හිටපු පොලිස් පරීක්ෂකවරයකු වූ තුසිත කුමාරසිරි ලක්ෂ 15ක කොන්ත්‍රාත්තුවක් මත පැහැරගෙන ගොස් ඝාතනය කළැයි ඔහුගේ අනියම් බිරිය බව කියන ධනවත් කතක සහ ඇගේ රියදුරුද, කඩුවෙල තවත් පුද්ගලයකුද රහස් පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
පොලිස් පරීක්ෂක ඉකුත් ජූලි 21 වැනිදා සිට සේවයට වාර්තා නොකළ නිසා සේවය අතහැර යාමේ නියෝග නිකුත් කර තිබිණි. ඔහු සිය කැමැත්තෙන් පළා ගොස් අතුරුදන්ව ඇති බවට ඔහුගේ අනියම් බිරිය බව කියන කාන්තාව සහ ඇගේ රියදුරු පවසා තිබුණත් පොලිස් පරීක්ෂකගේ අතුරුදන් වීම සැක සහිත බව ඔහුගේ සහෝදරයා පොලිස්පති සහන මැදිරියට පැමිණිලි කර තිබූ බව පොලිසිය කියයි.
ජූලි 28 වැනි දා කෑගල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තබා තිබුණු හඳුනා නොගත් සිරුර මොහුගේ බවත්, එය රජයේ වියදමින් භූමිදානය කළ බවත් කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිස් ලොක්කෙක් අනියම් බිරිදක් තබා ගැනීමට නීතියේ ඉඩක් තිබෙයිද? (නදී)
අයියෝ අපේ පොලිසිය.(නදී)
කොතන බැලුවත් සමහරු මෝඩ අදහසක්ම තමයි දාලා තියෙන්නේ (නි)
ගැහැනුන්ට අර මොකක්ද එකෙන් ඕනේ දෙයක් කරන්න පුළුවන් බව මේ අයි පී නොදැන ඉන්න ඇති. (නදී)
කතාව ටෙලි නාටකයට හොදයි නේද? හවසට පොරකා ගෙන කස්ටිය බලාවි.(නදී)
ලැජ්ජා නැති වැඩ කරන අයට හොඳ පාඩම් (අ)
මොහොමඩ්ට ඉරිසියාද? (නි)
දෙයියෝ බුදුවෙන්න අපරදද මේවා අයියෝ මහත්තයෝ උඹ ඉල්ලන් කෑව (අ)
අනේ මන්දා මේ රටේ වැරදි වැඩ වැඩියෙන්ම කරන්නේ පොලිසියේ අයනේ. අනියම් බිරිඳගේ ප්‍රශ්න නැත්නං මිනීමැරුම් නැත්නං කප්පන්... ඕව ඉවරවෙලා වෙලාවක් තිබ්බොත් නීතිය හා සාමයත් ආරක්ෂා කරන්න බලන්නකෝ...(නදී)
ඔය හැම දෙයක්ම වෙන්නේ තමන්ගේ හැදියාව සදාචාරාත්මක නැති හින්දයි. තමුන් හිතට වහල් වෙලා කරන නොහෙකුත් අපචාර,අනියම් ඇසුරු, කූට උපාය යොදා කරන සෑම කටයුත්තක් කෙළවර වෙන්නේ අපරාදයකින් හෝ දුකකින් විතරයි. කවදාකවත් ඔය වගේ අනියම් ඇසුරු හොද ප්‍රතිපල දෙන්නෙම නැහැ. දැන් ඉතින් විදවපන්කෝ. ලංකාවේ දැන් ආගමික වැඩසටහන් හා ආගමික ප්‍රචාර වැඩිවෙලා නමුත් ඒ හා සමානව අපරාදත් දුෂනයත් වැඩිවීමේ ප්‍රතිශතයක් තිබෙනවා. සෑම ආගමික නායකයෙක්ම මේ ගැන සිතිය යුතුයි.මේ අපරාද යන වේගය දිහා මොන ජාතියකින් බැලුවත් ඉදිරි අපේ පරම්පරාවට තිබෙන තර්ජනය මෙතෙක් යයි කිව හැකිද?රට සංවර්දනය කොයිතරම් සරුවට ගියත් සදාචාරාත්මක පරපුරක් නැති අනාගතයක් මොන දෙමව්පියෙක්වත් පතන්නේ නැහැ කියා සිතමි. ඉතින් මේවා නවත්වන්න රජයෙන්වත්,අන්‍යාගම් කාරයන්ටත් බැන බැන ඉදල බැහැ!සියලු ආගමිකයන් එක් වී කටයුතු කලයුතුයි. වැඩි දෙනෙක් පන්සලේදී,පල්ලියේදී,කෝවිලේදී,දේවස්ථානයේදී හැසිරෙන්නේ ඔහුට වඩා උපාසකයෙක් නැහැ කියලයි නමුත් එයින් බැහැර ජීවිතයේදී හැසිරීම බින්දුවයි. මෙය වෙනස් නොකර සමාජයේ ඔවැනි අපරාද නැති කරන්න බැහැ.(නදී)
මෙහෙමත් ගැහැණු?පොලිසියේ උසස් නිලධාරීන්ට ගෙදර බිරිඳගෙන් අරක්ෂා වීමටත් ඉදිරි කාලයේදී පොලිසියෙන්ම ආරක්ෂාව සපයන්න වෙයි වගේ. (නි)
සිංහල අයට නම් නීතියෙන් ඉඩ තියෙනවා. (නදී)
පොලීසියේම කෙනෙකුගේ අතුරුදහන් වීම පොලීසියෙන් හොයා ගන්න මෙතරම්ම කාලයක් යනවා නම් අපි ගැන මොන කතාද ? (ස)
අනේ අපේ රටට ගිය කලක්! (නි)
පොලිසියේ බාගෙට බාගයක්ම ඉන්නේ අල්ලස් ගන්න පොලිස් නිලදාරින්නේ. ඉතින් කොහෙද අනිත් මිනිස්සු හදන්නේ.(නදී)