ජාතික ලැයිස්තු මන්ත්‍රීධූර සඳහා පරාජිත අපේක්ෂකයින් පත්කිරීමට එරෙහිව මහජන එක්සත් පෙරමුණේ උප සභාපති සෝමවීර චන්ද්‍රසිරි මහතා සහ ලංකා සමසමාජ පක්ෂයේ මහලේකම්,හිටපු අමාත්‍ය මහාචාර්ය තිස්ස විතාරණ මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙක ලබන 16 වැනිදා විභාගයට ගැනීමට ශ්‍රෙෂ්ඨාධිකරණය අද (02) තීරණය කළේය.
චන්ද්‍රා ඒකනායක,ප්‍රියන්තර ජයවර්ධන සහ උපාලි අබේරත්න යන ශ්‍රෙෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් කැදවිණි.
සෝමවීර චන්ද්‍රසිරි මහතාගේ පෙත්සම වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මහතා විදේශ ගතවී සිටින බැවින් එම පෙත්සම කල් තැබිණ.
හිටපු අමාත්‍ය සහ ලංකා සමසමාජ පක්ෂයේ මහලේකම් තිස්ස විතාරණ මහතාගේ පෙත්සම සම්බන්ධයෙන් වන නොතීසි එහි වගඋත්තරකරුවන් වෙත යොමුකර පෙත්සම පිළිඹඳ කරුණු ඉදිරිපත් කරන ලෙස ඒ වෙනුවෙන් පෙනී සිටි කණිෂ්ක විතාරණ මහතාට නියෝග කෙරිණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරාජිතයින් පත්කිරීම ඉස්සර කරනකොට මේ ගොල්ලෝ නිදාගෙනද හිටියේ දන්නේ නැහැ ? (බ)