තලංගමදී පැහැර ගත් තම අනියම් සැමියා වන හිටපු පොලිස් පරීක්ෂක රොහාන් තුසිත කුමාර ඝාතනයේ පරීක්ෂණ යටපත් කිරීම සදහා අනියම් බිරියගෙන් රුපියල් ලක්ෂ විස්සක් ගත්තැයි සැකපිට තලංගම පොලීසියේ අපරාධ අශයේ ස්ථානාධිපති, පොලිස් සැරයන්වරයකුගෙන් හා කොස්තාපල්වරයකුගෙන් කොළඹ අපරාධ කොට්ඨාශ ඒකකය දැන් ප්‍රශ්න කර ගෙන යයි.
හිමාලි කරුණාත්න නම් හතලිස් දෙහැවිරිදි ධනවත් කත තලංගම පොලීසියේ සිව් දෙනාට රුපියල් ලක්ෂ හැත්තෑපහක මුදලක් වරින් වර දී ඇතැයි ලැබී ඇති තොරතුරු අනුව පරීක්ෂණ පැවැත්වෙන බව කොළඹ අපරාධ කොට්ඨාශය කියයි.
එක් අයකුගේ බැංකු ගිණුමට රුපියල් ලක්ෂ 20 ක් බැර කැර ඇති අතර අනික් තිදෙනාට වරින් වර ලක්ෂ විසි පහ බැගින් ගෙවා ඇතැයි තහවුරු නොවු ආරංචි කියයි.
අල්ලස් ගත්තැයි කියන එක් කොස්තාපල්වරයකු ගෙයක්ද කඩයක් ද මිලට ගෙන ඇතැයි කියති.
ඔහු පැහැරගෙන ගොස් ඇත්තේ පසුගිය ජුලි 21 වැනිදාය.ඔහුගේ සිරුර කිතුල්ගල ළදු කැළැවක තිබී හමු විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් අනුලා දේවියක්ද? (නි)
අපිත් දන්නවා මේ පොලිසියේ කට්ටිය ගැන (නි)
.. මොකුත් නැතුව ඉදලා,මේ විදියට හම්බ වෙන කොට දරා ගන්න බැරි වෙලා..අන්තිමට ජීවිතෙත් නෑ..බා ගෙන කන්න තියෙන වළ ඉහගෙන කන්න ගිහින් ජීවිතෙත් නැති කර ගත්තා.පට්ට මොඩයෙක් ! හෙන ෂෝ කාරයෙක්..අනුන්ගේ සල්ලිවලින් ලොකූ ෂෝ දැම්ම...! (අ)
මට නම් හිතෙන විදියට මේ කෙනා විනාශ වෙලා තියෙන්නේ විහින්, ඒ වගේම මේ ගැහැනු කෙනත් මෝඩයි. ඒකයි තමන්ගේ දරුවන්ට තියාගන්න ඕනෑ දේවල් මේ මනුස්සයට දීලා තියෙන්නේ. දැඩි තණ්හාව විනාශයටම හේතු වෙනවා කියන එක හොදටම ඔප්පු වෙනවා. අපේ ගම්වල කතාවක් තිබෙනවා බාගෙන කන්න තියන වළ ඉහගෙන කන්න යන්න එපා කියලා, ඒ කතාව මේ මනුස්සය අහලා නැතුව ඇති. මට නම් මේ දෙන්න ගෙනම දුක නැහැ. දරුවෝ තමයි දැන් නින්දාවට, අපහාසයට , හෑල්ලුවට ලක්වෙන්නේ (නි)
මේ ගැහැණිය වරක් කසාද බැදපු කෙනෙක් නේද? (නි)
මිනිහෙකුට අනපේක්ෂිතව පහළ වන වාසනාවත් සමග අවාසනාවත් ගැට ගැහිලා එනවා කියලා ගොඩක් අය දන්නේ නැහැ.දෙවියෝ දෙයක් මේ අතින් දෙන්නේ කල්ක්‍රියාව බලලා, හොද නැත්නම් දුන්නට වඩා දෙයක් අනිත් අතින් ගන්න බලාගෙන.මේවා කෙටි ක්‍රම වලින් සැප හොයන කාට කාටත් හොද ආදර්ශ (නි)
දැන් තමයි බළලා මල්ලෙන් එළියට එන්නේ.ඒ කියන්නේ ධන බලයට රටේ ඕනෑම දෙයක් යටපත් කරන්න පුළුවන්. (නි)
මෙයාට කොහෙන්ද ඔච්චර සල්ලි.... (ස)
පොලිසියට දෙන පඩි අඩු බව මෙයින්ම පැහැදිලි වෙනවා නේද ? (නදී)
මේ කාන්තාව කොහොමද මෙච්චර කෝටිපතිනියක් වුණේ? බැරිද ඔය වැඩි සල්ලි අහිංසක දුප්පතුන් වෙනුවෙන් යමක් කරන්න යොදවන්න. (නි)
හැම වෛරයකට වඩා ස්ත්‍රියකගේ වෛරය දරුණුයි (නි)
එතකොට ගත්ත සල්ලි වලට මොකද වෙන්නේ? (නි)
පඩි අඩු උනාට හොරකන් කරන්න කියල තියනවද යසවතී අක්කේ. (නදී)
අර ගෑනිට මේ මිනිහට පොලිස්කාරයට බැන්නයි කියලා රටේ අපරාධ අඩුවෙන්නේ නැහැ. මේ තත්වයට රට ඇදල දාපු දේසපාලුවන්ට නොබනින්න කවුරුත් වග බලා ගන්න බවයි පේන්නේ. (නදී)
