අය වැය ඡන්ද විමසීමේ දී නිදහසේ ඡන්දය පාවිච්චි කළ හැකි බව මෛත්‍රීපාල සිරිසේන ජනපති පැවසීයැයි පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා අද පැවති මාධ්‍ය හමුවක දී කීවේය.
අධ්‍යාපනය වෙනුවෙන් ජාතික ආදායමෙන් සියයට හයක් වෙන් කළායැයි කීවද එතරම් ගණනක් වෙන් කර නැති බව හා අය වැයෙන් ජනපතිට දී තිබෙන්නේ දිරවීමට නොහැකි ලණුවක් බව සිරිසේන මහතාට පැවසූ බව ද ගුණවර්ධන මහතා සඳහන් කළේය.
මේ ගැන අගමැති හා මුදල් ඇමැති සමග සාකච්ඡා කරන බව ජනපති දැනුම් දුන් බව ද ඔහු කීවේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුදු දහයක් තිස්සේ මෙයාලා මොනවද රටට කළේ? දැන් තමයි මෙයාට වැරදි පෙනෙන්න අරන් තියෙන්නේ. (නි)
2500 කින් පවුලකට කන්න දෙන හැටි කියලා දුන්නා අමතකවෙලා වගෙයි ! අපි නම් මැරිලා ඉපදුනේ නැහැ ඔන්න (නි)
ප්‍රෝඩාවක් හෝ ඇත්තක් වුණත් මෑතකාලින දේශපාලකයන් කටයුතු කරන්නේ තමන්ගේ අනාථභාවයෙන් මිදීමටය. මේ නිසා සාමාන්‍ය ජනතාව වන අපි දේශපාලන හිඟන්නන් පසුපස යන අන්ධයන් නොවිය යුත්තෙමු. (නි)
ශ්‍රී ලාංකිකයින්ට ඉදිරියේදී හොඳ හොඳ දේවල් අසන්නට, දකින්නට, අත්විඳින්නට ලැබෙනු ඇත (නි)
බන්දුල මහත්මයා, ඔබේ ඇමති කාලේ ප්‍රෝඩාවන් තිබුනෙම නැත්ද ? නැත්නම් ඒකාලේ ජනාධිපතිට කිව්වේ නැත්ද ? (රේ)
වින්සන්ට් , කාලෙකින් හොද අදහසක් දකින්න ලැබුනා.(රේ)
කට්ටියක් එකතුවෙලා මහින්ද මහත්තය හදාහෙන ආපු රට කන්න පටන් අරගෙන. (බ)
බන්දුල මහත්තයම කියන්න අපි කොහොමද ඔබතුමා විශ්වාස කරන්නේ කියල. ඔබතුමා ඇමති ඉන්න කාලේ කිව්වේ 2500 ජීවත් වෙන්න කියලනේ...(බ)
ඔබතුමාලා ජනතාවට දෙන දිරපු ලණු ගැන අපි හොඳින් දන්නවා (නි)
මෙතුමාගේ කතා අපිට විශ්වාස කරන්න අමාරුයි (නි)
හොඳයි අපි බලමුකෝ (නි)
මේ අයවැය නිසා රුපියල් 2500 කටත් අඩුවෙන් ජීවත්වෙන්න පුලුවන් වගේ (නි)
අනේ මන්දා! මේ මහත්තයා මොනවා කියවනවද කියලා අපිට නම් තේරෙන්නේ නැහැ. (නි)
තීරුබදු රහිත වාහන නොගෙන්වන නිසා අපිට පාඩුයි නේද? (නි)
සෙබස්තියන්, ඔහෙලා වගේ තේරෙන්නේ නැති අය නිසා තමයි රටට මෙහෙම වුණේ. (නි)
ඔබතුමාලට වගේම වර්තමාන ආණ්ඩුවටත් මෙහෙම ගියොත් නම් වැඩිදුර යන්න බැරිවෙයි වගේ (නි)
දැන් කතා ඇති (නි)
දුම් පරීක්ෂා කිරීමේ ගාස්තුව වැඩිකළාට එය බද්දක් නොවෙයි නේද? (නි)
අනේ අපි ඔය කවුරු කවුරු ගැනත් දන්නවා (නි)
මේ අයවැයෙන් මොනවද කෙරෙන සංවර්ධන වැඩ? මොන සංවර්ධන ව්‍යාපෘතියටද ප්‍රතිපාදන වෙන්කරලා තියෙන්නේ? කිසිම සංවර්ධනයක් නෑ නේද? ඉස්සර වුන සංවර්ධන වැඩ විවෘත කරනවා ඇරෙන්න රට අලුත් සංවර්ධනයක් නෑ නේද? අනේ අපොයි යසට හැදීගෙන අාපු රටකට කළ හදියක්! (බ)
හොඳයෝජනා වගේම නරක යෝජනාත් තියෙනවා ,දුම් පරිෂාව හා බලපත්‍ර ගාස්තුව ඉහල නැංවීම වාහනයේ වටිනා කමට සාපේක්ෂව වෙනස් වෙන්න ඕන, ඒ වගේම තීරු බදු සහනය අහෝසි කිරීම නෙවේ සීමා සහ කොන්දේසි පැනවීමක් සිදුවීමයි විය යුත්තේ, පර්මිට් එක අරණ අවුරුදු 5න් පහට ඕක විකුණන එක තමයි ලොකු පොඩි හැමෝම කරන්නේ, ඒවා වැරදියි,ඒවා සීමා කළොත් හොදයි (බ)
ඔය අයවැය රවී නැතුව මහින්ද ඉදිරිපත් කළා නම් මෙතුමා ඔය අයවැය ගැන මෙතුමාගෙම කටින් කියයි ලෝකයේ තිබෙන හොඳම අයවැය ප්‍රකාශය තමයි මේක කියලා. අනේ යන්න මහත්තයෝ අපි කොණ්ඩ බැඳපු චීන්නු නෙමෙයි. (නි)
කණ්ඩායම කලබලවෙලා වගේ. (නි)