රබර් ගසකට යටවු පොලිස් පරීක්ෂක ප්‍රසාද් සිරිවර්ධන මහතාගේ සිරුරෙන් දැඩි ලෙස ලේ පිට වී තිබු බවත් ලේ නතර කිරීමට සැත්කමක් ඇතුළු සැත්කම් තුනක් සැලසුම් කළ බවත් අවිස්සාවේල්ල රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ඒ එස් ජයතිලක මහතා පැවසීය.

ඔහුගේ පිට කොන්ද හා උදරයට හානි සිදු වී තිබිණි.

තුන්නානේ සිද්ධියේදී පොලීසියේ තවත් හය දෙනෙක් තුවාල ලබා අවිස්සාවේල්ල රෝහලට ඇතුළු කරනු ලැබුහ.