පසුගිය ජනාධිපතිවරණ සමයේ දැන්වීම් පළ කිරීමෙන් රුපියල් කෝටි 20ක් ස්වාධීන රූපවාහිනියට පාඩු කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එහි හිටපු සභාපති අනුර සිරිවර්ධනගෙන් ජනාධිපති විශේෂ විමර්ශන කොමිසම පැය තුනකට ආසන්න කාලයක් ප්‍රශ්න කළේය.
ජනාධිපතිවරණය වෙනුවෙන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් රුපියල් කෝටි 11.5 දැන්වීම් නොමිලේ පළ කිරීම සහ වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දැන්වීම් වෙනුවෙන් රුපියල් කෝටි 8.9ක් ලබාගෙන එම දැන්වීම් පළ නොකර ජනාධිපතිවරණයෙන් පසු එම මුදල් නැවත වත්මන් ජනපතිට ලබා දීමෙන් මෙම පාඩුව සිදුකොට ඇති බවට පැමිණිලි ලැබී තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ධනුක, උසාවියට ඉදිරිපත් කරන්නේ චුදිතයින්වය, වැරදිකරුවන් නොවේ. (නි)
මෙයාද අර කලින් කතාබහට ලක්වුණ කෙනා? (නි)
හැම දැන්විමක් අවසානයේ " මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලදී" කියල දාන්නෙ බොරුවටද එතකොට.(ම)
මේ සම්බන්ධයෙන් වැරදිකරුවන් උසාවි ගෙනෙන්නේ කවදාද? (නි)
යකඩ හොරා කෝ (බ)
ඔහොම යමුකෝ! (නි)
මැතිවරණ වල ජනතා බර පැන (අ)
පේනවා නේද දැන් උපාසක බළලා වගේ හිටියට බලය තියෙනකොට කරපු කෙලි ? (බ)