හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ස්වාධීන රූපවාහිනියේ ජනපතිවරණ දැන්වීම්වලට මුදල් නොගෙවා රුපියල් කෝටි දහයකට අධික මුදලක් වංචා කළ බව කීවත් ඔහු කිසිදු මුදලක් වංචා කර නැතැයි රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ ගාමිණී මාරපන මහතා බරපතල වංචාැ සහ දූෂණ චෝදනා සොයන ජනාධිපති පරීක්ෂණ කොමිසමේ දී කීවේය.
හිටපු ජනපතිවරයා රුපියල් කෝටි 10.1ක් වංචා කළ බව කියූ ස්වාධීන රූපවාහිනියේ අභ්‍යන්තර විගණන පරීක්ෂකවරයා මේ වන විට හම මුදලින් රුපියල් ලක්ෂ 96.9ක මුදලක් ඉවත් විය යුතු බව පිළිගෙන ඇතැයි ද ජනාධිපති නීතීඥවරයා පැවසීය.
ගණනය කරද්දී වැරදීමක් සිදුවී ඇති බව හරස් ප්‍රශ්නවලදී ඔහු පිළිගත්තේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් එහෙම වුනත් කෝටි 9.032ක් වංචා කරලනේ (බ)
බලන්නකෝ ඉතින් ඒකෙත් හැටි (නි)
ඔය අපි කිවුවේ ඔය කොමිසම් වැඩේ හරියන්නේ නැහැ , හැමෝම කියාවි මට මතක නැහැ , මම දැක්කේ නැහැ (හේ)
එසේ නම් අභ්‍යන්තර විගණන පරීක්ෂක වරයාගේ අකාර්යක්ෂම භාවය ගැන කිසිම සමාවක් දිය යුතු නැත. ඔහුට විරුද්ධව විනයානුකූල පියවරක් ගත යුතුය. හිටපු ජනාධිපතිවරයාටද ඔහුගෙන් ප්‍රමාණවත් වන්දි මුදලක් ලබා දීම සුදුසුය. (බ)