වැලිමඩ ඇල්ල ප්‍රදේශයේ ගල්වළක දිය නෑමට ගිය අයියා මලෝ දෙදෙනකු දිය ගිලි මියගොස් ඇතැයි වැලිමඩ පොලිසිය කියයි. මියගොස් ඇත්තේ  අවුරුදු 11 සහ 13 වයසේ දෙදෙනෙකි. පෙර දින පැවැත් වර්ෂාව නිසා එහි වතුර පිරී තුබූ බවත් මියගිය දෙදෙනාගේ සිරුරු ගල්බොක්කින් සොයාගත් බවත් පොලිසිය පවසයි. මොවුන් සමග තවත් මිතුරකු ගියද ඔහු ගල්වලට බැස නොමැත.