අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ (අයි.සී.සී.) අට වැනි වාර්ෂික සම්මාන උළෙලේදී ශ්‍රී ලංකා ක‍්‍රිකට් පිලේ හිටපු නායක කුමාර් සංගක්කාර වසරේ එක්දින ක‍්‍රීඩකයා සහ වසරේ ජනප‍්‍රිය ක‍්‍රීඩකයා යන සම්මාන දෙකම හිමිකර ගැනීමට සමත්විය. ජනප‍්‍රිය ක‍්‍රීඩක සම්මානය සඳහා ලොව පුරා ක‍්‍රීඩා ලෝලීන්ගේ ඡන්ද විමසීමට කුමාර් සංගක්කාර සමග හසීම් අම්ලා (දකුණු අප‍්‍රිකාව), ජොනතන් ටේරට් (එංගලන්තය), ක‍්‍රිස් ගේල් (බටහිර ඉන්දීය කොදෙව්) සහ මහේන්ද්‍ර සිං දෝනි (ඉන්දියාව) ඇතුළත් වුහ. ජනප‍්‍රිය කී‍්‍රඩකයා තේරීමට 2010 අගෝස්තු මස 11 වැනිදා සිට මේ වසරේ අගෝස්තු මස 11 වැනිදා දක්වා තරග සැළකිල්ලට ගෙන තිබෙන අතර එම කාලය තුළ සංගක්කාර එක්දින තරග 25 කදී ශතකයක් සහ අර්ධ ශතක හතක් සමගින් ලකුණු 1,049 ක් රැුස්කර තිබේ. 55.21 ක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගැනීමට සංගක්කාර සමත්ව තිබේ. එම තරග 25 යේදී කඩුලූ රකින්නා ලෙස උඩ පන්දු 26 ක් සහ ස්ටම්ප් කිරීම් 10 ක් සමගින් දවාගැනීම් 36 ක්ද ලබා තිබේ. සංගක්කාර සමග ඕස්ටේ‍්‍රලියාවේ ෂේන් වොට්සන්, ඉන්දියාවේ ගෞතම් ගාම්බීර් සහ දකුණු අප‍්‍රිකාවේ හසීම් අම්ලා වසරේ එක්දින කී‍්‍රඩකයා සඳහා නිර්දේශවී සිටියහ. සංගක්කාර වසරේ ලෝක ටෙස්ට් ක‍්‍රිකට් පිලේ නායකයා ලෙස ද පත්විය.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
අයි. සී. සී. සම්මාන උළෙලේදී සංගක්කාරට සම්මාන දෙකක්
පාලිත ගුණතිලක Wednesday, 14 September 2011 10:11 AM
අපේ සුබ පැතුම් චිරාත් කාලයක් ලෝකේ ක්‍රිකට් ලෝලීන් පිනවීමට වාසනා ගුණය ලැෙබ්වා