ඔය කවුරුත් සුදනො වගේ කථා කලාට අවස්ථාව ආවහම වරදෙ බැදෙනව. ඔය කාන්තාවත් අමුතු දෙයක් කරල නැහැ. ඇයත් වරදෙ බැදිල තමයි. (ස)
මෙයාලගේ අර යාළුවත් ඇතුලෙනේ.දැන් ගිහින් එයත් එක්කම ඉන්න පුළුවන්නේ. ඔහොම යමු (නි)
තලංගම පොලිසිය කියන්නේ පොලිස් නිල ඇදුමට අපහස වන අකාරෙන් සත්තු වගේ වැඩ කරන පොලිසියක් මේ ලදී පින්තාරු උර්තිය කරලා ජීවත් වන අහිසක තරුණයකුට පහරදීල තිබුන පොලිස් නිලදරියකුගේ නිවසේ පින්තාරු කරලා මුදල් ඉල්ලු විට හොදටම පහර දීල පසුව බොරු ජෝහොදන දාල මහර බන්දනගත කරලා තියනවා .දැන් කියන්නේ මීනිමරුමට තත් කිර්රේම සහ මුදල් සොරකම් කිරීම කියල නඩු දාල තියනවා .උසස් පොලිස් නිලදරෙයෙකි සහ වගකිව යුතු අයෙක් මෙමෙ සටහන බලනවනම් මට පුළුවන් ඒ පිළිබද තවත් දැනුවත් කරන්න .තලංගම පොලිසිය ලගදි ඉල්ලගෙන කන්නව කියන එකනම් විස්වාසයි (අ)
සිල්වා ....පිරිමින්ගේ වෛරය ...දරුනුනැති හිදවෙන්න ඇති අර ගැනිවා මරල වළලලා ඉතාලි ගියා කිව්වේ ..........මේ වෛරයට ..ලින්ගබෙදයක් නැ (අ)
උස්සලා ගෙනත් දුන්නම නොගෙන ඉන්නද කියන්නේ?ඔය කියන අවංක කම් තියෙන්නේ, ඉන්ද්යානු චිත්‍රපට වල. (අ)
බන්දුල අය්යේ,අනේ ඔය කියන දෙවියන්ගේ ඊ මේල් ලිපිනය මටත් දෙන්නකෝ. (අ)
මේ තලංගම පොලීසියේ ඉන්නේ අහිංසක මිනිස්සුන්ට බොරු නඩු දාන ජඩයෙක්. උගේ ගෝලයොත් එහෙමයි. බොරුවට මිනිස්සුන්ට දාපු නඩු වල රිටර්න් එකත් මග එනවා. (අ)
පුලුවන් නම් හොයාගන්න මේ ගැහැණු කෙනා සම්බන්ධව සිටින ඉහළ දේශපාලඥයාව (නි)
එක ගැහැණියකගේ කාමාශාව නිසා තව කීදෙනෙක් වගකිවයුත්තෝ වෙයිද දන්නෙ නැහැ (නි)
සිරියලතා,කළකම් පලදෙනකොට ඔහොම තමා (නි)
තලංගම පොලිසියේ නිලධාරීන්ගේ මේ අකටයුතුකම් ගැන මින් පෙරද වාර්තා වී තිබෙනවා පොලිස් පතිතුමා මැදිහත් වී මේ අයට නිසි දඩුවම් දියයුතුයි .මේ වගේ සත්තු වගේ හැසිරෙන නිලධාරීන් පොලිස් දෙපාර්තුමේන්තුවට නින්දාවක් .ඇගේම අප මේ පිළිබද සොයා බැලීමක් කරනවා .නීතියට නොහැකි දේ කිරීමට ජනතාවට සක්තියක් තියන බව පොලිසිය දැනගත යුකුයි .පොලිස් රෙස්පට් වලට ජනතාව බිය නොවන බව යතා කාලයේදී තලංගම පොලිසියට දැනගන්න ලැබෙයි එය වැඩි ඈතක නොවෙයි (අ)
තන්හාව නිසා මරණය උරුම උනා. මට නම් දුක ඒ කාන්තාව ගැන. අර මෝඩයා ඒ කපටි නොවී ඉදියනම් තවම සැපට ඉන්නවා. සේවකයන්ටත් හොදට සලකල මේ මිනිහටත් ලක්ෂ 2000 ක් වියදම් කරපු කාන්තාවද වැරදි? මේ කපටියද වැරදි ? (අ)
මා මේ කතාව මුල සිටම කියෙව්වා,මේ කාන්තාව පරම්පරාවෙන් ධනවත් කාන්තාවක්,අපේ පැරණි සිංහල උපහැරණයක් මට මතක් වෙනවා ."බාගන කන්න පුළුවන් දේ ඉහගෙන කනවා කියල". අනියම් සැමියා ට කොටි දෙකක මුදලක් වියදමට අමතරව ඇති සුවිසල් මැදුරක්,ඒවාගේම සුපබෝගී වාහනයක් ඔහුගේ ප්‍රයෝජනය සඳහා ලබාදීලා තියෙනවා ඔහු ඉල්වන හැමදෙයක් ම ඇය ෂණිකව ලබාදීලා තියෙනවා.ඔහුගේ වරින් වර මුදල් ඉල්ලා මුදල් වලට බේරුමක් නැති නිසා ඇය තම හිතවත් රියදුරාට කියල තියෙනවා මේ ප්‍රශ්නයෙන් මොනක්‍රමයකින් හරි ගලවල දෙන්න කියල. (අ).
