
(අංජුල මහික වීරරත්න)
ආපදා තත්ත්වය නිසා විනාශ වූ ජන ජීවිත සහ ව්‍යාපාර නැවත සවිබල ගන්වන තුරු 2028 ණය ගෙවීම කල් දමා ගන්නා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
පවතින IMF ගිවිසුම වෙනස් කර ගන්නා ලෙස තමා කියු කතාව ජනාධිපතිවරයාට විහිලුවක් වූවාට එය සැබෑ යථාර්ථය බව විපක්ෂ නායකවරයා කීය.
ජනාධිපතිවරයා 'අනේ Please' යැයි නොකියා මේ අවස්ථාවේ සිදු කළ යුත්තේ IMF සහ ලෝකයේ රටවල් මූල්‍ය ආයතන සමඟ සාකච්ඡා කර ණය ගෙවීමට සහන ලබා ගැනීම බව විපක්ෂ නායකවරයා පැවසීය. මේ තත්ත්වය තුළ 2028 විදේශ ණය ගෙවීම යථාර්ථවාදී නොවන බව මූල්‍ය අරමුදලට පෙන්විය යුතු බවත් මේවා තමා කියන්නේ කුණාටුවට පෙර සිට බවත් ප්‍රේමදාස මහතා කීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ආපදාවෙන් විපතට පත් දොම්පේ ප්‍රදේශයේ මහා පරිමාණ කර්මාන්ත සම්බන්ධයෙන් සොයා බැලීමෙන් අනතුරුව මාධ්‍යයට ප්‍රකාශයක් කරමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සජිත් පුතා මොකද කලබල, සන්සුන්ව ඉන්න....
ආණ්ඩුව නිසි වෙලාවට අවස්‍ය පියවර ගනිවී. ළාමක ටින් ටින් ලගේ උපදෙස් ඕන වෙන එකක් නැහැ.
අනේ මන්ද, අලන්තර කයිෆුහ් කියල අලි මන්තරයක් මැතිරුවොත් මදි වෙයිද !!! !!!
හරි ඔයාගෙ කතාව කිව්වා. දැන් ඒක හර්ෂ ගේ සුවසැරිය වගේ කරගන්න එපා. මේ කතා කියන්නේ ලකුණු ටිකක් දාගන්න කියලයි අපිට හිතෙන්නේ. ඔයා තව ටිකක් තෙම්පරාදු වෙලා එන්න. තවම ලාබාල වැඩියි.
ඇත්ත
ඔබගේ අකමැත්තෙන් ලැබෙන උපදෙස් අපට අවශ්‍ය නැහැ. රජය තත්වය ඉතා හොඳින් හසුරුවනවා.
සජියෝ, උඹ පැහෙන්නේ නැතුව උඹේ වැඩක් බලාගෙන හිටපන්.
අනේ Please කිව්වහම කට වහගෙන ඉන්නවකෝ.
ඔයා විහිලු කාරයෙක් බව ඕනම ලමයෙක් දන්නවා.. දවසක් කිව්වෙ ඉස්සර කියපුවා ගනන් ගන්න ඒපා විහිලුවට කිව්වේ කියලා.. ඉතිං තමුන්ගේ වචන වලට තමුන්ම වග කියන්න බැරි ලොන්ත පොලොස් මිනිහෙක් කියන ඒවා ගණන් ගන්නේ පිස්සෝ
හොඳ අදහසක්
අනේ please කට වහගෙන ඉන්න , ඔක්කොටොම කලින් විපක්ෂ නායකකම බේරගන්න බලන්න ,අර ලිස්ට් එකෙන් රින්ගපු කෙනත් ඉන්නවා
ඔයා කලබල වෙන්න එපා. හොඳ ආණ්ඩුවක් තියෙනවා...
රජය දන්නව කල යුතු දේ, හැම දෙයකම හිල් හොයන කෙනෙකුගෙන් උපදෙස් ගන්න තරම් රජය මෝඩ නැ
ඒ ගොල්ලන් ඒක කරයි... එයාලගේ සිස්ටම් වෙනස්... කළින් ඔහෙලට වැඩිය.
අනේ සර් විහිලු නොකර ඉන්න ඔබතුමාලාට හිතන්නවත් බැරි දේවල් අනුර මේ වෙලාවේ කරනවා...
මේ, කාලකාන්නි ජේ වී පී කාරයෝ, මේ රට විනාශයෙන් විනාශයට රැගෙන ගියා මිසක් කරපු කිසි දෙයක් නෑ. සජිත් කියන්නේ බූරුවෙක්. 2028 වෙද්දි ණය ගෙවන්න තියා රට දුවන්න වත් ඔවුන්ට බැරිවෙනවා. ලෝකය ඉස්සරහට ගිහින් කට පුරා නායකයෙක් කියන්න පුළුවන් මිනිහෙක් මිසක් කයිවාරු කාරයෝ අපිට වැඩක් නෑ. ඩෝබිලාට දෙනවා දුවන්න ළඟදීම...
කට පියාගෙන ඉන්නා තුරු මෝඩයත්, පණ්ඩිතයෙක් කියලා අපේ ජන පිරුළක් තියෙනවා සජිත්...