ගෙදර ඇතුලේ නේද ? (ස)
පතිනි - ඇත්ත නම් මේකයි. පිටිගල උපාධියට වෛර කරනවා වගෙයි. එහෙම නැත්නම් එයා හිතාගෙන ඉන්නේ උපාධිය ලබාපු පුදගලයා කියන්නේ ශරීරෙ පුරාම මොළේ තියෙන අයට කියල වෙන්න ඇති. එකනේ අර වගේ මෝඩ කතාවක් කියන්නේ. (ස)
නීතියක් තියනවද කියලා ඇහුවාම ඇයි මේ සමහරුන් ට හිතට අමාරු ? (ස)
අපේ රටෙි අපරාධ කාරයන්ට හරියට නීතියක් කියාත්මක වෙන්නෑ.වෙන රටවල්වල් වගේ පාරට ඇදගෙන ඇවිත් ගල් ගහල මරන්න දෙනවනමි මෙි වගේ අපරාධ කාරයෝ අඩුවෙයි. (ස)
සමහරුන් ගේ අදහස් වලින් පෙනී යන්නේ මේ තරුණියට වූ විපත සාධාරණීකරණය කරනවා වගේ. දුවක් සහෝදරියක් බිරිඳක් නැතිනම් අඩු තරමින් මවක් වත් ඉන්නවා ඇතිනේ. (ස)
මරණ දඩුවම ක්‍රියාත්මක කරන්න ජනාධිපතිතුමණි. ඔබතුමාට පව් නෑ (නදී)
ජපානයේ සිට මගේ ඇරයුමකට මෙහි පැමිණි ජපන් ජාතික මගේ මිතුරියක් දින හතරක තම සංචාරය අවසන් කොට උදේ තේ මේසයේදී අපේ අම්මාගෙන් අහපු ප්‍රශ්නයක් මම පරිවර්තනය කර අම්මාට කිවා. මගේ අම්මා ඒ ප්‍රශ්නයෙන් පුදුමයටත් බලවත් ලැජ්ජාවටත් පත්උනා. මිතුරිය ඇසු පැනය මෙයයි. " මේ රට බෞද්ධ රටක් බව හැම හන්දියක් ගානෙම තියෙන බෝ ගස් වලිනුයි බුදු කුටි වලිනුයි පෙන්නනවා. එහෙම රටේ මේ තරම් අපරාධ වෙන්නේ ඇයි අම්මා..?" මගේ අම්මා ඒ වෙලාවේ අප රටේ නායකයින්ගේ සිට දුප්පත් ගැමියා දක්වා සියලු බෞද්ධයන් වෙනුවෙන් ඇයට කණගාටුව පල කරලා, ඇගෙන් සමාව ඉල්ලුවා. (නදී)
කවුරු මොනවා කිවත් මේ රටේ නීතියක් තියෙනවා. නීතියට බය නිසා හොරෙන් වැරදි වැඩ කරනවා. නීතියට බය නිසා තමයි අහුනොවෙන්න හැඟෙන්නේ. ලොක්කොන්ට නිතිය නැහැ නොවෙයි. නීතියක් තියෙන නිසා තමයි ඒ ගොල්ලත් මගඩි දාල හරි බේරෙන්නේ. නිතිය තිබුණට නීතියෙන් ගැලවෙන්නත් ක්‍රම මිනිස්සු හොයාගෙන ඉන්නවා නේ. එකයි නීතියක් නැහැ වගේ පෙනෙන්නේ. (අ)
දිසානායක 2014-05-25 17:39:08 ගේ අදහස අපි හැමෝගෙම අදහසයි . (නදී)
මේ හැමදෙකුටම හේතුව රටේ හොඳ අධ්‍යපනයක් නොමැති කමයි . වහාම විභාග ඉල්ලක්ක නොකරන අධ්‍යාපන ක්‍රමයක් ගෙන්න ඕන. (අ)
මේ සිදුවීම ගැන හරි තොරතුරක් දන්නැතුව අදහස් දාන්න බැරි උනත් මේ වගේ මරණ ගැන යමක් කිව යුතුයි. මේ තරුණිය ගේ ඇතුලේ ඉදිද්දී පැහැර ගෙන ගිහින් මරල දාලනම් එක ඉතාමත් කණගාටු දායක පුවතක්. ඝාතකයාට ඉක්මනින් දඩුවම් ලැබිය යුතුයි.. නමුත් කැමැත්තෙන් එලියට ගිහින් මේ වගේ දෙයක් උනානම් එතන හිඩැසක් තියෙනවා පුරවන්න බැරි. මේ ලගදි ජනේලෙන් පැනල ගිහින් රැට පෙම්වතාව හමුවෙලා එන තරුණියක් පෙම්වත් විසින්ම මරා දාල තිබුනා. මේක එහෙම දෙයක් නොවෙන්න ඇති. නමුත් සිදුවීම හෙලිවනතෙක් රටේ නීතියට බැනල වැඩක් නැහැ. අපි අපිට පාලනය නොවෙනවා නම් අපේ නීතියට අපි යටත් නොවෙනවා නම් රටේ නීතියට කරන්න දෙයක් නැහැ.(නදී)