පොලිසිය දැන් පගා ගන්නවා හැර වෙන රාජකාරියක් කරන්නෙම නැද්ද? (නි)
මේ වට තමා කියන්නේ සරියා නිතිය කරන්න කියලා.කොහෙද නුබලා කරන්න දෙන්නේ ? (අ)
මම හැමදාම කියනවා වගේ පොලිසියේ සිටින බහුතරයක් ගැන නම් කියලා වැඩක් නැහැ (නි)
මේ ගෑනි මෝඩි . අරයා කපටි හිගන්නෙක් ! ඇත්තටම ගෑනි පවු ..! (අ)
අපි නම් හිතුවා බොරු විකාර ලොකුකම් දානකොට පසුවට වැඩ වරදියි කියලා (නි)
මේ කාන්තාව බොරුවට දැන් පොලිසිය අමාරුවේ දානවද දන්නේ නැහැ. (නි)
ඇත්තටමද ප්‍රමිලා ඔයා කියන්නේ? අනේ පව් එයා..... (නි)
ලංකාවේ පොලිසියේ ස්ථානාධිපති පත් කරන්නේ එම ආසනයේ සංවිධයකලු. කිරි අප්පට බල්ලෝ බුරපි කිව්වලු. (නදී)
බන්දුල සහ මහේෂ්ගේ අදහස සමග මම එකග වෙනවා (නි)
මෙයාලා ගැන හොඳක් ඇහුවොත් 1 දවසකට අායි අවුරුදු ගානක් වැරදි අහගන්න පුළුවන්. ලැජ්ජා නැතිකම මහමුදලිකමටත් වඩා ලොකුයිලුනේ (නි)
අයියෝ! මේ ධනවත් කතවල් හින්දා වෙන වැඩ? (නි)
ඔය විදියට බලපුවම ඔය පරීක්ෂන කරන අයගේ ගිනුමටත් ගානක් දැම්ම නම් වැඩේ නවතිනවා. (නදී).
මෙයා තවත් අනුලා බිසවක් වගේ. රාජ පුරුෂයෝත් නියම සෙට් එක.දෙන්න පුළුවන් ඉහළම දඬුවම දෙන්න ඕනෑ කට්ටියටම (නි)
මහේෂ්,ඔබ හොඳ අදහසක් ඉදිරිපත් කර තියෙනවා. (නදී)
ධම්මෝ හවේ රක්කති ධම්මචාරි (ස)
අර හෙලිකොප්ටරෙන් කන්දලම හොටෙල් එකට ගියපු නංගි කෝ .අනේ එයා ආවේ නැද්ද මෙයා බලන්නවත් . (අ)
මොනවද ඔට්ටු සාක්කි නෑ කියලා මේ නඩුව ඉල්ලලා අස් කර ගන්නවාමයි. මම බොරු උනොත් ඉර බස්නා හිරින් පායයි.(නදී)
මේ නඩුව ඉස්සරහට ගෙනියනවා කියන්නේ,අහිංසකයෙක් ගෙදර යන වැඩක්. (නි)
පොලිස් ස්ථානාදිපති කෙනෙකුගේ වැටුප සහ සෙබලෙකුගේ වැටුප බලන්න. මෙ රටේ වගකීමට, සේවයට, හෝ නිලයට නොවේ සලකන්නේ. කුඩම්මාගේ ලග ඉන්න පොලිස් කාරය සලකන හිගන්නියක් උනත් පිලිගන්නවා.(නදී)
මහේෂ්ගේ ප්‍රකාශය හරියටම හරි (නි)
ප්‍රේමය නම් රාගයෙන් තොර... කොච්චර සින්දු කිව්වත් වැඩක් නැහැ අපේ අය ගැන (නි)