IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


අයිතිවාසිකම් පෙත්සම් කල්යයි

ජාතික ලැයිස්තු මන්ත්‍රීධූර සඳහා පරාජිත අපේක්ෂකයින් පත්කිරීමට එරෙහිව මහජන එක්සත් පෙරමුණේ උප සභාපති සෝමවීර චන්ද්‍රසිරි මහතා සහ ලංකා සමසමාජ පක්ෂයේ මහලේකම්,හිටපු අමාත්‍ය මහාචාර්ය තිස්ස විතාරණ මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙක ලබන 16 වැනිදා විභාගයට ගැනීමට ශ්‍රෙෂ්ඨාධිකරණය අද (02) තීරණය කළේය.

චන්ද්‍රා ඒකනායක,ප්‍රියන්තර ජයවර්ධන සහ උපාලි අබේරත්න යන ශ්‍රෙෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් කැදවිණි.

සෝමවීර චන්ද්‍රසිරි මහතාගේ පෙත්සම වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මහතා විදේශ ගතවී සිටින බැවින් එම පෙත්සම කල් තැබිණ.

හිටපු අමාත්‍ය සහ ලංකා සමසමාජ පක්ෂයේ මහලේකම් තිස්ස විතාරණ මහතාගේ පෙත්සම සම්බන්ධයෙන් වන නොතීසි එහි වගඋත්තරකරුවන් වෙත යොමුකර පෙත්සම පිළිඹඳ කරුණු ඉදිරිපත් කරන ලෙස ඒ වෙනුවෙන් පෙනී සිටි කණිෂ්ක විතාරණ මහතාට නියෝග කෙරිණ.



අදහස් (0)

අයිතිවාසිකම් පෙත්සම් කල්යයි

රාධා Sunday, 04 October 2015 03:15 PM

පරාජිතයින් පත්කිරීම ඉස්සර කරනකොට මේ ගොල්ලෝ නිදාගෙනද හිටියේ දන්නේ නැහැ ? (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 364 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site