එක්තරා අදහසක් නම් ඉතා අපුරුයි. නීතියක් තියන හින්දාලු මරලා හැන්ගෙන්නේ. මේවා දැක්කම ලෙඩා මලත් බඩ සුද්දයි කියලාවත් හිත හදා ගන්න වෙනවා. (නදී)
ලුම්බිණී අමතකද නැත්නම් දන්නේ නැද්ද ලංකාවේ භීෂණ යුගයක් පසුකරලා අපි දැන් ඉන්නේ කියලා. ඝාතකයා එල්ලා මරනු.(නදී)
තමන් දූෂණය වේවි තමන් අනාරක්ෂිතයි අද රටේ තියෙන තත්වය මේකයි කියලා හිතන්න ඕන.තමන් ආරක්ෂා වෙන්න තමන් විමසිලිමත් වෙන්න තරම් දෙයක් කර ගන්න බැරි කොට මේ දේවල් වලට මූණ දෙන්න වෙනවා. එච්චර දෙයක් හිතා ගන්න බැරි .ගිහාන් ගේ වගේ මෝඩ කතා වලට දෙන්න පිළිතුරු අපි ළඟ නැහැ. (දී)
මා දකින ආකාරයට මේ වගේ සිද්දීන් වෙන්ඩ මුලික හේතුව නිසි අධ්‍යාපන මට්ටමක් නැති කම හා නිසි ආගමික වතාවත් පිළි නොපැදීමයි. තමන්ගේ හිතුමනාපෙට වැඩ කිරීම දෙමාපියන් ගේ උපදෙස් පිලි නොගැනීම. ශ්‍රී ලංකා මවට ආදරය නොකරීම තමන් පළමුව තමන්ට ආදරය කරන්ඩ ඕනේ, ඉන්පසුව තමාගේ රට ආදරය කරන්ඩ ඕනේ ඉන්පසුව තමන්ගේ ආගම මේ ටික පිළිපදින්න.(නදී)
"කණගාටුදායක පුවත් අසන්න නොලැබේවා!! කියා මම මුලින්ම ප්‍රර්ථනා කරමි. අවුරුදු 30ක දෙමල සිංහල මරාගත්ත ,දැන්. ?.. මොකද මේ වෙන්නේ.. කෝ නිදහස , සතුට, සාමය පිරි ,අවුරද්දක් කියල සුබ පතගන්නවා , ඊට පස්සේ මරා ගන්නවා. මේකද අපේ මනුස්සත්වය.(ස)
මිනි මරුවන්ට එල්ලුම් ගස ගෙනා යුතුයි,, (ස)
ගිහාන් ලංකාවේ අපරාධ රැල්ලක් ඇති බවත් ඒවාට දඩුවම් නොලැබෙන්නේ නිතියේ දුර්වලකම නිසාත් බව අවබෝද කරගන්න නම් නීතිය රජයන පිටරටක ටික කලක් ඉදලා බලන්න. ලින් මැඩියෝ වගේ සත්‍ය දැක දැකත් ගොන් තර්ක පෙන්නන්න එපා. අපරාධ කරලා දේශපාලන බලය නිසා නිදහසේ ඉන්න ලොක්කෝ දෙන ආදර්ශ වල ප්‍රතිපල තමයි මේ. ලංකාවේ අහිංසක අම්මල සහෝදරියෝ බිරින්දෑවරු දරුවෝ දෙවියෝ රකිත්වා(නදී)
මම ලංකාවේ හිටිය දවස් 30 ට කපල කොටලා මිනි මැරීම් අපි දන්නා කියන කෙනෙකුටත් සිද්ධ වුනා.ලංකාවේ එක පුවත් පතක හැර අනිකුත් පුවත් පත් වල සිද්ධිය පල වුනෙත් නැහැ.ලංකාවේ අපරාධ රැල්ල ප්‍රමාණය කොතරම්ද කියල දකින්න නම් ලංකාවෙන් පිට වෙලා වෙනත් රටකටම ඉන්න ඕනේ. (ස)
නීතිය බල්ලටම ගිහින්.(ස)
කාට අයිති රටකද අපිට ජීවත් වෙන්න සිද්ද වෙලා තියෙන්නේ කියල මොලේ කළදක් හෝ තියනවනම් හිතපල්ලා මිනිසුනේ..... (දී)
ලංකාවට යන්න කියල ගුවන් ටිකෙට් පත අර්තට ගනිද්දී හිතට දැනෙන්නේ පුදුම බියක්.ලංකාවෙන් නිරුපද්‍රිතව චුත වෙනකොට හිතට දැනෙන්නේ පුදුම සතුටක්.මැරෙන්නේ නැතිව අපේ මව්බිමෙන් චුත වුනා කියන සතුට.... (දී)
ලංකාවේ නීතියක් තියෙනවා කියන අයගේ මොලේ පරික්ෂා කර ගත යුතුයි (දී)
කොහොමද මෙහෙම හිටි ගමන් මරලා දාන්නේ? (දී)
මේක නම් පුදුම අභිරහසක් තමයි (දී)
අනේ ලංකාවට ගිය කල. (ස)